IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


එංගලන්තයට දැඩි සීමා

එංගලන්තයේ දකුණු හා නැගෙනහිර ප්‍රදේශවල සහ ලන්ඩන් නුවර වැසියන්ට, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ‘නිවසේ රැඳි සිටීමේ’ නියෝගයක් නිකුත් කළේය.

මේ සමඟ එංගලන්ත වැසියන්ගේ නත්තල සැමරීමේ බලාපොරොත්තු රැසක් බිඳ වැටෙනු ඇතැයි ද බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය තුළ මේ වනවිට ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් පැතිර යමින් තිබෙන බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

නව කොරෝනා වයිරසය හේතුවෙන් පනවා තිබෙන සීමා මධ්‍යයේ ජනතාවට නත්තල සැමරීමට අවස්ථාව දෙන බවත් නත්තල අවලංගු කිරීම ‘අමානුෂීය’ බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මීට දින කිහිපයකට පෙර පැවැසීය.
ඒ අනුව “බුබුළු” සැලසුම් යටතේ උත්සව සැමරීමටත් පවුලේ සාමාජිකයන් සහ සීමිත අසල්වැසියන් කිහිපදෙනකුට පමණක් එක්ව නත්තල සැමරිය හැකි බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා එම අවස්ථාවේදී පැවැසීය.

කෙසේ නමුත් දිනෙන් දින වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ වැඩිවීමත් සමඟ සිවුවැනි මට්ටමේ දැඩි සීමා පැනවීමට
සිදුවන බව මාධ්‍ය හමුවක් කැඳවමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

ඒ අනුව නත්තලට වෙනත් ප්‍රදේශයක ජීවත්වන පවුලකට තවත් ප්‍රදේශයක සිටින පවුලක් හා එක්වීමට නොහැකි වන අතර නත්තල් දිනයේදී එනම් දෙසැම්බර් 25 වැනිදා දීර්ඝ සංචාරවල නොයැදෙන ලෙස ද සෞඛ්‍ය බලධාරීන් උපදෙස් දී ඇත.

ස්කොට්ලන්ත සහ වේල්සයේ ආණ්ඩුවලට ද මේ සම්බන්ධයෙන් දැනුම් දීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන් ද නත්තල අදාළව වෙනමම සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශ සහ සීමා නිවේදනය කිරීමට නියමිත ය.

 

(ද ගාඩියන් ඇසුරිනි)

055



අදහස් (0)

එංගලන්තයට දැඩි සීමා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site