IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනාකා ප්‍රතිඵල සතුටුදායකයි

ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත සම්බන්ධයෙන් මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් අද (23) ප්‍රකාශ කළාය.

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අප ධෛර්යට පත් කරන්නක්. පසුගිය සති කිහිපයේදී අපට මේ වගේ බලාපොරොත්තු ඇති කරන පුවත් කිහිපයක්ම වාර්තා වුණා. දැරිය හැකි මිලකට සහ පහසුවෙන් ගබඩා කළ හැකි අයුරින් මේ එන්නත නිෂ්පාදනය කිරීමට ඔක්ෆ්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම ගත් වෙහෙසට අපි කෘතඥ වෙනවා” යැයි රොයිටර්ස් පුවත් සේවයට නිවේදනයක් නිකුත් කරමින් සෞම්‍යා ස්වාමිනාදන් සඳහන් කළාය.

“මේ පුවත සුබදායක ආරංචියක්. සෑම රටකටම හැමතැනම ඉන්න ජනතාවට මෙය ඉතා වැදගත්” යැයි සෞම්‍යා ස්වාමිනාදන් කීවාය.

සිය ‘කොවිඩ්-19’ එන්නත සියයට 90ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇතැයි ඇස්ට්‍රා සෙනෙකා සමාගම අද (23) නිවේදනය කළේය.

මෙයත් සමඟම ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය පරාජය කිරීමේ ලෝක සටනට තවත් ආයුධයක් එක්වන බව විදෙස් මාධ්‍ය අද වාර්තා කර තිබිණි.

ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම එක්ව නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ එන්නත ෆයිසර් සහ මොඩර්නා සමාගම්වල එන්නතට වඩා මිලෙන් අඩු බවත්, පහසුවෙන් බෙදාහැරිය හැකි බවත් පහසුවෙන් ගබඩා කළ හැකි බවත් පැවසේ.

රොයිටර්ස්

055



අදහස් (2)

ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රා සෙනාකා ප්‍රතිඵල සතුටුදායකයි

vikum Tuesday, 24 November 2020 03:07 AM

කොවිඩි පරාජය කිරීමේ අරමුදලක් පිහිටුවීම රජයේ නව බලාපොරොත්තුව නොවේවිද?

:       0       1

banda Tuesday, 24 November 2020 08:46 AM

අපේ සුදර්ශන පැණිය මිලෙන් අඩු වගේම පහසුවෙන් ගබඩා කරන්න පුළුවන්.... අපිට හොඳයි අපේ පැණිය...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 214 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site