(දෙනගම යසන්ත ආරියසේන)
කිරින්ද තැපැල් කාර්යාලයේ සේවිකාවකට කොවිඩ් 19 ආසාදිත බව හදුනා ගැනීමෙන් පසු ඇයගේ පළමුපෙල අශ්‍රිතයන් ලෙස එම කාර්යාලයේ නිලධාරින් සියළුම දෙනා හදුනාගැනීම හේතුවෙන් තැපැල් කාර්යාලය තාවකාලිකව වසා තැබීමට කටයුතු කල බව කිරින්ද පුහුල්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
කිරින්ද නගරය මූලික කරගෙන සිදුකළ ක්ෂනික ප්‍රතිදේහ පරීක්ෂාකිරීම්වලදී හෙටිටියාවල දකුණ ග්‍රාම නිලධාරි වසමේ පදිංචි කිරින්ද තැපැල් කාර්යාලයේ සේවිකාවකට මෙලෙස කොවිඩ් 19 ආසාදිත බවට හදුනාගෙන ඇති අතර ඇයගේ පළමු පෙල ආශ්‍රිතයන් වන තැපැල් සේවකයින් ස්වයං නිරෝධායනයට යොමුකිරීම හේතුවෙන් තැපැල් කාර්යාලය වසාතැබීමට සිදුවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.
COMMENTS