මාර්තු 1වැනිදා සිට අවුරුදු 30 සිට 60 දක්වා වයස්වල සිටින සියලු පුරවැසියන්ට කොරෝනා මර්දන එන්නත ලබාදෙන බව වසංගත හා කොවිඩ් රෝග පාලන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මේ සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 4,000ක් සූදානම් කර ඇති බවද ඇය කියා සිටියාය.
දිනපතා මධ්‍යස්ථාන 2,000ක් ඒ සඳහා ක්‍රියාත්මක වනු ඇති බවත්, ඒ සෑම මධ්‍යස්ථානයකින්ම පුද්ගලයන් 300කට පමණ එන්නත ලබාදෙන බවත් රාජ්‍ය ඇමැතිනිය සඳහන් කළාය.
එන්නත ලබාදීමේදී ප්‍රමුඛස්ථානය ගත යුතු පිරිස ගැන විශේෂයෙන් සොයාබලන බවද, මේ දක්වා කොරෝනා මර්දන එන්නත් 160,000කට පමණ ලබාදී ඇති බවද, ඔවුන්ගෙන් කිසිවෙකුට මේ දක්වා ප්‍රබල ලෙස අතුරු ආබාධ හටගෙන නොමැති බවද ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
කොරෝනා මර්දන එන්නතින් සාමාන්‍ය වශයෙන් අතුරු ආබාධ ඇති විය හැකි බවත්, එසේවන්නේ ශරීරය ඊට ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
(16844)
COMMENTS