IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


නිර්මාණකරුවන්ගේ භාෂා වැරැදිවලට සමාව දෙන්න බෑ

නව කතාකරුවකු, කෙටිකතාකරුවකු, තීරු ලිපි රචකයකු මෙන්ම පුවත්පත් කලාවේදියකු ද වන යසවර්ධන රුද්රිගු රචනා කළ යසාගේ වාක්කිය තීරු ලිපියට පසුගියදා ජනාධිපති සම්මානයක් ද හිමිවිය. නිර්මාණ රචනය පිළිබඳ ඔහුගේ අදහස් මෙම කතා බහේ ඇතුළත් වේ. 
 
ඔබ විවිධ ග්‍රන්ථ රැසක් රචනා කර ඇති ලේඛකයෙක්. ඒ අතර කෙටිකතා, නවකතා, යොවුන් කතා සහ විවිධ ක්ෂේත්‍ර යටතේ රචනා කළ ග්‍රන්ථ ඇතුළත්. අද පළවන පොත්පත් ගැන මොනවාද කියන්න තියෙන්නේ?
 
රටේ කොයි තරම් ප්‍රශ්න තිබුණත් ග්‍රන්ථ පළවීමේ අඩුවක් නැහැ. දිනපතාම වගේ විවිධ ග්‍රන්ථ කිහිපයක්ම පළවෙනවා. එය හොඳ ප්‍රවණතාවක්. සාහිත්‍යයේ ඉදිරි ගමනට රුකුලක්. ප්‍රමාණාත්මක වශයෙන් ග්‍රන්ථ රැසක් නිර්මාණය වුණාට ඒ අතර ගුණාත්මක ග්‍රන්ථ ඇත්තේ අතළොස්සක් බවයි කිව හැක්කේ. එම තත්ත්වය ගැන සතුටු වෙන්න බැහැ. 
 
අද නිකුත්වන ග්‍රන්ථ එහෙම ගුණාත්මක තත්ත්වයෙන් පහළය කියලා ඔබ තීරණය කරන්නේ කුමන පදනමක සිට ද? 
යම් සාහිත්‍ය නිර්මාණයකින් බලාපොරොත්තු වන ගුණාංග කිහිපයක් තියෙනවා. ඒවා හරවත් විය යුතුයි. එසේම රසවත් විය යුතුයි. යම් නැවුම් ආස්වාදයක් ගෙන දෙන්නට සමත් වෙන්න ඕනෑ. ඒ වගේම එම නිර්මාණ සම්මත භාෂා රටාවට අනුව සකස් විය යුතුයි. ඉතින් අද නිකුත් වන පොත්වලින් කීයෙන් කීයක ද මෙම සාධනීය ලක්ෂණ තියෙන්නේ කියලා පාඨකයාට නිශ්චය කරන්න අපහසුවක් නැහැ. දුර්වල නිර්මාණ ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම සාහිත්‍යයේ සංවර්ධනයට ඒවායින් ලැබෙන පිටිවහල අඩු මට්ටමකයි තියෙන්නේ.
 
ඔබ කියන්නේ අද බිහිවන සෑම නිර්මාණයක්ම සෑම අතින්ම සියයට සියයක් උසස් විය යුතුයි කියල ද?
මම එහෙම කියන්නේ නැහැ. මා කියන්නේ කුමන අංශයකින් හෝ ඒවා යම් පමණකට සාර්ථකත්වයට පත්විය යුතුයි කියලයි. එහෙම නැතුව බිහිවන කෘති දිය බුබුළු වගේ ඉක්මනින් අතුරුදන් වෙනවා. පාඨකයාගේ මනසේ හදවතේ රැඳෙන්නේ නැහැ. නවකතාවක්, කෙටිකතාවක්, පරිවර්තනයක් හෝ වෙනත් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් මෙන්ම ගීතයක් වුවත් පාඨකයා වැළඳ ගන්නේ එයින් අලුත් අත්දැකීමක් ලැබෙතොත් පමණයි. මා දැකලා තියෙනවා සමහරු පොතකින් කොටසක් පමණක් කියවලා අනේ කිසි වැදගම්මක් නැහැ කියලා එය පැත්තකට දමනවා. ඇයි එහෙම වෙන්නේ. එය පාඨකයාගේ වැරැද්දක් නොව ලේඛකයාගේ වැරැද්දක්.
 
