IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


පක්ෂයේ සමගිය වෙනුවෙන් දිවි දුන් රියෙන්සි

2002 යූඑන්පී ආණ්ඩුව බිඳ වැටීමත් එක්ක පක්ෂ අභ්‍යන්තර අර්බුද යළිත් හිස ඔසවන්න පටන් ගත්තා. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය අමාත්‍යාංශ තුනක් පවරාගෙන යූ.එන්.පී. ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමත් එක්ක ඊළඟ මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීම තමයි අපිට ආපු ලොකු අභියෝගය. 


ඒ මහ මැතිවරණය පරාජය වීමත් එක්ක පරාජයේ වගකීම භාරගන්න නායකත්වය අදිමදි කළා. ඔය අතරෙ පක්ෂ සභාපති විදියට කටයුතු කරපු මලික් සමරවික්‍රම එකපාරටම ඉල්ලා අස්වුණා. ඒ වෙනකොට පක්ෂ මහලේකම් විදියට වැඩ කළේ සෙනරත් කපුකොටුව, ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් පක්ෂය ඇතුළෙ ඒ තරම් ප්‍රසාදයක් තිබුණේ නෑ. පක්ෂ සංවිධාන ජාලය තුළ ඔහු පිළිබඳවත් විරෝධයක් තිබුණා. රනිල් වික්‍රමසිංහ මේ සඳහා පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළක් යෝජනා කරමින් මහ මැතිවරණ පරාජයේ වගකීමෙනුත් ලිස්සලා ගියා. ඒ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී පක්ෂයේ ජනප්‍රිය චරිත කීපයකට නව තනතුරු ලැබුණා. 


මේ පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු සිද්ධවෙන කාලයේ පක්ෂයේ තිබුණු ප්‍රධාන සටන්පාඨය වෙලා තිබුණේ රනිල් ගෙදර යා යුතුයි කියන කාරණය. ඒ සටන් පාඨයත් එක්ක පක්ෂයේ බෙදීම් පටන් ගත්තා. ඒ වෙලාවෙ තිබුණෙ රනිල් පාර්ශ්වය සහ කරු ජයසූරිය පාර්ශ්වය වගේ එකක්. ඒ වෙද්දී සජිත් ප්‍රේමදාසගේ නමක් තිබුණෙ නෑ. රාජිත, නවීන්, ගාමිණී ලොකුගේ, මිලින්ද මොරගොඩ, ජී.එල්, ලක්ෂ්මන් යාපා, හේමකුමාර ඇතුළු කණ්ඩායම රනිල් විරෝධි සටනක් ගෙනිච්චා. පක්ෂය ඇතුළෙ අර්බුද සමථයකට පත්කරගෙන සියලු දෙනා සමගි විය යුතුයි කියන අදහසකුත් මේ එක්කම තව පැත්තකින් ගොඩ නැගුණා.  


මේ පක්ෂ අභ්‍යන්තර ගැටුම් පවතින කාලයේ සිරිකොතට නිතර ආව ගිය පුද්ගලයෙක් හිටියා රියන්සි කියලා. එයා වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. රියන්සි පක්ෂයට හිතවත් නායකයින්ට සමීප වුණු පුද්ගලයෙක්. හැබැයි රියන්සි ලොකු ධනවත් පුද්ගලයෙක් හෝ පක්ෂ සංවිධායක තනතුරක්වත් දරපු කෙනෙක් නෙවෙයි. අසීමිත ලෙස පක්ෂයට ආදරය කරපු චරිතයක්. රියන්සි සිරිකොතට ආපු වෙලාවල්වල මාවත් මුණ ගැහෙනවා. එයා මාත් එක්කත් නිතරම කිව්වේ නායකයින් අතර ගැටුම් නතර කරලා පක්ෂයේ සමගිය ඇති කරමු කියලා. අනිත් නායකයින් මුණ ගැහිලත් රියන්සි නිතර නිතර කියලා තියෙන්නේ මේ කතාවමයි. රියන්සි රනිල් වික්‍රමසිංහ එක්කත් ලොකුවට හිතවත්. රනිල්ගෙ නායකත්වය කවුරුවත් අභියෝග නොකළ යුතුයි වගේ අදහසක් 
දිගින් දිගටම පක්ෂයේ අභ්‍යන්තර අර්බුදත් උත්සන්න වුණා. සමගිය වෙනුවට වාදභේද වැඩිවෙන්න පටන් ගත්තා. එක දවසක් රියන්සි මාව හමුවෙන්න ඇවිත් කිව්වා පක්ෂය තුළ සමගියක් ඇතිවෙන්නේ නැත්නම් එයා පක්ෂයෙන් ඉවත්වෙලා දේශපාලනයෙන් පවා ඉවත් වෙනවා කියලා. රියන්සි කොටින්ම කැපුවත් කොළ ජාතියේ යූ.එන්.පී. කාරයෙක්. සුමානෙකට සැරයක්වත් නොවැරදීම සිරිකොතට එන පුරුද්දක් රියන්සිට තිබුණා.


