
(එමි.කේ.නන්දසේන)
කතරගම ප්‍රදේශයෙන් රෝගියකු වාර්තා වීමෙන් කතරගම සෞඛ්‍යය නිලධාරි බලප්‍රදේශයේ පුද්ගලයන් 30 දෙනකු අතර සිදු කළ රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකදී රෝගීන් 08 දෙනකු සොයා ගැනීමට හැකිවූ බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.
පළාත් සංචරණ සීමා පනවා තිබියදී විශේෂයෙන් බස්නාහිර ඇතුළු විවිධ පළාත්වල සිට ඉකුත් දින කීපයතුළ පුද්ගලයන් විශාල වශයෙන් පැමිණ තිබීමත්, බොහෝ පිරිස් සෞඛ්‍යය උපදෙස් නොසලකා හැරීමත් නිසාවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් උද්ගතව පවතින අවදානම් තත්වය පිළිබඳව අවදානය යොමුකොට කතරගම ප්‍රදේශය නැවත වාරයක් ලොක්ඩවුන්කර නොගන්නා ලෙසද ප්‍රදේශවාසීන්ගෙන් කාරැණික ඉල්ලීමක් කළේය.
COMMENTS
කතරගම විතරක් නෙවේ සාපේක්ෂව රටේ බහුතර ප්‍රදේශ වල නිසි ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදුකලොත් තත්වය ඔය ප්‍රමානයට වඩා වැඩි වීමක් මිස අඩු වීමක් දකින්න ලැබෙන එකක් නෑ.ඇදිරි නීතිය කියලා දෙයක් තියෙනවා කීව කාලේ වෙච්ච දේවල් අනුව මීට වඩා වෙනස් දෙයක් වෙන්න පුලුවන් ද?
කතරගම පමණක් නොවේ. කඨින පිංකම් සමයේ රටපුරාම කොරෝනා අවදානමක් තිබෙනවා. අතින් අත යන මල්වට්ටිය, පැන් කලය වුණත් හොඳටම ඇති කොරෝනා වෛරසයට...
ආගමික ස්ථානවලින් උදේ, සවස කරන ලවුඩ්ස්පීකර් හිරිහැරයට පිළියමක් නැද්ද? අවට ගෙවල්වල කුඩා දරුවන්.., වැඩිහිටියන් හරියට පීඩා විඳිනවා..
2021 අප්‍රේල් මාසයේ කොරෝනා ව්‍යාප්ත වුනේ සංචරණ සීමා නොමැති නිසා... අද කතරගමට වුනෙත් මේකයි. පළාත් මායිම්වල පොලිසිය හිටියට වැඩක් නෑ. හැම වාහනයක්ම චෙක් කරන්නේ නෑ. දැන් රට පුරා තියෙන්නේ මෙවැනි තත්ත්වයක්... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...