කොරෝනා වයිරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 428 දෙනෙකු සුවය ලබා අද (23) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයින් ගණන 14,497 කි.

වයිරසය ආසාදනය වී රෝහල්ගතව සිටින පිරිස 5587ක් ප්‍රතිකාර ලබති.

මේ වන විට කොරෝනා වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව 20,171 කි. වයිරසයෙන් පුද්ගලයන් 87 දෙනෙකු මිය ගොස් තිබේ..