IMG-LOGO

2024 ජුනි මස 22 වන සෙනසුරාදා


ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 පනී

ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 250,000 පසුකර තිබේ.

ලොවපුරා වැඩිම ආසාදන හා මරණ ඇමරිකාවෙන් වාර්තාවන අතර ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව අද (19) උදෑසන වනවිට ඇමරිකාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 256,218කි. මේ වනවිට ඇමරිකාවෙන් කොරෝනා ආසාදිත රෝගීන් මිලියන 11.8ක් වාර්තා වී තිබේ.

ඇමරිකාව පුරා යළිත් දෛනික ආසාදන සීඝ්‍රයෙන් ඉහළ යෑමට පටන්ගෙන ඇත.
එළඹෙන ශීත කාලගුණයත් සමග රෝගය ව්‍යාප්ත වීම තවත් වැඩිවිය හැකි බවට එරට වසංගත විද්‍යා අංශය අනතුරු අඟවා තිබේ.

කොරෝනා පළමු රැල්ලේදී ඇමරිකාවේ වයිරස ව්‍යාප්තියේ කේන්ද්‍රස්ථානය වූ නිව්යෝර්ක් නගරයේ නැවතත් ආසාදිතයන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි බලධාරීහු පෙන්වා දෙති. ඒ හේතුවෙන් බ්‍රහස්පතින්දා(20) සිට නගරයේ පාසැල් වසා දැමීමට ද නියෝග කෙරිණ.

ඇමරිකාවේ බෝවන රෝග අංශයේ ප්‍රධාන වෛද්‍යවරයෙකු වන ඇන්තනි ෆවුචි මහතා පවසා සිටියේ කොරෝනා  සම්බන්ධව මේවනවිට රට ඉතාමත් අස්ථාවර තත්ත්වයකට පත්ව ඇති බවයි. වයිරසය පාලනය සම්බන්ධයෙන් ඇමරිකාව වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බවත් ආසාදිතයන් වැඩිවීම පාලනය කර නොගන්නේ නම් මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයෑම වලක්වාගත නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.

"මෙය ඉතා බරපතල තත්ත්වයක්, අප සිටින්නේ ඉතා දුෂ්කර තත්ත්වයක, සෞඛ්‍ය රීතීන් දැඩිව අනුගමනය කළ යුතුයි, එන්නතකින් උදව් ලැබෙන තුරු තවත් ටික කාලයක් අල්ලාගෙන සිටිය යුතුයි" යනුවෙන් ෆවුචි මහතා පැවසීය.

ඇන්තනි ෆවුචි මහතා මාර්තු මස අග භාගයේදී අනාවැකි පළකරමින් කියා තිබුණේ වයිරසය හේතුවෙන් ඇමරිකාවේ 200,000ක් පමණ මියයෑමට ඉඩ ඇති අතර තවත් මිලියන ගණනකට වයිරසය ආසාදනය වියහැකි බවයි.

(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (0)

ඇමරිකාවේ කොරෝනා මරණ 250,000 පනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සිසුවියට හදි කළ තරුණයන් පහ අත්අඩංගුවට
2024 ජුනි මස 22 990 4

හංවැල්ල ඇඹුල්ගම ප්‍රදේශයේ දී 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කල බව කියන තරුණයින් පස් දෙනෙකු අද (22) දින අත් අඩංගුවට ගත් බව නුගේ


සංවර්ධන ගමන ඉන්දියාව එක්ක හවුලේ යනවා
2024 ජුනි මස 22 264 4

ශ්‍රී ලංකාවේ සංවර්ධන ඉලක්ක ඉටු කර ගැනීමේදී ඉන්දියාව සමඟ මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පක්ෂයට නඩු දාපු ෆොන්සේකාට කතා දෙන්න බෑ
2024 ජුනි මස 22 1081 8

පක්ෂයට නඩු දාපු කෙනෙකුට නායකත්වය විවේචනය කරන අයකුට පාර්ලිමේන්තුවේ කාලය දෙන්නේ කෙසේදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු


ආයතන විස්සක දත්ත පද්ධති මැකිලා
2024 ජුනි මස 22 725 9

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතන විස්සක පමණ රුපියල් කෝටි ගණනක වියදමින් ස්ථාපනය කරනු ලැබ ඇති දත්ත පද්ධති මේ වනවිට ආකර්මණ්‍ය තත්වයේ පවතින


බැසිල් ජනපති ඉදිරියේ ප්‍රසන්නට දෙහි කපයි
2024 ජුනි මස 22 2528 12

ඉදිරි කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ අතර පැවති සාකච්ඡාවකදී රාජපක්ෂ මහතා අමාත්‍ය ප්‍රසන්න රණතුංග


වැස්සත් වැඩි වේ: මුහුදත් රළු වේ
2024 ජුනි මස 22 396 0

බස්නාහිර, සබරගමුව, සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 117 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1408 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3174 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site