(පුෂ්පකුමාර ජයරත්න)
කුරුණෑගල මහ නගර සභාවේ සේවය කරන කම්කරු සේවකයින් වාසය කරන කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ සිදු කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණයකින් 54 දෙනකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇති බව කුරුණෑගල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ පවසයි.
මෙම අවදානම් තත්ත්වය සැලකිල්ලට ගෙන විල්ගොඩ ප්‍රදේශයට පිවිසෙන මාර්ග පද්ධතිය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
කම්කරු නිවාස පද්ධතිය ආශ්‍රිත ප්‍රදේශ තුළින් කොරෝනා ආසාදිතයින් කීප දෙනෙකු වාර්තා වීමෙන් පසුව සිදු කරන ලද අහඹු පරීක්ෂාවකදී මෙම ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වූ බව කුරුණෑගල මහ නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක උපතිස්ස විජේසිංහ මහතා ප්‍රකාශ කළේය.
තවත් තෝරාගත් 200 ක පිරිසක් අද (18) දිනයේ පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත බවද උපතිස්ස මහතා සඳහන් කළේය. පවතින තත්ත්වය හමුවේ මීට වඩා ආසාදිතයින් සංඛ්‍යාවක් එම ප්‍රදේශය ආශ්‍රිතව හමු විය හැකි බවට සැක කරයි.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කුරුණෑගල අහඹු පරික්ෂණයෙන් රෝගීන් 54ක්