IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ආගරපතන ප්‍රා.සභාපතිට කොරෝනා


 (ශාන්ත චන්ද්‍රසිරි)
 
තලවකැලේ, ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වයිරසය ආසාදිතව ඇති බවට හඳුනාගෙන ඇතැයි ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා පැවැසීය.
 
ආගරපතන, ඇල්බියන් වත්තේ තෝන්ෆීල්ඩ් කොටසේ මංගල උත්සවයකට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් වයිරසය ආසාදිතව ඇති බවට මීට පෙර හඳුනාගෙන ඇති අතර එම මංගල උත්සවයට  මෙම සභාපතිවරයාද සහභාගිවී තිබිණි. මේ හේතුවෙන් ඔහුට කරන ලද  පී. සී. ආර්. පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතව ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ.
 
මෙම සභාපතිවරයා මැති ඇමැතිවරු හා ප්‍රාදේශීය දේශපාලඥයන් සහභාගි වු ප්‍රධාන දේශපාලන රැස්වීම් කීපයකටද ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවත්, සභාපතිවරයා පසුගිය දිනවල ගොස් ඇති ස්ථාන හා සමීප සබඳතා පැවැත් වු පිරිස් සොයා විශේෂ විමර්ශනයක් මේ වනවිට සිදු කරමින් පවතින බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා කීය.
 
කොවිඩ් ආසාදිත සභාපතිවරයා කොව්ඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට අද  (21) පියවර ගෙන ඇති බවද ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.



අදහස් (1)

ආගරපතන ප්‍රා.සභාපතිට කොරෝනා

sharm warn Tuesday, 22 December 2020 10:17 AM

මෙයා එක්ක රැස්වීමකට රාජපක්ෂ කෙනෙකුත් ඉඳලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 497 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 260 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site