IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


ෆීලික්ස් ළඟ තිබූ සාතන්ගේ ගතිගුණ

පාර්ලිමේන්තුවේ අපූරු දවස් 02

 

සත්‍යග්‍රහයේ උණුසුම් අවස්ථාවේ දී තදබල මැර ප්‍රහාරයක් එල්ල වූ අතර පාකිස්සන් රෝගියකු වූ චෙල්වනායගම් මහතා හැර සියලු මන්ත්‍රීවරු ගුටි කෑ අතර උස මහත පුද්ගලයකු වූ නාගනාදන්ට පහරදුන් මැරයෝ ඔහුගේ වේට්ටිය ගලවා යට ඇඳුම සමග බේරේ වැවට තල්ලු කළහ. පොලිසිය මැදිහත් නොවුණා නම් සිද්ධිය තවත් බරපතළ වීමට ඉඩ තිබිණ.
පාර්ලිමේන්තුව තුළ රැඩිකල් මන්ත්‍රීවරයකු ලෙස ප්‍රචලිතව සිටියේ විජයානන්ද දහනායක මහතා ය. ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඊට හපන්ය.


දහනායක සතුව තමන්ටම ආවේණික වූ අපූරු එමෙන්ම දඩම්බර ගති පැවතුම් රැසක් විය. ඔහු ගැමි ජනතාව අතර සරලව හැසිරෙමින් තම ජනප්‍රියත්වය වඩ වඩාත් ඔප් නංවා ගත්තේය.


1956 දී බණ්ඩාරනායක ආණ්ඩුවේ අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ දහනායක පාසල් දරුවන්ට දිවා ආහාරය සඳහා නොමිලේ බනිස් ගෙඩියක් ලබාදුන් නිසා දරුවන් ඔහු හැඳින් වූයේ බනිස් මාමා නමිනි.


එහෙත් ඒ නිසාම ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු ‘දහ’ ගණන් නොගත්හ. දහ ද ඔවුන් කිසිවකු මායිම් නොකළේය. එහෙත් දෛවයේ සරදමකට මෙන් ඔහුට ඉහළින් සිටි ජ්‍යෙෂ්ඨයකු වූ සී. පී. ද සිල්වා රෝගාතුර වී ශල්‍යකර්මයක් සඳහා ලන්ඩන් රෝහලකට ඇතුළත් කළ නිසාත් 1959 දී සිදුවූ අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු අගමැති කිරුළ පලඳින්නට ඔහුට ඇරයුම් ලැබිණ.


ඒ වන විටත් ජ්‍යෙෂ්ඨ නායකයන් සමග ගැටුම් ඇතිකරගෙන සිටි දහනායක අගමැතිවරයා එක රැයෙන්ම ඇමැතිවරුන් රොත්තක්ම කැබිනෙට්ටුවෙන් දොට්ට දැමුවේ අගමැති බලතල භාවිත කරමිනි.


ඒ අතර මෛත්‍රීපාල සේනානායක, ටී. බී. ඉලංගරත්න, පී. බී. ජී. කළුගල්ල, විමලා විජේවර්ධන, ආර්. ජී. සේනානායක, ජේ. සී. ඩබ්ලිව්. මුණසිංහ, හෙන්රි අබේවික්‍රම, ඒ. පී. ජයසූරිය, යන ඇමතිවරු වූහ.


ඒ වෙනුවට නව ඇමැතිවරුන් පත් කරන ලදී. මෙයින් කෝපාවිෂ්ට වූ ජ්‍යෙෂ්ඨ නායකයෝ දහනායක පක්‍ෂයෙන් නෙරපා දැමූ අතර 1960 මාර්තු මහ මැතිවරණයට ඔහු තරග කළේ තමන්ගේම පක්‍ෂය වූ ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය තුළිනි. ඔහුගේ ඡන්ද ලකුණ වූයේ කුඩයයි.


‘දහ’ට එම මැතිවරණයෙන් අන්ත පරාජයක් හිමි විය. අනතුරුව සිරිමාවෝ අගමැතිනියගේ සමයේ රෙදි මිල ඉහළ යාමට විරෝධය පළ කරමින් අමුඩයකින් සැරසී පාර්ලිමේන්තු සංකීර්ණයට ආවේ බනිස් මාමා හෙවත් දහනායක ය. ඒ දහගේ හැටි ය.


