IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පානදුරේත් කොරෝනා පොකුරක්

(සුමිත් ප්‍රේමතිලක)

පානදුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවය කරන සේවක සේවිකාවන් 29 දෙනකුට කොවිඩ් - 19 වයිරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇතැයි පානදුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

අලුත් අවුරුද්දට ගමේ ගොස් පැමිණි සේවක සේවිකාවන් වෙනුවෙන්   ආයතනය මගින් සිදු කරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණවලදී මේ බව තහවුරුව ඇතැයි පැවසේ.

වයිරසය වැළදී ඇති  සියලු දෙනා වෙනුවෙන් , පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් එයින් තහවුරු වන පිරිස රෝහල් ගත කිරීමට කටයුතු කරන බවත් ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

අලුත් අවුරුදු නිමාවෙන් අනතුරුව ගම්බිම් බලා ගොස් සිටින සේවක සේවිකාවන් නැවත සේවයට පැමිණීමේ දී සිදුකළ පරීක්ෂණවලදී මේ බව තහවුරුව ඇතැයි සෞඛ්‍ය බලධාරීන් වැඩිදුරටත් පැවසීය .

ඒ අනුව කොරෝනා වෛරසය වැළඳී ඇති රෝගීන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බවත් ඔවුන්ටද පීසීආර් පරීක්ෂණ සිදුකරන බවත් පැවසේ.

ලංකාවේ ප්‍රධාන පෙළේ ආයතනයක් වන මෙම ආයතනය රුපියල් මිලියන දෙකකට අධික මුදලක් වැය කොට සේවකයන් 1040 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට ලක්  කර  ඇත .

සිංහල අලුත් අවුරුද්දට පසු එම ආයතනයේ වැඩ ආරම්භ කිරීමට පෙර හේමාස් රෝහල මාර්ගයෙන් එම පරීක්ෂණ සිදුකළ බව සිදුකළ බව ආයතන පාලනාධිකාරිය පැවසීය .

 



අදහස් (0)

පානදුරේත් කොරෝනා පොකුරක්

ඔබේ අදහස් එවන්න

Covid19

අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1140 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2770 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 933 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 719 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 928 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


කොවිඩ් මරණ තවත් 4 ක්
2022 අගෝස්තු මස 23 803 0

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් සිවුදෙනකු ඊයේ (22) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (23) පස්වරුවේ තහවුරු කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site