(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම හා බේරුවල ව්‍යාපාරික ස්ථාන හතකින් කොවිඩ් 19 ආසාදිතයින් 10 දෙනෙකු හමුවීම හේතුවෙන් එම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට කටයුතු කළ බව බේරුවල මහජන සෞඛ්‍යය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා අද (10)පෙරවරුවේ පැවසීය.
ඉකුත් 07 හා 08 දිනවල අළුත්ගම හා බේරුවල නගරවලදී සිදු කළ පී.සී. ආර්.පරීක්ෂණවල ප්‍රථිපලවලින් මෙම පිරිස ආසාදිතයින් බව තහවුරු කරගෙන ඇති අතර බේරුවල නගරයේ අවන්හල් දෙකකින් ආසාදිතයින් 04 ක් ද ,අලුත්ගම නගරයේ ව්‍යාපාරික ස්ථාන පහකින් ආසාදිතයින් 06 දෙනෙකුද හමුවී තිබේ.
එම ව්‍යාපාරික ස්ථානයන්හී සෙසු සේවක පිරිස් නීරෝධායනයට යොමුකර දින කිහිපයකින් පසු පී. සී. ආර්. පරීක්ෂණයට ලක් කරන බව සෞඛ්‍යය අංශ සහ අළුත්ගම , බේරුවල පොලිස් ස්ථානයන්හී කොවිඩ් 19 වැලැක්වීමේ පොලිස් ඒකක නිළධාරීන් පැවසීය.
COMMENTS
මේ ප්‍රදේශවල පන්සල්වල ආගමික උත්සව පැවැත්වුණා. සමහර දෙනාට තම දායකයන් හුදකලාවේ තබා මේ දරුණු වසංගතයෙන් ඔවුන් බේරාගැනීමට බුද්ධිමත් හරි හමන් සිතුවල්ලක් නැත්තේ ඒ දායකයන්ගේම අවාසනාවට බවයි පෙනීයන්නේ... ඇතැම් මහජන පරීක්ෂකවරුන් ලෙඩේ බෝවෙනකම් සිට පැමිණ වීරයන් සේ තදින් උපදෙස් දී නිරෝධායනය කොට යනවා. අගහිඟකම් ඇති මිනිසුන් ඔය නිරෝධායන නීති නිසා ගෙයි රැඳෙන්නේ නැහැ. බඩගින්න ඉවසා ගැනීමට නොහැකි තැන ඔවුන් හොරෙන් හෝ කඩවලට යනවා කෑම සඳහා මොනවාහරි ගන්න. අන්න ඒ පාර ලෙඩේ පැතිරෙනවා. පැතිරෙන කන් බලා ඉඳලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එනවා. මේ ක්‍රියාදාමය මෙසේ ඒකාකාරී විදිහට සිදුවෙමින් පවතිනවා. අලුත්ගම තැපැල් කාර්යාලය ඉදිරිපිට ඇති කොන්ක්‍රීට් කාණුවේ ජලය නොබසින්නේ එහි ඉදිකිරීම වටිනා ක්‍රමයකට සිදුකළ නිසයි. ප්‍රදේශයේ මදුරුවන් පිරිලා. පෙරදී ඩෙංගු හා බරවා බෝවුන මේ ප්‍රදේශයේ මිනිසුන් සිටිනවා. පැමිණිළි කිරීමෙන් පසු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැමිණියත්, තත්ත්වය පෙරසේමයි. මේ තීරයෙන් පෙරදී ඒ තත්ත්වය පෙන්වා දුන්නත්, ඒවා හෝ වගකිවයුතු අංශ දැක නැහැ. කරුමෙක මහත... !