IMG-LOGO

2025 ජනවාරි මස 17 වන සිකුරාදා


මැති - ඇමැති ආරක්ෂාවට එස්.ටී.එෆ්.අවශ්‍යමද

මැති ඇමැතිවරුන්ට ලබා දී තිබෙන එස්.ටී.එෆ්. (විශේෂ පොලිස් කාර්ය බළකායේ) ආරක්ෂාව ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි අපගේ සහෝදර ‘දේශය’ පුවත්පත වාර්තා කර තිබුණි. කල් පසුවී හෝ රජය ගත් කාලෝචිත තීරණයක් ලෙස මෙය හැඳින්විය හැක. පසුගිය කාලයේ මෙබඳු ආරක්ෂකයන් පිරිවරාගත් මැති ඇමැතින් හැසිරුණේත් මහ මඟ ගමන් කළේත් ඉන් පොදු ජනතාවට සිදුවන හිරිහැරය ගැන වගේ වගක් නැතිවය. 2009 වසරේ යුද්ධය හමාරවීමෙන් පසුවත් ආරක්ෂක රැකවරණය අවශ්‍ය අයත් අනවශ්‍ය අයත් තමන්ගේ දේශපාලන ආටෝපය රටට පෙන්වන්නට මෙබඳු ආරක්ෂක රැකවලුන් පිරිවරාගෙන හැසිරෙන ආකාරය බහුතර ජනතාව පිළිකුලෙන් බලා සිටියහ.
උතුරේ කුරිරු යුද්ධය දරුණුව පැවැති සමයේ දිවංගත රවි ජයවර්ධන මහතා විසින් 1984දී අතිශූර ආරක්ෂක සෙබළුන් 50 දෙනකුගේ දායකත්වයෙන් විශේෂ කාර්ය බළකාය ආරම්භ කළේ දේශපාලනඥයන්ට ප්‍රභූ ආරක්ෂාව සැපයීමට නොවේ. කුඩා කණ්ඩායම් වශයෙන් ත්‍රස්තවාදීන්ගේ අඩවියට කඩා වැදී ප්‍රබල හානියක් කිරීමට හැකි සෙබළ මුළුවක් වශයෙනි. පසුකාලයේ එය දියුණු තියුණු වී විශේෂ පොලිස් සේනාංකයක් බවට පත්වූයේය. ඉන්පසු රාජ්‍ය නායකයන් වැනි ඉහළම ගණයේ ප්‍රභූන්ගේත් විදේශීය රාජ්‍ය අමුත්තන්ගේත් රැකවරණය සඳහා ද ඔවුහු උපයෝගී කර ගනු ලැබූහ. පසුකාලයේ කොටි ඝාතන ඉහළ යද්දී විශේෂ කාර්ය බළකායේ සෙබළු මැති ඇමැති රැකවරණයට ද යෙදවූහ.
යහපත් දේශපාලනඥයෝ නිවී සැනසිල්ලේ මෙම රැකවලුන්ගෙන් සිය රැකවරණය සලසා ගත්හ. එහෙත් ඇතැම් අවර ගණයේ දේශපාලන කටයුතුවලට නම් දැරූ ජනපීඩක දේශපාලනයක නියැළුණු ඇතැම්හු සිය රැකවලුන් තමන්ගේ පෞද්ගලික වුවමනා එපාකම් පිරිමසා ගන්නට යොදා ගත්හ. මෙවැනි ඇතැම් සිදුවීම් පොලිසි, උසාවි ගිය අවස්ථා ද අපට මතකය.

දැන් රටේ යුද්ධයක් නැත. ඒ නිසා යුද සමයේ මෙන් දේශපාලනඥයන්ට විශේෂ රැකවරණයක් අවශ්‍ය නොවේ. එහෙත් ඔවුන් තමන්ගේ මහන්තත්ත්වය පෙන්වීමට සිය වාහනයට ඉදිරියෙන් හා පසුපසින් රැකවලුන් සහිත වාහන ඇතිව මහ මඟ ඉගිලී යන්නේ තමන් බලයට පත්කළ ජනතාවට සිදුවන හානිය පයිසෙකට මායිම් නොකරය. ජනාධිපතිවරයාට අගමැතිවරයාට විපක්ෂනායකවරයාට ඉහළ අධිකරණ විනිසුරන්ට ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් වැනි අයට සාධාරණ ආරක්ෂාවක් ලබාදිය යුතුය. එහෙත් කිසිදු ආරක්ෂක තර්ජනයක් නැති මැති ඇමැතින්ට කෝටි ගණන් ජනතා මුදල් වැයකොට එස්.ටී.එෆ්. ආරක්ෂාව ලබාදෙන්නේ ඇයි? රජයේ ආරක්ෂක මණ්ඩලය පසුගියදා ගත් තීන්දුවකට අනුව මින් ඉදිරියට එස්.ටී.එෆ්. රැකවරණය ලබන්නේ දේශපාලනඥයන්ට ඇති තර්ජන විමර්ශනය සඳහා පත්කෙරෙන කමිටුවක නිර්දේශ සලකා බැලීමෙනි. කමිටුවෙන් නිර්දේශ නොවනා සෑම මහජන මන්ත්‍රීවරයකුටම දැනට ලබාදී තිබෙන සාමාන්‍ය පොලිස් නිලධාරීන් දෙදෙනාගේ රැකවරණය වෙනුවට පොලිස් නිලධාරීන් හතර දෙනකුගේ රැකවරණය ලබාදීමට ද රජය තීන්දු කළේය. එතරම් ආරක්ෂාවක් මන්ත්‍රීන්ට අවශ්‍යද යන්නද ප්‍රශ්නයකි. තමන් ජනතා නියෝජිතයන් ලෙස සැබැවින්ම ජනතාවට මානව හිතවාදීව සේවය කරන්නේ නම් ඒ අය රකින්නට නිරන්තරයෙන්ම ජනතාව සූදානමින් සිටිති. එවන් කෘතගුණ දත් ජනතාවක් සිටින රටක දේශපාලනඥයන් ආරක්ෂක රැකවලුන්ට මුවාවී දේශපාලනය කරන්නේ ජනතාවට බියෙන්ද යන්න ප්‍රශ්න කළ යුතුය.

