IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


බීඩි කොළ - ගම්මිරිස් ජාවාරම් නතරකළ නොහැකිද

අපේ රටේ බොහොමයක් ව්‍යාපාර සහ ජාවාරම් අතර වෙනස හඳුනාගත නොහැකි තරමට වැඩ සිදුවෙමින් තිබේ. මෙය කොතරම් බරපතළ තත්ත්වයක්දැයි කිවහොත් ව්‍යාජ ලේඛන සකස් කොට බීඩිකොළ තොගයක් ආනයනය කිරීමෙන් රේගුවට රුපියල් කෝටි 04ක් වංචා කළ බවට සැකකරන පුද්ගලයෙක් ඇප ලබාගැනීමට ද සමත්ව සිටියේය. පසුව එම වැරැද්ද නිවැරැදි කිරීමට අධිකරණය කටයුතු කිරීම හේතුවෙන් මේ ජාවාරමා රිමාන්ඩ් භාරයට පත්විය. ඊට අමතරව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රේගුවේ නිලධාරීන් දෙදෙනෙක් අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටිති.

නම්බුකාර ව්‍යාපාර අතරට ජාවාරම්කාරයන් බැස ගැනීම මේ රටේ මහා පිළිලයක් බවට පත් වෙමින් තිබේ. මේ ජාවාරමුන් වැඩේට බහින්නේ හොඳ හයිය ඇති දේශපාලන අත්තක් ද බදාගෙනය. ජාවාරම උසාවියේදී ව්‍යාපාරයක් බවට හරවන තැනට කටයුතු සිදුවන්නේ එවැනි දේශපාලන අතුවල උදව්වෙනි. අවශ්‍ය ආකාරයට ලිපිගොනු සකස් කරදීමට රේගුවේ සිටින දූෂිත නිලධාරීන් කිහිපදෙනකු හවුල් වන්නේ ද මේ දේශපාලන හයිපාට් නිසාය. බොහෝදුරට දූෂිත නිලධාරියකු මෙවැනි කෝටි ගණන් ජාවාරමකට බය නැතුව අත-හිත ලබාදෙන්නේ ඊට ගැලපෙන දේශපාලන ලොකු ලොක්කන්ගේ ආරක්ෂක දැලක් ක්‍රියාත්මක වන අවස්ථාවලදීය. මෙතැනදී මේ සියල්ල ක්‍රියාත්මක වුවද රාජකාරිය හරියට ඉටුකරන දූෂණයට, බලයට හිස නොනමන රේගු නිලධාරීන් කිහිප දෙනෙකුගේ ඉදිරිපත්වීමෙන් සියල්ල කනපිට හැරී තිබේ. මෙවැනි ජාවාරම්කාරයන් සහ ඔවුන්ට උඩගෙඩි දෙන දේශපාලනඥයන් ද දැඩි ලෙස හෙළා දකින අතරම රාජකාරිය හරියට ඉටුකළ රේගුවේ නිලධාරීන් පිරිසට ඉහළින්ම පැසසුම් කිරීමට ද අපි නොපැකිළෙමු.

බීඩිකොළ ගෙන්වීම සහ ප්‍රතිඅපනයනය මෙතරම් විශාල ජාවාරමක් බව මේ රටේ බොහෝ දෙනා සිතන්නේ නැත. ගම්මිරිස්, කරුංකා වැනි භාණ්ඩ සම්බන්ධයෙන් ද පවතින්නේ ද එවැනිම තත්ත්වයකි. එහෙත් ගම්මිරිස් මේ රටේ සුළුබෝග වවන්නන්ගේ ව්‍යාපාරයක් වීම හේතුවෙන් ප්‍රතිඅපනයනය මුවාවෙන් සිදුකෙරුණු මහා ජාතික අපරාධය කල්තබාම හෙළිකර ගැනීමට හැකිවිය. එහෙත් ජාවාරම හේතුවෙන් කඩාවැටුණු ගම්මිරිස් මිල තවමත් යථා තත්ත්වයට පත් වී නැත. නුදුරු අනාගතයේදී ද එසේ වන බවක් පෙනෙන්නට නැත. රුපියල් 1400 අතර 1600 තරම් මිලක තිබූ ගම්මිරිස් මිල මේ වනවිට පවතින්නේ ඉන් අඩක් තරම් මට්ටමේය. ගම්මිරිස් වගාව තම ජීවනෝපාය කරගත් වගාකරුවන්ට දැන් වැලේ වැල් නැත. එහෙත් දේශපාලන හයිය ඇති කිහිප දෙනෙක් වියට්නාමයෙන් තත්ත්වයෙන් බාල මිල අඩු ගම්මිරිස් ගෙන්වා ප්‍රතිඅපනයන පහසුකමට මුවා වී ලංකාවේ නිෂ්පාදන වශයෙන් හඳුන්වා ඉන්දියාවට යවති. ඔවුන්ගේ ‘කල්ල මරේය’ වගාකරුවා හාන්සිය.

මෙවැනි අලජ්ජිත ජාවාරම් වැඩට උල්පන්දම් දෙන දේශපාලනඥයන් මේ ජාවාරමේ පළමු වගඋත්තරකරුවෝ වෙති. එහෙත් ඔවුන් කවදාවත් නීතියේ රැහැනට හසුවන්නේ නැත. තමන්ගේ නම මේ ජාවාරමට ගෑවුණු බව දැනගත් වහාම භූමිතෙල් ගෑවුණු ගැරඬින් ලෙස හැසිරෙන මේ දේශපාලනඥයන් කරන්නේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා එම චෝදනා ප්‍රතික්ෂේප කිරීමය. නැතහොත් නිවේදන නිකුත් කොට තමන් සර්ව නිර්දෝෂී පුද්ගලයකු බව රට හමුවේ කියාදැමීමය. එහෙත් ජාවාරම දිගින් දිගටම සිදුවෙන්නේ ලංකාවේ නම ජාත්‍යන්තරය ඉදිරියේ හෑල්ලු කරමිනි.

