IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට

(උපාලි ආනන්ද)

බාල වයස්කාර දැරියක වරින්වර අපයෝජනය කළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා 5ක් ලබා සිටි විත්තිකරුවෙකු, එකී අධිචෝදනා පහටම වරද පිළිගැනීමෙන් පසු වසර 30ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු, උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය  සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා  අද (2) නියම කළේය.
 
මෙසේ දඩුවම් නියම වූයේ නොච්චියාගම පහළවැටියාව පදිංචි එම්. නිහාල් ලක්ෂ්මන් නැමැති 48 හැවිරිදි සිව්දරු පියෙකුටය.
 
විත්තිකරුට එරෙහිව එල්ල වී තිබූ අධිචෝදනා පහෙන් අධි චෝදනා  තුනකට වෙන් වෙන් වශයෙන් වසර 7 බැගින් ද, තවත් අධිචෝදනා දෙකකට පිළිවෙළින් වසර 7 සහ වසර දෙක බැගින් ද මෙලෙස බරපතල වැඩ සහිතව  වසර 30ක සිර දඬුවම් නියම කෙරිණ.
 
ඊට අමතරව පැමිණිලිකාර දැරියට මුදලින් රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය. තවද, මුදලින් රුපියල් 12, 500ක දඩ මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම දඩ මුදල ගෙවීම පැහැර හරින්නේ නම් විත්තිකරු තවත් වසර දෙකහමාරක සිර දඬුවමකටද යටත් කෙරිණ. නියම කළ 30  වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම එකවර ගෙවී යා යුතු බවටද නියෝග කෙරිණ.
 
2016 වසරේ ජනවාරි මස 1 දා සහ 2016 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් නොච්චියාගම අන්දරකැළයදී විත්තිකරු වයස අවුරුදු 16 ට අඩු දැරියක අපයෝජනය කර ඇති බවට නීතිපතිවරයා විසින් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 356 වන වගන්තිය ප්‍රකාරව අධිචෝදනා පහක් යටතේ වෙන් වෙන් වශයෙන් ඔහුට එරෙහිව නඩු දෙකක් අනුරාධපුර අංක දෙක මහාධිකරණය හමුවේ පවරා තිබිණ.
මෙම  නඩුවේ ලඝු නොවන මූලික විභාගය තඹුත්තේගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර විත්තිකරුට අධිචෝදනා බාරදීමෙන් පසුව වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කර තිබිණ.
 
පැමිණිලි පාර්ශවය වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන් ද අල්විස් ගුනතිලක මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥවරුන් වන සුරංග මොහොට්ටි සහ ගයාන් සිරිවර්ධන යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (0)

බාලවයස්කාර දැරිය අපයෝජනය කළ සිව්දරු පියා හිරගෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 141 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 222 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1079 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site