මෙරට යුද්ධය ආරම්භ වන්නට පෙර කාලයේ සිටි ප්‍රභූ දේශපාලනඥයන්වත් අනවශ්‍ය ලෙස ආරක්ෂක රැකවලුන් පාවිච්චි කළේ නැත. රැකවලුන්ගේ රැස්වළල්ලට මුවාවන දේශපාලනඥයන්ට තමන්ගේ ගෞරවය හිමිනොවන බව පැරැණි ඉස්කෝලේ දේශපාලනඥයෝ දැන සිටියහ. හිටපු ඇමැති ආචාර්ය විජයානන්ද දහනායක, හිටපු ඇමැති ඩඩ්ලි සේනානායක වැනි මහත්වරුන්ට පෞද්ගලික ආරක්ෂකයන් සිටියේ දෙතුන් දෙනෙකි. ඔවුහු ජනතාව අතරට යනවිට කිසිදු ආරක්ෂක භටයකු රැගෙන ගියේ නැත. ඩඩ්ලි වගා සටන කරන්නට පොළොන්නරු ගියේද, දහනායක, එම්.ඩී. බණ්ඩා, යූ.බී. වන්නිනායක වැනි ප්‍රබල ඇමැතිවරුන් ගමන් බිමන් ගියේද තනිවමය. හේතුව ඔවුනට විශේෂ ආරක්ෂාවක් අවශ්‍ය නොවීමය. ජනතාව ඒ අයගේ හොඳම ආරක්ෂකයෝ වූහ.

එහෙත් අද වනවිට දේශපාලනයේ හර පද්ධතිය මෙන්ම වටිනාකම්ද හෑල්ලු වී ගර්හිත තත්ත්වයට පත්ව තිබේ. මහජනයා තුළ දේශපාලනඥයා ගැන තිබෙන ප්‍රතිරූපය බෙහෙවින් දුර්වර්ණ වී ඇත. ජරමරවලට බර බාල දේශපාලකයන්ට නම් ප්‍රබල ආරක්ෂක රැකවරණයක් අවශ්‍ය වෙන්නට පිළිවන. රාජ්‍ය නිලධාරීන් ගස් බඳින්නට, රාජ්‍ය ආයතනවලට කඩා වැදී යකා නටන්නට තැත් කරන දේශපාලන බම්මන්නන්ට විශේෂ රැකවරණයකින් තොරව මහ පාරට බහින්නට බැරි බව ඇත්තය. එස්.ටී.එෆ්. රැස්වළල්ලට මුවාවී වැජඹෙන්නට යන්නෝ එවන් පුද්ගලයෝය. එහෙත් යහපත් දේශපාලනයක යෙදෙන්නන්ට නම් වැඩි ආරක්ෂාව වදයකි. ජේ.ආර්. ජයවර්ධන මහතා කී ලෙස තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගැනීම එස්.ටී.එෆ්. වැනි ආරක්ෂක සංවිධානයක ආරක්ෂාව ලැබීමට වඩා ප්‍රශස්තය. ඒ නිසා රජයේ ආරක්ෂක මණ්ඩලය ගත් මෙම තීරණය බහුතර ජනතා ප්‍රසාදය පිණිස හේතුවන්නක් බව නොකියා සිටිය නොහැක.



අදහස් (12)

මැති - ඇමැති ආරක්ෂාවට එස්.ටී.එෆ්.අවශ්‍යමද

pradeep herath Wednesday, 23 January 2019 09:42 AM

මේක නම් ඉතාම හොඳ වැඩක්. මීට වසර 10 කට කලින් ක‍රන්න තිබුනේ. අනික මන්ත්‍රීවරු ගාව ආරක්ෂාවට පිහි, මිරිස්කුඩු, පොත් කොහොමත් තියනවා.