මෙවර හසු වූ බීඩිකොළ තොගය හොර රහසේ ආනයනය කිරීමෙන් රේගුවට සිදු වූ පාඩුව රුපියල් කෝටි 04ක් බව කියති. එහෙත් සමස්තයක් වශයෙන් මේ ජාවාරම හරහා වසරකට රුපියල් කෝටි සියයකටත් වඩා උපයන බවට සාක්ෂි ඇත. මේ තරම් මුදලක් නිකම්ම ජාවාරමුන්ගේ සාක්කුවට පමණක් යනවා යැයි සිතීම මුසාවකි. මේ ‘කළු සල්ලි’ වලින් ලොකු කුට්ටියක් ඊට සහාය ලබාදෙන ඇමැතිවරයාට හෝ ඇමැතිවරුන්ට හෝ යන බව සහතිකය. මැති ඇමැතිවරයෙක් කවදාවත් අත ලෙවකන්න බලාගෙන මීයක් කඩන්නේ නැත. ඔවුන් බොහෝවිට මීය ගෙඩි පිටින්ම ගිලීමට කැමැත්ත දක්වන්නෝ වෙති. බීඩිකොළ ජාවාරම සම්බන්ධයෙන් ද අපට කීමට ඇත්තේ එයමය.

බීඩිකොළ ජාවාරමේ ප්‍රධාන සැකකරු මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලකයකුගේ සොහොයුරකුගේ ළඟම මිතුරකු බව සඳහන්ය. පසුගියදා කතාබහට ලක් වූ ගම්මිරිස් හා කරුංකා ජාවාරම් පසුපසද මොහුගේ ‘මුද්‍රාව’ තිබෙන බවත් දැනගන්නට තිබේ. රේගු වෘත්තීය සමිතිය ප්‍රකාශ කර තිබුණේ තමන්ට අදාළ අමාත්‍යංශයක් තිබියදී වෙනත් අමාත්‍යවරයකුගේ මැදිහත්වීම් මෙහිදී හෙළාදකින බවය. බොහෝවිට ජාවාරම් හැසිරවීමට මැති ඇමැතිවරු කෙළින්ම මැදිහත් නොවෙති. ඔවුන් බොහෝදුරට සිදුකරන්නේ බළලුන් ලවා කොස් ඇට බෑවීමය. තමන්ගේ මිතුරකු හෝ තම සොහොයුරාගේ ළඟම මිතුරකු හෝ බළලා කර ගැනීම දූෂිත ඇමැතිවරයකුට ඉතා පහසු වැඩකි. ඉන්පසු කොස් ඇට පමණක් නොව බීඩිකොළ, ගම්මිරිස්, කරුංකා වැනි ලේබල් ගැසූ පමණින් කෝටි ගණන් සෙවිය හැකි අපනයන භාණ්ඩ බා ගැනීම ගේමක් නොවේ. හදිසියේ හරි රේගුවට කොටු වුණොත් ඇප ලබා ගැනීම හෝ රිමාන්ඩ් භාරයට පත්වීම හෝ තාවකාලිකව සිදුවන දෙයක් බව ඔවුහු දැන සිටිති. දේශපාලනඥයාට තිබෙන්නේ ‘අනේ මම ඕවට නෑ’ කියා මාධ්‍ය සාකච්ඡා තැබීම පමණි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වූයේ පැවැති රාජපක්ෂ පාලනය දැඩි ලෙස දූෂිත බවට චෝදනා කරමින් හොරුන් අල්ලන බවට ප්‍රතිඥා දෙමින්ය. එහෙත් බලයට පත්වී සති කිහිපයකින් මහ බැංකුවේ බැඳුම්කර වංචාව හරහා ඉතා විශාල දූෂණයක් සිදු වූ බවට චෝදනා කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. එහෙත් වසර 04ක් ගතවනවිටත් ඒ ආකාරයේම බරපතළ වංචා සහ ජාවාරම් ගැන කතා කිරීමට රටේ ජනතාවට සිදුව තිබේ. මෙවැනි ජාවාරම්වලට තිරය පිටුපසින් සිට සහාය දක්වන මැති ඇමැතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනතුරු මේ ජාවාරම් නොනවතින බව යථාර්ථයයි.



අදහස් (2)

බීඩි කොළ - ගම්මිරිස් ජාවාරම් නතරකළ නොහැකිද

ravi Monday, 25 February 2019 09:45 AM

රිෂාර්ඩ් බදියුදීන්.. මේවට වගකීම් දරනතුරු මේවා නතර කළ නොහැකියි..!!

:       0       51

kule Monday, 25 February 2019 05:48 PM

පත්වෙන සැම ආණ්ඩුවකටම පැන පැන ගිහින් ඇමතිකන් ගන්න සේරම ඒ අයටම පරම්පරාවටම හම්බකර ගන්නවා මිසක් රට සෙතක් කරන්නේ නෑ. ඒ අයට එක ප්‍රතිපත්තියක්වත් නෑ.

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1374 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1275 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 464 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site