ඉකුත් ජූනි මාසයේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 14 කින් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන දෙගුණ වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
ඇරිසෝනා ප්‍රාන්තයෙන් පසුගිය ජූනි මාසයේදී වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊට පෙර මාසය හා සැසඳීමේදී සියයට 294කින් වැඩි වී ඇත. සවුත් කැරෝලිනා ප්‍රාන්තය සියයට 200ක වැඩි වීමක් සහ අර්කන්සා ප්‍රාන්තය සියයට 179ක වැඩි වීමක් පෙන්නුම් කර ඇත.
පසුගිය සතියේදී ඇමෙරිකාවෙන් වාර්තා වූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගෙන් වැඩිම ගණනක් වාර්තා වී ඇත්තේ ඇරිසෝනා ප්‍රාන්තයෙනි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 24කි.
නව ආසාදිතයන්ගේ වාර්තා වීමේ වේගය සියයට 5ක් නම් එය සැලකිය යුතු තත්ත්වයක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි. එසේ බලනවිට ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයෙන් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන එම ප්‍රතිශතය ද ඉක්මවා ගොස් ඇති අතර ලෝක සෞඛ්‍ය ප්‍රතිශතය මෙන්ම සිව් ගුණයකටත් වඩා වැඩිය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd