IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


සංවර්ධනයේ මුවාවෙන් ජාතික සම්පත් වැනසීම

රටක දියුණුවට සොබාදහම ජයගත යුතුය. මෙය සැමගේ පිළිගැනීමයි. එය එසේ වුවත් හිතුවක්කාර ලෙස සොබාදහම ජයගැනීමට ක්‍රියා කළහොත් ඇතිවන විනාශය දෙවියන්ටවත් නතර කළ නොහැකිය.

එයට විධිමත් කළමනාකරණයක් අවශ්‍ය වන්නේ ඒ නිසාය. වත්මන් ලෝකයේ ස්වාභාවික විපත් වැඩි වී ඇත්තේ මිනිසා විසින් නොහික්මුණ ආකාරයෙන් අවිචාරවත් ලෙස සොබාදහම ජය ගැනීමට යාමෙනි. ශ්‍රී ලංකාවේ වෙසෙන අපට ද එය එසේමය. අප රට සම්බන්ධයෙන් අසන්නට දකින්නට ලැබෙන්නේ එවැනි කනගාටුදායක සිද්ධිය. ඉන් අවදානම් තත්ත්වයක් උද්ගතව ඇත්තේ කැලෑ කැපීමේ අමානුෂික ක්‍රියාවයි.

අපට ජලය, ඔක්සිජන් ලබාදෙන්නේ වනගහනයෙනි. 50, 60 දශක දෙකේදී මෙරට සැලකිය යුතු වනගහනයක් තිබුණද අද වන විට එය 28% දක්වා පහළට වැටී ඇත. ඇතැම් සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන පරිදි මේ ප්‍රමාණය 28%ටත් අඩුය. එය එසේනම් එය ජාතියේ අවාසනාවකි.

උපදින්නට සිටින අනාගත පරම්පරාවට අභියෝගයකි. වගකිවයුත්තන්, දේශපාලනඥයන් ඇතුළු බලධාරීන් ක්‍රියා කළ යුත්තේ අද පමණක් නොව නූපන් පරම්පරාවේත් සුබ සිද්ධිය උදෙසාය. අද එවැන්නක ඡායා මාත්‍රයක්වත් පෙනෙන්නට නැත. අද එවැනි අය බොහෝ දෙනකු තම මඩිය තර කර ගැනීමට වෙහෙ​ෙසන ආත්මාර්ථකාමී අධමයන් බවට පත්වීම ඛේදජනකය. අද වනවිට සිංහරාජය, විල්පත්තුව වැනි වනාන්තර පවා විනාශ කරන නරුමයෝ සිටිති. ඒ අයට ජාතිමාමක හැඟීමක් නැත. මේ සම්බන්ධයෙන් බලධාරීන් මුනිවත රැකීම ද පුදුම සහගතය.

මේ වනවිට මෙරට විදුලි අර්බුදයක් පවතී. එයට හේතු වී ඇත්තේ ද ජලය හිඟකමයි. දැනටමත් ජල විදුලි බලාගාර සිඳී ගොසිනි. බලාගාර ආශ්‍රිත රක්ෂිතවලට ගිනි තියන අමනුස්සයෝ ද සිටිති. සතා සිවුපාවා දඩයම් කරගෙන යක්ෂයන් සේ මස් අනුභව කිරීම එම මස්වැද්දන්ගේ අරමුණයි. ඔවුන් මස් අනුභවයට කරන ක්‍රියාවෙන් අපට නැති වන්නේ ජලයයි. සොබාදහමට එරෙහිවන්නන්ට සොබාදහමෙන්ම දඬුවම් ලැබීම ශක්‍රයාටවත් නතර කළ නොහැකිය. මේ අමනුස්සකම් කරන අය, කැලෑ කපන  පිරිස් මේ බව වටහා ගත්තොත් එය අද නොව මතු පරපුරේ ද වාසනාවකි.

අපේ මාතෘ භූමියේ සංවර්ධනයට කිසිවකුත් අකැමැති නැත. ඒත් සංවර්ධනයේ නාමයෙන් රටේ ස්වාභාවික සම්පත් විනාශ වන්නේ නම් ඇස්, කන් ඇති කිසිවකුට නිහඬවිය නොහැකිය. මෙරට සිදු වූ සිදුවෙමින් පවතින ඇතැම් සංවර්ධන යෝජනාක්‍රමවලින් පරිසර හානි සිදුවන බව පරිසර සංවිධානවලින් පෙන්වා දී තිබේ. මාධ්‍ය මගින් ද සාධක සහිතව අදාළ කරුණු හෙළි කර ඇත. 