වරක් පාර්ලිමේන්තු විවාදයක දී රා පනත ගැන වූ කතා බහක් අතරතුර ඇන්. ඇම්. “දහරා” යනුවෙන් දහනායකට බැණ වැදුණු අතර දහනායක සැණකින්ම “පෙරේරා”යැයි ඇන්. ඇම්.ට බැණ වැදුන පුවත හාස්‍යජනකය.


පාර්ලිමේන්තුවේ පෙරළිකාරයන් අතර මැතිනියගේ ආණ්ඩුවේ මුදල් අමාත්‍ය ධුරය දරමින් ධනපති මුදලාලිලාට යස පාඩමක් ඉගැන්වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ අයවැය උපක්‍රම ගැන නොකියාම බැරිය.


ඔහු සිගරට් මිල ඉහළ යන බවට ප්‍රචාරයක් යවා අයවැයෙන් සිගරට් මිල ශතයකින් පහළ දැමීම නිසා වැඩි මිලට සිගරට් විකිණීමේ අරමුණින් සඟවා ගෙන සිටි මුදලාලිලාට බරපතළ අලාභ විය. රුපියල් 100, 50 නෝට්ටු තහනම් කළ ඇන්. ඇම්. ධනපතින් සඟවා තිබූ කෝටි ගණන් කළු සල්ලි එළියට ඇද භාණ්ඩාගාරය පිරවීය. අයවැය පරතරය අඩු කළේ මෙවැනි පෙරළිකාර පියවර තුළිනි.


1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කර ගැනීමට දැවැන්ත කාර්ය භාරයක් කළ මැතිනියගේ හිතෛෂිම අමාත්‍යවරයා ලෙස විරුදාවලි ලැබූ ෆීලික්ස් ආර්. ඩයස් බණ්ඩාරනායක මහතා උස මහත සිරුරක් හිමි බටහිර ඇඳුමින් සැරසී දුම්පයිප්පය උරමින් ගාම්භීර ලෙස හැසිරුණු පුද්ගලයෙක් විය.


ඔහු සතු නීති දැනුම හා කෙස් පැළෙන තර්ක විතර්ක ඥානය නිසා කිසිවක් ඔහුට අභියෝග කරන්නට නොආහ. මෙරට වැඩිම ඡන්ද ගණනකින් අත්තනගල්ල බලකොටුවේ බලය මැතිනිය දිනා ගනිද්දී ඊට නොදෙවනි ඡන්ද ගණනක් ගනිමින් දොම්පේ ආසනය රැකගත්තේ ෆීලික්ස් ඇමතිතුමාය.


ලංකා සම සමාජය හා ශ්‍රීලනිපය අතර මත ගැටුම නිසා ඇන්. ඇම්. ලා ආණ්ඩුවෙන් නෙරපන ලද අතර මුදල් අමාත්‍ය තනතුරට ෆීල්ක්ස් පත්කරනු ලැබිණ. ඇන්. ඇම්. ලාට මේ හදිය වුණේ ෆීලික්ස් නිසා යැයි සිතූ සමසමාජ මන්ත්‍රීවරු ඔහුට බැන වැදුණෙ “සාතන්” යන අන්වර්ථ නාමයෙනි.


“ඔව් මං සාතන් තමයි. සාතන්ලටත් හොඳ ගති ගුණ තියෙනවා කියලා බයිබලෙත් තියෙනවා.” 
ෆීලික්ස් ඔවුන්ට පිළිතුරු දුන්නේය.


ෆීලික්ස්ගේ ප්‍රතිමල්ලවයා වූයේ ජේ. ආර්. බව දේශපාලන ක්‍ෂේත්‍රයේ නොරහසකි. වරක් මහා මැතිවරණය ආසන්නව තිබිය දී ෆීලික්ස් අමත්‍යවරයා විදෙස්ගත විය.
“පරාජයට මුහුණ දෙන්න බැරිව ෆීලික්ස් රට පැන්නා” යයි ජේ. ආර්. කීවේය.


නමුත් මැතිවරණ දිනයේ කටුනායකින් යළි ෆීලික්ස් මව්බිමට ආවේය. “මං ගියේ ඇහේ ඔපරේෂන් එකකටයි” සතුරාට මුහුණ දීමට ඇස් දෙකෙන්ම දැන් සටන් කරන්න පුළුවන් එතුමා කීය.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි



අදහස් (0)

ෆීලික්ස් ළඟ තිබූ සාතන්ගේ ගතිගුණ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 194 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 376 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 384 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site