එක දවසක් රියන්සි රනිල් වික්‍රමසිංහගෙ පාර්ලිමේන්තු කටයුතු ලේකම් විදියට කටයුතු කරපු සුදත් චන්ද්‍රසේකරව මුණ ගැහිල කියලා තියෙනවා, පක්ෂ සමගිය ගොඩනැගෙන්නෙ නැත්නම් එයා පක්ෂෙන් අයින් වෙනවා කියලා. රියන්සි සුදත්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. එයාගෙ මේ තීන්දුව ගැන කියන කතාව රෙකෝඞ් කරගන්න කියලා. ඒ කතාව සුදත් රෙකෝඞ් කළා ද නැද්ද කියලා නම් මම දන්නේ නෑ. රියන්සි කියලා තියෙනවා සුදත් එක්ක පක්ෂය සමඟි වෙන්නෙ නැත්නම් තවත් ජීවත්වෙන්නෙ නෑ. එයාගෙ මරණය නිසාවත් පක්ෂයේ නායකයින් අතර සමඟියක් ඇතිවෙන එක තමයි එයාගේ බලාපොරොත්තුව කියලා.


සුදත්ට මේ කතාව කියලා දවසක් දෙකක් ගිහින් තමයි රියන්සි සිරිකොත ඉස්සර ගිනි තියා ගත්තේ. මිනිහෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි රියන්සි කෙරුවෙ. මම මේ සිදුවීම වෙද්දී ගෙදර හිටියේ. මටත් මේක කවුරු හරි හෝ කෝල් කරලා කිව්වේ. මම ඒ මොහොතෙම සිරිකොතට ආවා. සිරිකොතේ වැඩ කරපු අය ඉක්මනට ගින්න නිවලා රියන්සිව ඒ වෙනකොටත් ඉස්පිරිතාලෙට ගෙනිහින් තිබුණා. ඉස්පිරිතාලෙ ගෙනියනකොටත් ඔහුගේ සිරුරට විශාල ලෙස තුවාල සිදුවෙලා තිබුණෙ. මට නම් හිතාගන්නවත් බෑ රියන්සි පක්ෂය වෙනුවෙන් මේ කරපු දේ. කෙනෙක් මැරෙන්න විවිධ ක්‍රම පාවිච්චි කරනවා. ඒත් ගිනි තියාගන්නවා කියන්නේ ඉතාම වේදනාකාරී දෙයක්.


එදාම රෑ මමයි කරු ජයසූරියයි රියන්සිව බලන්න ඉස්පිරිතාලෙට ගියා. අපි යද්දිත් එයාට සිහිය තිබුණා. ඇඟ හැමතැනම පිළිස්සුම් තුවාල. ඒ වෙලාවෙත් යන්තම් වචන ගැටගහගෙන රියන්සි කරු ජයසූරිය දිහා බලාන කිව්වෙ පක්ෂය සමඟි කරවන්න කියලා. මේ සිදුවීම වෙලා දින දෙකකට හෝ තුනකට පස්සේ රියන්සි මියගියා. අපි සියලු දෙනා රියන්සිගෙ අවමඟුල් කටයුතුවලට සම්බන්ධ වුණා. ඒත් මම අදත් කනගාටුවෙනවා පක්ෂය වෙනුවෙන් ඒ තරම් කැපකිරීමක් කරපු රියන්සිගේ පවුලෙ අයට පක්ෂය සාධාරණයක් ඉටු කළේ නෑ කියලා.


මම එක වතාවක් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් මුදල් වගයක් කපලා ඒ පවුලට උදව්වක් කළා. ඒත් අදත් ඒ අය අමාරුවෙන් ජීවත්වෙන්නේ. දැන් ආණ්ඩු බලයක් තියෙද්දී එක්සත් ජාතික පක්ෂය රියන්සිගෙ පවුලෙ උදවිය අමතක නොකර පුළුවන් උපරිම සාධාරණයක් ඉටු කරනව නම් ඒක රියන්සිට කරන ගෞරවයක් වෙනවා. ලංකාවේ දේශපාලන පක්ෂ වෙනුවෙන් ඕන තරම් අය ජීවිත පූජා කරලා ඇති. පක්ෂ ගැටුම්වලදී උද්ඝෝෂණ පෙළපාළිවලදී ඡන්ද ව්‍යාපාරවලදී පක්ෂය වෙනුවෙන් වැඩ කරන අය මරණයට පත්වෙලා ඇති. ඒත් පක්ෂයක සමගිය වෙනුවෙන් බලපෑම් කරන්න කියලා ගිනි තියාගෙන මියගිය පුද්ගලයෙක් විදියට මම අහලා තියෙන්නේ රියන්සි ගැන විතරයි. ඒකයි යූ.එන්.පී. එක රියන්සිට සාධාරණය ඉෂ්ට කරන්න ඕන.
තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි



අදහස් (0)

පක්ෂයේ සමගිය වෙනුවෙන් දිවි දුන් රියෙන්සි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 28603 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18202 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11081 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 683 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 205 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 858 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site