මේ කැලෑ විනාශය තවදුරටත් අඛණ්ඩව පැවැතියහොත් අපට පානීය ජලය පවා නැති විය හැකිය. මුහුදු ජලය පානය කිරීමට පවා සිදුවේදැයි බියක් අප සිත් තුළ උපදී. පසුගියදා ජනාධිපතිතුමා සඳහන් කළේද වනගහනය අඩුවීමෙන් නුදුරු අනාගතයේදීම අප රට කාන්තාරයක් විය හැකි බවයි. මෙය බරපතළ ප්‍රකාශයකි. මේ වන විනාශය වැළැක්වීමට සැලසුම් සහගත තිරසාර වැඩපිළිවෙළක අවශ්‍යතාව ඇති බව ඉන් මොනවට පැහැදිලි වෙයි.

ජනාධිපතිතුමාගේ අවබෝධය ගැන ජාතියක් වශයෙන් අප සතුටු විය යුතුය. එහෙත් සෙසු නිලධාරීන්, වගකිවයුතු සෙසු අයගේ සහයෝගය​ නොමැතිව මේ විපතින් මිදිය නොහැකිය.

සුන්දර වනපියස විනාශ කරමින් කර්මාන්ත ඉදිවන්නේ නම්, සංචාරක හෝටල් බිහිවන්නේ නම් හෝ වෙනත් පොදු ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ නම් එය සැබෑ සංවර්ධනයක් විය හැකිද? අද අපට අවශ්‍ය වන්නේ ‘‘සමතුලිත’’ සංවර්ධනයකි. හරිත සංවර්ධන ව්‍යාපෘති වැඩි වැඩියෙන් රටට අවශ්‍යව තිබේ. රජයේ එම සංකල්පය අගය කළ යුතුය.



අදහස් (3)

සංවර්ධනයේ මුවාවෙන් ජාතික සම්පත් වැනසීම

kule Tuesday, 02 April 2019 07:27 AM

ජාතික අපරාද කාරයන්ට සාප කරත්, පාලි ගැහැවුවත් දෙස් ඉල්ලුවත් ඒ අපරාදකාරයෝ යහතින් වැජඹෙන කාලයක් මේක

:       0       15

sam Tuesday, 02 April 2019 08:59 AM

බෝක්කු වල ලගින හරක් ට නාම යෝජනා නොදෙන මට්ටමට ව්‍යවතාව , නීති සැදිය යුතුයි. සීමාවකින් එහා කඳුකර ඉඩම් වල ඉදිකිරීම් නැවැත්විය යුතුයි සහ ඉදිකළ ඉඩම් නැවත පවරාගතයුතුයි. දැනටමත් කදුකරයේ ජල උල්පත් බොහොමයක් අකර්මන්‍ය වී ඇත. හේතුව වනාන්තර එලිපෙහෙළිය නිසා ජලය පොළොවට අවශෝෂණය නොවීම හරහා ජල තලය පහළ බැසීම යි . නොබෝ කලකින් මුහුදු වතුර ලවණ ඉවත් කර කඳුකරයට පොම්ප කිරීමට සිදුවනු ඇත....

:       0       4

Samathasena A . Aluthgamage. Monday, 08 April 2019 02:57 AM

ඉතා වටිනා හරබර කරුණු කාරණා ඇතුලත් ලිපියක්.සත්‍ය වශයෙන්ම බොහෝ මිනිසුන් තමන්ගේ පණනල රැකදෙන ගස්කොලන් ටික වනසා දමන්නේ හිත් පිත් නොමැති මුර්ගයන් ලෙසිනි.ගහක් යට ඉපිද,ගහක් යට බුදුවී,ගහක් යට පිරිනිවී ගස් කොළන් වල අගය ආදර්ශයෙන්ම බුදුරජාණෝ ලොවට කියා දුන් සේක.එවන් උතුම් උදාර බුදුවරයෙකුගේ දහම අදහන මේ රටේ මිනිසුන් ගහකොළ කපා වැනසීම,සතා සිව්පාවා තලාගෙන කෑම තුච්ච ක්‍රියාවෙකි.රටේ නායකයන් වන සංහාරය කරන්නන්ට ජාතිය ආගම හා තරාතිරම නොබලා දැඩි දඬුවම් දිය යුතුය.ගස්කොළන් වල සිදුවෙන ප්‍රභාසංස්ලේෂණය,අහාර නිපදවීම,අපට අවශ්‍ය ඔක්ෂිජන් ලබාදී අහිතකර කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීම ආදී දේ ගැන ජනතාව වැඩමුළු මගින් දැනුවත් කිරීමට පියවර ගත යුතුය.ඉඩ ඇති සාම තැනකම ගසක් සිටිවීමටද ජනතාව උනන්දු කරවීම නැවත නැවත සිදුකල යුතුය.

:       0       72

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1425 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site