
(බන්දුල ඉලේපෙරුම)
ශ්‍රී ලංකාවේ දැනට පවතින අපරාධ නීතිය, සිවිල් නීතිය, සහ වාණිජ නීතිය ප්‍රතිසංස්කරණයට අදාළ පූර්ණකාලීන අනු කමිටු 3 ක් මේ වන විට ක්‍රියාත්මක වන බවත්, තවත් විශේෂඥ කමිටුවක් මගින් නව ව්‍යවස්ථාව කෙටුම්පත්කරන බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවති අධිකරණ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පැවසීය.
මේ අනුව සමස්ත අධිකරණ පද්ධතියේම විශාල ප්‍රතිසංස්කරණයක් සිදුවෙමින් පවතින බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කමිටුව අමතමින් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් සහ හිටපු මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු ටිකිරි කේ. ජයතිලක මහතා කියා සිටියේ පුද්ගලයෙකු අපරාධකරුවකු ලෙස නම් කිරීම වෙනුවට වගකිවයුතු පුරවැසියෙකු ලෙස සමාජගත කිරීම සදහා අපරාධ නීතිය සහ යුක්තිය පිළිබඳ සංකල්පය සමග බැඳී ඇති ප්‍රජා මූලික විශෝධනය වැදගත්වන බවයි.
මෙම පරමාර්ථය උපදේශක කමිටුවට ස්ථර දෙකක් හරහා කළ හැකි බව සහකාර මහලේකම්වරයා පෙන්වා දුන්නේය. පළමුවැන්න අවශ්‍ය ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹවීම සඳහා දේශපාලන නායකත්වය ඇතුළත් දේශපාලන ස්ථරය බවත් දෙවන ස්ථරයට විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිලධාරීන් සහ වෘත්තිකයන් ඇතුළත් වන අතර අදාළ ප්‍රතිසංස්කරණ සඳහා ඔවුන්ගේ විශේෂඥ දැනුම ලබාගත හැකි බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
මෙහිදී අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, වඩාත් අර්ථාන්විත ප්‍රතිළුලයක් උදෙසා තීරණ ගැනීමේ ක්‍රියාවලියට දායක වීමට කැමති සියලු දෙනා සම්බන්ධ කර ගැනීම අමාත්‍යාංශයේ අරමුණ බවයි.
බන්ධනාගාරවල රැඳවුවන් සඳහා ධාරිතාව 11,000 ක් පමණ වුවද කොවිඩ් වසංගතය ඇතිවීමට පෙර සහ සාමාන්‍ය තත්වයන් යටතේ දළ වශයෙන් 30,000 - 33,000 අතර සංඛ්‍යාවක් දක්වා බන්ධනාගාරවල සිටි බවත් බහුතරය රිමාන්ඩ් සිරකරුවන් පමණක් වන අතර, වැරදිකරුවන් වන්නේ ආසන්න වශයෙන් 8000 ක් පමණක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.
එසේම රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින 90% ක් හෝ ඊට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් මිස මත්ද්‍රව්‍යවලට සම්බන්ධ අපරාධකරුවන් නොවන බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.
2025 නොවැම්බර් මස 04
282
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2118
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1611
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අපරාධ - සිවිල් - වාණිජ නීති ප්‍රතිසංස්කරණයේ
සමිත සේනක අලුත්ගමගේ. Thursday, 11 February 2021 01:40 PM
අන්න හොඳයි අමතිතුමෝ... වැඩේ නියමයි.. ඒ එක්කම චොකා මල්ලීවත් නිදොස්කොට නිර්දෝෂ කරන්න. මන්ත්‍රීවරුත් ඉල්ලීම් අත්සන් කර තිබෙන නිසා එය කිරීමත් සාධාරණයි වගේ... ඔබතුමා එදා නඩු වෙනුවෙන් පෙනී සිටි කෙනා නිසා මේ ඇමැතිකම ලැබුණා. තව තව අය බේරුවාම ඉදිරිකාලයේදී තවතව දේවල් ලැබේවි. බොහොම හොඳයි. ඔහොම්ම යන්... කාටද ආඩම්බර නේද?
Gihan Friday, 12 February 2021 12:16 AM
ඇයි මුස්ලිම් විවාහ නීතිය, කාති උසාවි වෙනස් කරන්නේ නැත්ද? අයියෝ 69 ඔයාලගේ බලාපොරොත්තුවලට මොකද වෙන්නේ? පව් අප්පා..
Nuwan Friday, 12 February 2021 06:58 AM
ශරියා නීති ප්‍රකාර විදිහට අනුකූල වෙන්න ඇති...!!!