කොරෝනා වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 431 දෙනෙකු අද (27) හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 10.05 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 742  කි.

එම පොකුරු වලින් මේ දක්වා ආසාදිතයන් 56,778 ක් වාර්තා වී තිබේ.