(දයාරත්න ඇඹෝගම)
කැබිතිගොල්ලෑවේ සහ තලාවේ පිහිටි පුද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලා දෙකකින් කොරෝනා ආසාධිත සේවක සේවිකාවන් පනස් දෙදෙනකු අද දින වාර්තාවි ඇතැයි අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා පවසයි.
කැබිතිගොල්ලෑවේ පිහිටි පුද්ගලික ඇගලුම් කම්හලකින් සේවක සේවිකාවන් 42 දෙදෙනෙකුට ද තලාව පිහිටි ඇගලුම් කම්හලකින් 10 දෙනෙකුට ද කොරෝනා රෝගය වැළදි තිබේ.
එම රෝගීන් ගලෙන්බිදුණුවැව,වහමල්ගොල්ලෑව යන ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමකළ බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් 80 ක් පමණ දෙනා නිරෝධායනයට ලක්කොට ඇත් බවද වෛද්‍ය ආර්.එම්.එස්.බි.රත්නායක මහතා මෙහිදි පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd