
ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර වෛද්‍ය උපදෙස් මත වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු රෝහල් ගත කර ඇත.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සමීපතමයකු වන අමිත් ෂා ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය පක්ෂයේ නායකයා ද වේ.
ඉන්දියාව තුළ නව කොරෝනා වයිරසය පැතිර යෑම පාලනය කිරීම සහ ඒ සම්බන්ධයෙන් සියලු තීන්දු තීරණ ගනු ලැබුවේද අමිත් ෂා අමාත්‍ය ධුරය හොබවන ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසිනි.
මේ වනවිට නව කොරෝනා වයිරස වසංගතයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති තෙවැනි රට වන්නේ අසල්වැසි ඉන්දියාවයි. ඇමෙරිකා එක්සත් ජනපදය සහ බ්‍රසීලයට පසු ඉන්දියාවෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.7 ඉක්මවයි. එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 36,500කි.
“පසුගිය දින කිහිපයේ මා අසළට පැමිණි මා සමඟ සිටි සියලු දෙනා හුදෙකලා වී ස්වයං-නිරෝධායනය වෙන්න. වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කරගන්න” තමාට කෝවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතැයි සඳහන් කරමින් අමිත් ෂා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ එලෙස දැක්විණි.
‘කොවිඩ්-19’ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා අමිත් ෂා, වයිරසය ආසාදනය වී ඇත්දැයි බලන පරීක්ෂණකයකට යොමු වී ඇත. අමිත් ෂා 55 වැනි වියේ පසුවෙයි. “මගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා හොඳයි. එහෙත් වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මා රෝහල් ගත වුණා” යැයි අමිත් ෂා කීය.
අමිත් ෂා අවසන් වරට අග්‍රාමාත්‍ය මෝදි මුණ ගැසුණේ කවදාදැයි විමසූ අවස්ථාවේදී ඒ සම්බන්ධයෙන් තමාට නිශ්චිතව කිව නොහැකි යැයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක කීය.
රොයිටර්
055
2025 නොවැම්බර් මස 21
43
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
149
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1004
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ඉන්දියාවේ ස්වදේශ කටයුතු ඇමැතිට කොරෝනා