IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


දෙවැනි විශේෂ මහාධිකරණය විවෘත කෙරේ


දෙවැනි විශේෂ මහාධිකරණය අද  (14)  අළුත්කඩේ මහාධිකරණ සංකීර්ණ  පරිශ්‍රයේදී  විවෘත කෙරිණි.
 
කාලයේ සිදු වු බරපතල මූල්‍ය වංචා අපරාධ නඩු විභාග කිරීමට විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණ තුනක් ස්ථාපිත කිරීමට රජය කටයුතු කළ අතර එහි  දෙවැනි  විශේෂ මහාධිකරණය  මෙලෙස විවෘත  කිරීම සිදු  විය.
 
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය  මෙම නව අධිකරණය විවෘත කළාය.

(36698)

ඡායාරූප - ලහිරු හර්ෂණ

 



අදහස් (11)

දෙවැනි විශේෂ මහාධිකරණය විවෘත කෙරේ

Mahee Thursday, 14 March 2019 06:37 AM

නඩුකාර හාමුදුරුවරු රටටම වැදගත් නඩු අහන්නේ නැතුව සමහර නඩුවලින් ඉල්ලා අස්වෙනවනේ. නාගානන්ද මහත්තය දාපු අර කාර් පර්මිට් නඩුවෙන් අග විනිසුරුතුමත් ඉවත් වුනා නේ. කෝකටත් කියල මේ මහාධිකරණයට පිට රටින්වත් නඩුකාර උන්නාන්සේලා ගේමුද මැඩම්?

:       1       266

HafeelThursday, 14 March 2019 07:16 AM

නිකම් මාධ්‍ය සංදර්ශන පමණයි. මහජන මුදල් නාස්ති වෙන එක තමා වෙන්නේ. දැන් බලයට ඇවිත් අවුරුදු හතරටත් වැඩි. දඬුවම් දීපු හොරුත් නැහැ, මොකුත් නැහැ.

:       179       35

sena Thursday, 14 March 2019 07:25 AM

පළවැනි එකෙන්වත් කෙරෙන වැඩක් පෙන්න නැහැ - ඉතින් තව එකක් මොකටද?

:       50       71

sumith Thursday, 14 March 2019 08:03 AM

හරියට අධිකරණ බලය තියෙනවද කියල නඩු දාන්න නැත්නම්අ, ලි නඩුව වගේ අධිකරණ බලයනැහැ කියල නිකම්ම නිදහස් වෙලා යාවී

:       0       91

Sapumal. Thursday, 14 March 2019 08:18 AM

මේ විශේෂ අධිකරණ විවෘත කලත්, මේවායෙහි නඩු අහනවාට බයේ සමහර චුදිතයන් තමාගේ නඩුව ඇසීම වලකන නියෝගයක් ඉල්ලා නැවත නඩු දානවානේ. ඉතින් ඒ බරපතළ නීති විරෝධී ක්‍රියාවට වෙනමම දඩුවමක් දිය යුතුයි නේද ? ඒත් ඒවාට වගකිවයුතු අය නිහඬ ඇයි ?

:       9       105

sirimal Thursday, 14 March 2019 09:33 AM

වැඩක් වෙන්නේ නැහැනේ. නඩු දැම්මට චුදිතයෝ "අපට නඩු දාන්න එපා " කියලා දාන නඩු කල් දාගන්නවානේ. අවුරුදු හතරක් පොල් ගගා ඉඳල දැන් කොහොමද හාමිනේ ඉතුරු වෙලා තියෙන මාස දෙක තුනෙන් සේරම හොරු අල්ලලා හිරේ දාන්නේ? නොකෙරෙන දේවල් වලට කාලේ නාස්ති නොකර ගෙදරට වෙලා තියෙන වැඩක් පලක් බලාගෙන ඉන්න කියලයි කියන්න තියෙන්නේ.

:       57       67

සෙනෙවි Thursday, 14 March 2019 01:30 PM

අනුන්ට කපන දේශපාලන වලේ තමන්ම වැටෙන දවසට තමයි දුක් වෙන්න වෙන්නෙ

:       0       0

Saman Thursday, 14 March 2019 03:03 PM

බලන්නකෝ ඇමෙරිකාවේ, අවුරුදු 3ක් ඇතුළත ට්‍රම්ප් වටේ හිටපු වංචාකාරයෝ පස්දෙනෙක් නඩු අහලා හිරේදාලත් ඉවරයි. මෙහෙ තාම අතගානවා.

:       0       2

Bandara Thursday, 14 March 2019 10:33 PM

කවද හරි දවසක ලංකාවේ අපරාධ කරුවන්ට වඩා අධිකරණ සංඛ්‍යාව වැඩි වෙනවා

:       0       0

de silva berlin Friday, 15 March 2019 02:24 AM

අධිකරණ විවෘත කලාය මදි ලංකාවේ විනිසුරුවන් හිඟය නැති කල යුතුය , එම නිසා නඩු කල්යාම සිදුවේ , මහේස්ත්‍රාත් අධිකරණ වල ඉන්න විනිසුරන් ප්‍රමාණය මෙන් අවම වශයෙන් 3 ගුණයක්වත් අලුතෙන් බඳවාගෙන , අධිකරණ වල නඩු ඉඩම් , අපරාධ , රථවාහන වශයෙන් ඔවුන්ට බෙදා දී විසදීමට කටයුතු කල යුතුය .

:       0       0

piyasiri Friday, 15 March 2019 05:06 AM

කරන්න තිබුණේ ආපස්සට නඩු දමන්න දඟලන වෙලාවේ හොරකම් කරන හිල් වහන්න නීති හදන්න. ලොකු සංවර්ධන වැඩසටහන් පටන් ගන්න. අන්තිමට ගහපු බෙරේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 261 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 401 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 388 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site