
කොරෝනා වයිරස් ආසාදිතයන් සම්බන්ධයෙන් ඉන්දියාව දිනපතාම සිය වාර්තා පොත අලුත් කරන තත්ත්වයක් ඇතිවී තිබේ. අද (ඉරිදා) මධ්‍යාහ්නය වන විට පැය 24 ක් ඇතුළතදී ඉන්දියාවෙන් වාර්තාවූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 38,902 ක් වි තිබේ. එය මේ දක්වා පැය 24 ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තාව වූ වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවයි. මෙම පැය 24 ක කාලය තුල සිදුවූ කොරෝනා මරණ සංඛ්‍යාව 543 කි.
රජය දැඩි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගෙන තිබියදීත්,
ජනතාව වගකිවයුතු ලෙස හැසිරෙන්නේ නම් මෙම තත්ත්වයේ උපරිමය සැප්තැම්බර් මැද භාගයේදී තරම සිදුවිය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.
ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍යාංශයට අනුව ඉන්දියාවේ මේ වන විට වාර්තා වී ඇති කොරෝනා රෝගීන් සංඛ්‍යාව 10,77,618 කි. මේ දක්වා මියගොස් ඇති සංඛ්‍යව 26,816 කි.
කොරෝනා රෝගීන්ගේ වැඩිවීමක් ද ඓතිහාසික ටජ් මහල් ප්‍රාසාදය පිහිටි අග්‍රාහි ද දක්නට ලැබේ. දිල්ලියේ අලුත් රෝගීන් 1,475 ක් වාර්තා වූ අතර දිල්ලියේ සිටින සම්පූර්ණ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 121,582 කි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd