
ඇමෙරිකානු කලාපය තුළ නව කොරෝනා වයිරස වසංගතය පැතිර යෑමේ අඩුවක් දක්නට නැතැයි "පෑන් ඇමෙරිකන්" සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි .
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රසීලය යන රටවලට අමතරව බොලීවියාව, ඉක්වදෝරය, කොලොම්බියාව සහ පේරු යන රටවලින් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන ද වේගයෙන් ඉහළ යන බව එම සංසංවිධානය පෙන්වාදෙයි.
"පෑන් ඇමෙරිකන්" සෞඛ්‍ය සංවිධානය ඇමෙරිකානු කලාපයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ස්ථාපිත කළ සංවිධානයකි. එහි මූලස්ථානය ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් අගනුවර පිහිටා ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයට ද අනුබද්ධ මෙම සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ , ඇමෙරිකානු කලාපය සඳහා වන කලාපීය ශාඛාව ලෙස ද කටයුතු කරයි.
මධ්‍යම ඇමෙරිකානු කලාපයේ රටවල්වලින් දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩිවෙමින් තිබෙනවා එම සංවිධානය පෙන්වාදෙයි .
නව කොරෝනා වයිරස වසංගතය ලොවපුරා පැතිර යෑම ආරම්භ වීමත් සමඟ ඇමෙරිකානු කලාපයෙන් වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වී ඇත්තේ ද පසුගිය සතියක කාලයේදී ය.
ඇමෙරිකානු කලාපය තුළ බෝවන රෝග පැතිර යෑමේ දැඩි අවදානමත් කලක් තිස්සේ පවතින රෝගී තත්ත්ව (නිදන්ගත රෝගී තත්ත්ව) නිසාත් පුද්ගලයන් 10 දෙනකුගෙන් තිදෙනෙකුට වයිරසය ආසාදනය වීමේ දැඩි අවදානමක් තිබෙනවා.
ඒ අනුව, එනම් මිලියන 325 කට වයිරසය ආසාදනය වීමේ දැඩි අවදානමක් ඇතැයි එම සංවිධානය පෙන්වාදෙයි.
රොයිටර්
056
2025 දෙසැම්බර් මස 30
63
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
‘ඇමෙරිකානු කලාපය තුළ වයිරසය පැතිර යෑමේ අඩුවක් නෑ‘