IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඉන්දියාවෙන් සතියකදී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 5 ක්

 

ඉකුත් සතියේ දී ලොව වැඩිම කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉන්දියාවෙන් යැයි ද එම ගණන ලක්ෂ පහකට ආසන්න යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වූ එම ආසාදිතයන්ගේ ගණනත් සමඟ ගෝලීය නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 1% ඉහළ ගොස් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

කෙසේ නමුත් කලින් සතිය හා සැසඳීමේදී පසුගිය සතියක කාලයේ දී ගෝලීයව වාර්තා වූ නව කොරෝනා වයිරස මරණ ගණන 3%කින් අඩු වී ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එසේ වුවද පෙර සතිය හා සැසඳීමේදී ගෝලීයව වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 1.8කින් ඉහළ ගොස් තිබේ.

ඇමෙරිකානු කලාපය තුළ ද නව කොරෝනා වයිරසය තවමත් වේගයෙන් පැතිර යමින් තිබෙන අතර ලොවපුරා වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් සහ නව කොරෝනා වයිරස මරණවලින් හරි අඩකට වඩා වාර්තා වන්නේ ද ඇමෙරිකානු කලාපයෙනි. කෙසේ නමුත් එම කලාපයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ සහ වයිරස ආසාදිත මරණවල අඩුවක් දක්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

පේරු, මෙක්සිකෝ, කොලොම්බියා සහ ආර්ජන්ටිනාව යන රටවලින් ආසාදිතයන් වාර්තා වීමේ වැඩිවීමක් දක්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

අගෝස්තු 30 වැනි දිනෙන් අවසන් වූ සතියේ දී යුරෝපයෙන් වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤය, රුසියාව, ප්‍රංශය සහ යුක්රේනය යන රටවලිනි. ඉකුත් මාර්තු සහ අප්‍රේල් මාසවලදී මෙන් ස්පාඤ්ඤයෙන් ආසාදිතයන් වාර්තා වීමේ ශීඝ්‍ර වැඩිවීමක් දක්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. පසුගිය සතියේදී ඉතාලියෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වීමේ 85% ක වර්ධනයක් පෙන්නුම් කරන්නේ යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

කලින් සතිය හා සැසඳීමේදී අග්නිදිග ආසියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩි වී තිබෙන අතර ඊට හේතු වී ඇත්තේ ඉන්දියාවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වැඩිවීම යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවලට අනුව පසුගිය දින හතක කාලයේ දී ඉන්දියාවෙන් වයිරස ආසාදිතයන් 500,000ක් ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති අතර එය ඊට පෙර සතිය හා සැසඳීමේදී 9% වර්ධනයකි. සතියක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන මෙය යැයි ද පැවසේ.

 

අප්‍රිකානු කලාපයේ ද ආසාදිතයන් වාර්තා වීමේ යම් වර්ධනයක් දක්නට ඇතැයි ද ඉකුත් සතියක කාලයේදී ඉතියෝපියාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. අප්‍රිකානු කලාපයේ වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන රට බවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු කලාපයයි. ලොව පස්වැනියට වැඩිම වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද අප්‍රිකාවෙනි. එරටින් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණනේ අඩුවක් පෙනෙන්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

මීට පෙර වයිරසය වේගයෙන් පැතිර යමින් තිබූ ඝානාවල කෙන්යාවල ගැබෝන් සහ මැඩගස්කරය යන රටවලින් පසුගිය සතියේ දී ආසාදිතයන් වාර්තා වීමේ අඩුවක් දක්නට ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. කෙසේ නමුත් වාර්තා වන ගණන් සම්බන්ධයෙන් නැවත වරක් විමසා බැලිය යුතු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

නැගෙනහිර මධ්‍යධරණී කලාපයෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන්වල උස් පහත් වීම් ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි. එම කලාපයෙන් පසුගිය සතියක කාලයේ දී වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ඉරාකය, ඉරානය, මොරොක්කෝව, සෞදි අරාබිය සහ කුවෙට් යන රටවලිනි.

ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට ගත් කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය මේ වනවිට ලොවපුරා මිලියන 25.44 දෙනකුට ආසාදනය වී ඇත. ගෝලීයව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 847,965කි.

 

රොයිටර්

055



අදහස් (0)

ඉන්දියාවෙන් සතියකදී කොරෝනා ආසාදිතයන් ලක්ෂ 5 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 338 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 427 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 397 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site