නවකතාවේ භාෂාව ගැන කාගේත් අවධානය යොමු වෙනවා. කථන භාෂාවෙන් පොතපත රචනාවීම ගැන මොනවද හිතන්නේ?
එහෙම කියන්න බැහැ. ලිඛිත භාෂාවටත් කථන භාෂාවටත් නියමිත ව්‍යාකරණයක් තියෙනවා. මේ මොන විදියට ලිව්වත් එම දෙයාකාරයම සමානයි. එහෙත් අද වෙලා තියෙන වින්නැහිය වන්නේ මේ මොන විදිහට ලිව්වත් එම නිර්මාණ නිවැරැදි භාෂා රීතිවලට අනුගත නොවීමයි. අක්ෂර වින්‍යාසය, උක්ත ආඛ්‍යාත සම්බන්ධය, පද බෙදීම, භාෂා රටාව, වාක්‍ය ගැළපීම ආදි මේ සියල්ලම කෙරෙහි ලේඛකයා උනන්දුවක් දැක්විය යුතු වනවා. ලිඛිත ද කථන ද කියන එක නොවේ වැදගත් රචනාවේ නිරවද්‍යභාවයයි. එහෙම නැතිව කරන නිර්මාණවලින් භාෂාවට කරන හානියට සමාව දෙන්න බැරි තරම් විශාලයි. භාෂා රීති නොදන්නා අය කියන්නේ ලියන දේ තේරෙනවා නම් කොහොම ලිව්වත් කමක් නැහැ කියලා. ඒක අර කිතුල් ගහට නැග්ග මිනිහා දුන් පිළිතුර හා සමානයි.
 
ඔබේ “යසාගේ වාක්කිය” තීරු ලිපිය සඳහා පසුගියදා ජනාධිපති සම්මානයක් ලැබුණා. ඔබේ තීරු ලිපි රචනා ගැන යමක් කතා කරමු. 
මගේ මුල්ම තීරු ලිපිය පළවූයේ 1982 ජනවාරි මාසයේ 17 වැනිදා “රිවිරැස” පුවත්පතේයි. එහි නම “ගෙරවීම”. ඒ තීරු ලිපිය තවම මා ළඟ තියෙනවා. ඊට පසු මා දිගටම ප්‍රධාන පුවත්පත්වලට තීරු ලිපි ලිව්වා. ඒවා පාඨකයන් අතර ජනප්‍රිය වුණා. “යසයාගේ වාක්කිය” කියලා මම තීරු ලිපියක් ලක්බිම පුවත්පතට ලියන්න පටන් ගත්තා. 2000 වසරේ සිට. එය ඊට පස්සෙ මේ දක්වා අද පුවත්පතේ “යසාගේ වාක්කිය” යනුවෙන් ලියනවා. ඒ අතරම “සභාවෙන් අවසරයි” යන තීරු ලිපිය ද මා ලියුවා. එය පාසල් යන ළමයෙක් සභාවක් ඉදිරියේ පවත්වන කතාවක්.
 
මා මේ වනවිට තීරු ලිපියක මාතෘකාව කරන්නේ ක්‍රියා නාම පදයක්. ක්‍රියාවකින් නිෂ්පන්න වන නාම පදයක්. එසේම මටම ආවේණික වූ භාෂා ශෛලියක් යොදා ගන්නවා. මාතෘකාව වෙන්නේ “ල්” හා “ල” අවසානයට එන නාම පද. උදාහරණ ලෙස  ගත්තොත් නැටිල්ල, ගැයිල්ල, පැනිල්ල ආදි වශයෙන්. එසේම සෑම වාක්‍යක්ම “ය” අකුරෙන් අවසන් කරනවා. ගියේය, තිබුණේය, ලැබුණේය වගේ. එසේම සෑම වාක්‍යයකටම තීරු ලිපියේ මාතෘකාව අඩංගු කරනවා. නැටිල්ලට කවුරුත් කැමැතිය. නොයෙක් විධියේ නැටිලි තියෙනවාය ආදි වශයෙන්. මෙය මට සුවිශේෂී රටාවක්. 



අදහස් (5)

නිර්මාණකරුවන්ගේ භාෂා වැරැදිවලට සමාව දෙන්න බෑ

de silva Wednesday, 14 August 2019 07:26 AM

අද කාලේ ඕනෙම බොරුවක්, කුනුහරුපයක් මිනිස්සුන්ගේ සිතට වදින විදිහට ලියන්න කියන්න පුළුවන් නම්, ඒවගේ ඉස්පිල්ලක් පාපිල්ලක් අඩු වුණා කියලා මිනිස්සු එච්චර ප්‍රශ්නයක් කරගන්නේ නැහැ...

:       0       0

MaheeWednesday, 14 August 2019 11:45 PM

අන්න එක තමයි වැරැද්ද. සිංහල භාෂාවේ ව්‍යාකරණ කඩල තමන්ගේ නොදන්නා කම වහ ගන්න ලියන දේ තේරෙනවා නම් කොහොම ලිව්වහම මොකද කියනවා. ඔය පණ්ඩිතයෝ කවුරුවත් ඉංග්‍රීසි භාෂාවේ වචනයක් වරද්දන්න බයනැද්ද? බයයි,, ඒ මොකද එතෙන්දි තමන්ගේ නොදන්නා කම අහුවෙනවා. තේරෙනවා නම් මොකද කියල බේරෙන්න බැහැ. දැන් බලන්න ඉතාම ජනප්‍රිය සමහර ටෙලි නාට්‍යවල පවා නොදන්නා පැරණි සිංහලය කතා කරවන්න ගිහින් කියන විකාර. මං කරනු ලැබුවා වගේ යෙදුම්.

