IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අකුරැස්ස නිල්වලා විද්‍යා පීඨය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

 

(එස්.ඩී. කොඩිකාර)

මෙතෙක්  නිරෝධාන මධ්‍යස්ථානයක් ලෙස පැවති අකුරැස්ස, විල්පිට නිල්වලා ජාතික විද්‍යාපීඨය ඉදිරියේදී කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි  සෞඛ්‍ය අංශ පවසයි.


මේ හේතුවෙන් එහි නිරෝධායනය වෙමින් සිටි 310 දෙනෙකු නිරෝධාන කාලය අවසන් කර  නිවෙස් බලා පිටත් කර හැරීමට යුද හමුදාව  අද (01) කටයුතු කර තිබුණි. එම පිරිසගේ පී.සී.ආර් .පරීක්ෂණ ඉකුත් (28) වන දින කළ අතර ඔවුන්ගෙන් 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් බව එම වාර්තා වලින් ඊයේ  (31)  තහවුරු වී ඇත. ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල් සදහා යැවීමට යුද හමුදාව ක්‍රියා කර තිබූ බව අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

නිල්වලා විද්‍යාපීඨය නිරෝධාන මධ්‍යස්ථානයක් බවට ඉකුත් (09) වන දින යුද හමුදාව පාලනය යටතේ  පත් කර තිබූ අතර එහි රෝගීන් 500 කු සඳහා පහසුකම් සලසා තිබුණි. නිරෝධානය වෙමින් සිටි පුද්ගලයන් එයින් පිටව යාමෙන් අනතුරුව  හෙට (02) සිට සම්පූර්ණයෙන්ම එම මධ්‍යස්ථානය විසබීජහරණය කර දින 3 ට පසුව නැවත විසබීජහරණය කරන බව ද අතුරලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.



අදහස් (0)

අකුරැස්ස නිල්වලා විද්‍යා පීඨය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site