
ඉරිදා (3 වැනිදා) දිවයිනට පැමිණීමෙන් අනතුරුව හම්බන්තොට ගුවන්තොටුපළේදී සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මුයින් අලී කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
නිරෝධායනය පිළිබඳ ශ්‍රී ලංකා රජයේ නීති රෙගුලාසි වලට අනුව මේ වන විට අලී දින 10 ක ස්වයං නිරෝධායන කාලයකට යොමුකර ඇත. පසුගිය දිනවලදී අලී ඉතා සමීපව ඇසුරු කළ ක්‍රිස් වෝක්ස්ටද දින 7 ක නිරෝධායන කාල සීමාවක් නියම කර ඇති අතර ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා යොමුකර ඇත.
මෙම සිදුවීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ සියලුම සාමාජිකයන් සහ නිලධාරීන් හෙට (5 වැනිදා) දෙවැනි වරටත් පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමට නියමිතය.
ටෙස්ට් තරග 2 කට සහභාගි වීම සඳහා දිවයිනට පැමිණි එංගලන්ත කණ්ඩායම අනිද්දා (6 වැනිදා) සිය පළමු පුහුණු සැසිය ආරම්භ කිරීමට සූදානමින් සිටියේය.
036
COMMENTS
මොනවටද බය වෙන්නේ? අපේ පැණිය දීලා මෙයාව සුව කරන්න පුළුවන්නේ.
මෙයාට නම් මෙහෙදී මැරෙන්න නම් දෙන්න එපා. අර බ්‍රිතාන්‍යෙය් ඉන්න සුද්දොත් උඩදාගෙන නටයි, ආදාහනය කරන්න එපා එපා කියලා...
මෙයාට හැදිලා තියෙන්නෙ එංගලන්තෙ පැතිරෙන නව ප්‍රභේදයද?