( ප්‍රසංග පෙරේරා)
ඒකල කර්මාන්ත ශාලාවක කරනු ලැබූ පී සී ආර් පරීක්ෂාවකදී කොවිඩ් 19 ආසාදිතයන් 39 දෙනෙකු සොයා ගත් බව ජා-ඇල ප්‍රාදේශීය සභා පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා කීවේය.
ඊයේ(28)) මෙම කර්මාන්ත ශාලාවේ දීපී සී ආර් පරීක්ෂණ 133ක් සිදු කර ඇති අතර අද (29 ) ඔවුනගෙන් 39 දෙනකු කොවිඩ් 19 ආසාදනය වුවන් බව සෞඛ්‍ය අංශ තහවුරු කර ගත් බව විජේසිංහ මහතා පැවසීය.
එම ආසාධිතයන්ගෙන් බහුතරය ජා-ඇල ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයේ හා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන්ද මෙම ආසාධිතයන් අතර සිටින බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.
විශේෂයෙන් ප්‍රදේශයේ පුද්ගලයන් තම සංචරණ කටයුතු සීමා නොකර නත්තල් උත්සව සමයේ සාද පවත්වමින් කටයුතු කිරීම මෙම තත්ත්වය ව්‍යාප්ත වීමට හේතුවක් වු බවත් මේ නිසා ප්‍රදේශයක් ලෙස ජනතාව මීට වඩා සැලකිලිමත් ව කටයුතු නොකලහොත් ජන ජීවිතය වඩාත් පීඩාකාරී වනු ඇතැයිද ජා-ඇල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. ඩබ්ලිව්. එම්. වයි. විජේසිංහ මහතා වැඩිදුරටත් කීවේය.
2025 නොවැම්බර් මස 21
92
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
181
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1044
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඒකල කර්මාන්ත ශාලාවක 39 දෙනකුට කොවිඩ්