:       45       91

shan saudi Wednesday, 23 January 2019 10:54 AM

ඉතාම හොද තීරණයක්. මෙය හැකි ඉක්මනින් ක්‍රියාවේ යෙදවිය යුතුය අනවශ්‍ය ලෙස ආරක්ෂක අංශ භාවිතය වහාම නැවතිය යුතුය. සෑම ජනතා නියෝජිතයෙක් නිසි ආකාරයට තමන්ගේ රාජකාරිය කරන්නේනම් ඔහුට කිසිම රැකවලෙකු අවශ්‍ය වන්නේ නැහැ. ජනතාව ඉදිරියට යාමට ඉතාම හොද තීරණයක්. මෙය හැකි ඉක්මනින් නීතිගත කරන්න.

:       0       94

RaveendraWednesday, 23 January 2019 01:06 PM

සහතික ඇත්ත ...

:       0       70

Bamunuarachchi Thursday, 24 January 2019 02:37 PM

මැති - ඇමැති ආරක්ෂාවට එස්.ටී.එෆ්.අවශ්‍යමද? අපෝ නැහැ අන්ධයින්ට පාර පෙන්වන බලු දන්ඩෙක් හොඳටම ඇති.

:       0       107

RaveendraThursday, 24 January 2019 05:50 PM

අනේ ඒ සත්වය හොද වැඩියි මේ මිහරකුන්ව අම්බන් කරන්න.

:       0       21

SAM Thursday, 24 January 2019 07:04 PM

ලංකාවේ පර්ලිමන්තුවේ ඉන්න නූගත් මන්ත්‍රීලා, ඇමතියෝ කරලා තියන දුෂණ, වංචා, හොර ඔප්පු වලින් අනුන්ගේ ඉඩම් කොල්ල කෑම්, ජනතාවට පහර දීම්, කුඩු බිස්නස් කිරීම් , අනුන්ගේ ගෑනු උස්සන් යැම්, හොර මත්පැන් ඉස්කාගාර පවත් වීම, පාතාලයත් එක්ක ගනුදෙනු කිරීම් යන මය ආදී නොයක් පහර වැඩ නිසා මය කාලකන්නි ආරක්ෂාවක් නැතිව වැසිකිලියටවත් යන්ඩ බයයි. මේ රට හැදෙන්ඩ නන් ඔය පර්ලිමන්තු වේ ඉන්න නරක එවුන්ට හෙනයක් ගහල මක බෑවෙන්ඩ ඔන අනේ..

:       0       76

de silva Sunday, 27 January 2019 04:18 AM

ඇත්තටම අවශ්‍ය නැහැ , බොරුවට පෙරගමන් පසුගමන් රථත් අවශ්‍ය නැහැ

:       0       21

tishan Sunday, 27 January 2019 04:55 AM

එස්.ටී.එෆ්. ආරක්ෂාව නැත්නම් මෙයාලට මිනිස්සු දුටු තැන අල්ලන් ගහනවා.

:       0       19

රංගන Sunday, 27 January 2019 09:59 AM

ඉතාම හොඳ දෙයක්... අනවශ්‍ය වියදමක් බේරගන්න පුළුවන්...

:       1       24

Sampath Koralalage Friday, 01 February 2019 10:14 AM

අනිවාර්යයෙන් ඉන්න ඕනෑ. නැත්තන් මිනිස්සු අසුචි ගහලා පන්නන්නේ...

:       0       6

Amal Sunday, 10 February 2019 08:10 PM

ආරක්ෂාවක් අවශ්‍ය නම් මේ සඳහා පොලිසියට ඔවුන්ගේ බුදලෙන් ගෙවීමක් කල යුතුය. නැත්නම් පෞද්ගලික ආරක්ෂක අංශයක සේවාව ලබාගත යුතුය. බදු ගෙවන ජනතාවගේ මුදල් මේ සඳහා නොයෙදවිය යුතුය

:       0       29

MATALAN Wednesday, 20 February 2019 03:19 PM

මේ අය රට විනාශ කරන කාලකන්නි. එබැවින් මොවුන්ට ආරක්ෂාව ඕනෑ. හිටන් බයයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 

කොලම

දවස් සියයේ විපරමක්
2025 ජනවාරි මස 17 17 0

වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව


ශ්‍රී ලංකා සංකල්පය සපලවේද?
2025 ජනවාරි මස 13 330 0

ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර


එක රැයේ තීන්දුවෙන් අසරණවීම
2025 ජනවාරි මස 10 1016 13

ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලු‍තින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ


ආර්ථික අභියෝග ජය මාර්ග
2025 ජනවාරි මස 06 228 0

2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ


සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව
2025 ජනවාරි මස 03 389 2

මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්


ආර්ථික නවෝදයකට පළාත් සභා
2024 දෙසැම්බර් මස 30 299 0

ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 312 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 579 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 323 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site