:       0       2

ලංකාපුත්‍ර Thursday, 15 August 2019 01:36 AM

මෙය ඉතාම සත්‍ය කියමනක්. මම කුඩාකාලයේ පාසැලේදී ඉගෙනගත්තා හරියට නිවැරදිව ව්‍යාකරන ඉගෙනීමට දිනපතා පුවත්පත් කියවන්න කියලා. ඒ අනුව අපි හරියට ව්‍යාකරනානුකූලව ලියන්න පුරුදු වුණා. නමුත් වර්තමානයේ පුවත්පත් වලින් නිවැරදි ආකාරයට භාෂාව හැසිරවීමක් දක්නට නැහැ. ඒ වගේම කියන්න වෙනවා රූපවාහිනී වැනි ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යවලින් මෙය වඩාත් වැඩියෙන් සිදුවෙනවා. මෙහිදී කියන්න වෙනවා සිංහල භාෂාවේ විභක්ති 9ක් පවතිනවා. අවසාන එක ආලපන විභක්තිය. ආලපන කියන්නේ ඇමතුම යන අදහස දීමක්... සිංහල භාෂාවේදී ඉංග්‍රීසි ක්‍රමයට අම්මා තාත්තා කියා නාම පදය කියා අමතන්නේ නැහැනේ. සිංහලයේදී අමතන්නේ අම්මේ තාත්තේ කියලනේ. ඒ වගේමයි අනෙක් අයට ඇමතීම කරන්නේත්. මෙම වරද බොහෝවිටම ටෙලි නාට්‍යය වලදි සිදුවෙනවා. රූපවාහිනිය අසන ළදරුවන්ද හුරුවෙනවා. ඔවුන්ට ඇසෙන දේ නිසා... තවත් කාලයක් යනවිට කොතරම් වැරදි වේදැයි කියන්න බැහැ. මෙම වැරදි කරන්නන්ට දඬුවම් පැනවීමට ක්‍රමයක් ඇති නොකළොත් නුදුරේදීම සිංහල භාෂාව විකෘතිවීම වළක්වන්න බැහැ.

:       0       3

ලංකාපුත්‍ර Thursday, 15 August 2019 01:36 AM

මෙය ඉතාම සත්‍යය කියමනක්. මම කුඩාකාලයේ පාසැලේදී ඉගෙනගත්තා හරියට නිවැරදිව ව්‍යාකරණ ඉගෙනීමට දිනපතා පුවත්පත් කියවන්න කියල. ඒ අනුව අපි හරියට ව්‍යාකරණානුකූලව ලියන්න පුරුදු වුනා. නමුත් වර්තමානයේ පුවත්පත් වලින් නිවැරදි ආකාරයට භාෂාව හැසිරවීමක් දක්නට නැහැ. ඒවගේම කියන්න වෙනවා රූපවාහිණී වැනි ශ්‍රව්‍ය දෘෂ්ඨි මාධ්‍යය වලින් මෙය වඩාත් වැඩියෙන් සිදුවෙනවා. මෙහිදී කියන්න වෙනවා සිංහල භාෂාවේ විභක්ති 9 ක් පවතිනවා. අවසාන එක ආලපන විභක්තිය. ආලපන කියන්නේ ඇමතුම යන අදහස දීමක්. සිංහල භාෂාවේදී ඉංග්‍රීසි ක්‍රමයට අම්මා තාත්තා කියා නාම පදයකියා අමතන්නේ නැහැනේ. සිංහලයේදී අමතන්නේ අම්මේ තාත්තේ කියලනේ. ඒ වගේමයි අනෙක් අයට ඇමතීම කරන්නේත්. මෙම වරද බොහෝවිටම ටෙලි නාට්‍යය වලදි සිදුවෙනවා රූපවාහිණය අසන ළදරුවන්ද හුරුවෙන්ව ඔවුන්ට ඇසෙන දේ නිසා. තවත් කාලයක් යනවිට කොතරම් වැරදි වෙදැයි කියන්න බැහැ. මෙම වැරදි කරන්නන්ට දඬුවම් පැනවීමට ක්‍රමයක් ඇති නොකලොත් නුදුරේදීම සිංහල භාෂාව විකෘතිවීම වලක්වන්න බැහැ.

:       0       0

ධම්ම Sunday, 18 August 2019 03:00 AM

සිංහල ව්‍යාකරණ ගැන කතාකරන අය තමා ලියන දේ ගැන වඩාත් සැලකිලිමත් වියයුතුයි. බෝහෝ දෙනෙක් 'මා' වියයුතු තැන්වල 'මම' කියා ලියා ලියනවා. උක්ත ආඛ්‍යාත පද සම්බන්ධය ගැන තැකීමක් නැහැ. මේ නිසා කියවන්නා ලොකු අමාරුවක වැටෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site