කොරෝනා ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ අද (02) මෙරටින් හඳුනාගත් සමස්ථ ආසාදිතයින් ගණන 3099  දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයෙකු , කුවේට් සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සහ ඉන්දියාවේ සිට පැමිණි සිව්දෙනෙකු අද හඳුනාගත් ආසාදිතයින් 7 දෙනා අතර  වනබව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් මේ වනවිට ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 204 කි.

මේ වනවිට පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර 2883 දෙනෙකු සුවය ලබා පිටවගොස් ඇත.

No photo description available.