IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ආරක්‍ෂක අංශ දැන් සොයාගන්නා දේවල් එදා නොදැක්කේ ඇයි

නව සන්නද්ධ බුද්ධි බළකායක් පිහිටුවීමට ශ්‍රී ලංකා යුද හමුදාවේ අවධානය යොමු වී ඇතැයි සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. ජාතික ආරක්ෂාවට උදා වී ඇති අභියෝගවලට සාර්ථකව මුහුණදීමටත් ජාතික ආර්ථිකයේ සුරක්ෂිතතාවත් අරමුණු කර ගනිමින් අති නවීන තාක්ෂණික උපක්‍රම භාවිත කරමින් මෙම බළකාය පිහිටුවීමට සාකච්ඡා කෙරෙන බවද එම ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය. 

අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව නින්දෙන් අවදි වී ඇතිවාක් බඳුය. ජාතික ආරක්ෂාව කොතෙක් ඈලියාවට ගොස් තිබුණේද යත් අප්‍රේල් 21 ප්‍රහාරයෙන් ද අනතුරුව වාර්තාවන තොරතුරුවලින් ද මනාව පැහැදිලි වෙයි. පාස්කු ඉරිදා ප්‍රහාරය එක්දින ප්‍රහාරයකි. එහෙත් ඒ එක් දිනක සැලසුමක් නොවේ. එය වසර ගණනාවක ප්‍රතිඵලයකි. එහෙත් ප්‍රහාරය එල්ල වන තුරුම ඒ බවක් දැන සිටි කෙනෙකු නැත. හිටපු ආරක්ෂක ලේකම්වරයා ප්‍රකාශ කළේ ඔවුන් ප්‍රහාරය ගැන දැන සිටි බවය. එහෙත් මෙවන් ප්‍රහාරයක් අපේක්ෂා නොකළ බවය. වගකිවයුත්තන්ගෙන් මෙබඳු ප්‍රකාශ අසමින් ජීවත් වනවාට වඩා බෝම්බ ප්‍රහාරයකින් මිය ගියේ නම් සැපතකැයි පුරවැසියන්ට සිතෙන්නේ නම් එය විමතිය දනවන්නක් නොවේ. 

කළුගල් පව්ව  බිඳී යන්නේ සියවැනි කුළු ගෙඩි වහරින් වුවද අනූ නවයක් කුළු ගෙඩි පහරවල දෙදරුම්කෑම එහි අන්තර්ගතය. එහෙත් අප්‍රේල් 21 වැනිදා සියවැනි කුළු ගෙඩි පහර එල්ල වන තුරුම අනූ නවයක් කුළු ගෙඩි පහරවල හඬ මෙරට බුද්ධි අංශවලට හා ආරක්ෂක අංශවලට ඇසුණේ නැත. එක්කෝ බුද්ධි අංශ හා ආරක්ෂක අංශ නිදා සිටියේ ද? නැතහොත් කවුරුන් හෝ නිදි පෙති පොවා ඔවුන් නිදි කරවූයේද? කල් නොයවාම විසඳා ගත යුතු ප්‍රශ්නය එයය. 

මඩකලපුව වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු කපා කොටා වෙඩි තබා ඝාතනය කර ඔවුන් දෙදෙනා සතු රාජකාරි ගිනිඅවි දෙක පැහැර ගෙන ගියේ ඉකුත් වසරේ නොවැම්බර් 30 වැනිදාය. එම ද්විත්ව ඝාතන ඉතා පහසුවෙන් බැර කරනු ලැබුවේ එල්.ටී.ටී.ඊ. ගිණුමටය. එහෙත් ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක මොහොමඞ් සහ්රාන් නමැත්තාගේ රියැදුරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ එම ද්විත්ව ඝාතනය ද ඔවුන්ගේම වැඩක් බවය. අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසුව නින්දෙන් නැගිට හෝ සිදු කරනු ලබන මෙහෙයුම් මගින් අනපේක්ෂිත ලෙස මෙම තොරතුරු අනාවරණය නොවූයේ නම් පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයේ වගකීම එල්.ටී.ටී.ඊ. ගිණුමේය. මෙහෙව් බුද්ධි අංශයකින් ජාතික ආරක්ෂාව සුරක්ෂිත වේ යැයි සිතිය හැකි වන්නේ සිහිමද ගතියෙන් පෙළෙන්නකුට පමණි. 

අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේ අප්‍රේල් 21 ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කල්ලියේ තුන් දෙනෙකු බෝම්බ 21, කඩු 6 ක් සමග මෝදර දී අත්අඩංගුවට ගත් බවය. පාර්ලිමේන්තුවට ඇතුළු වන මාර්ග සිතියමක් සමග ත්‍රස්තයකු බලංගොඩ නිවෙසකින් අත්අඩංගුවට ගත් බව වාර්තා කළ අප පුවත්පත බෝම්බවලට දමන යකඩ බෝල කිලෝ 2 ක් සමග ත්‍රස්තයකු වැල්ලවායේ දී අත්අඩංගුවට ගත් බවද වාර්තා කළේය. අයි.එස්.අයි.එස්. සංවිධානයට සම්බන්ධ තරුණයෙකු අලුත්ගම දී අත්අඩංගුවට ගත් බව වාර්තා කළ අප පුවත්පත හලාවතින්, කොහුවලින්, නුවරඑළියට පැමිණි සැකකටයුතු පුද්ගලයන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බවද වාර්තා කළේය. 

ජාතික තවුහිත් ජමාද් සංවිධානයට අයත් සමන්තුරේ නගරයේ පිහිටි පුපුරන ද්‍රව්‍ය ගබඩාවක් අම්පාර පොලිස් විශේෂ කාර්ය බළකාය සොයා ගත් බවට පුවතක් වාර්තා කළ අප පුවත්පත කොම්පඤ්ඤවීදියෙන් කඩු 49 ක් අත්අඩංගුවට ගත් බවද වාර්තා කළේය. අවුකන විහාරයට නුදුරු කුඹුරු යායකින් බලපත්‍ර නෙමැති බෝර දොළහේ පතුරොම් තුවක්කු දෙකක් සහ එම තුවක්කු සඳහා භාවිත කරන පතුරොම් 42 ක් සොයා ගත් බව අප පුවත්පත වාර්තා කළේය. අධි බලැති පුපුරන ද්‍රව්‍ය කිලෝවක් වැල්ලවත්තේ ත්‍රීරෝද රියක සඟවා තිබියදී අත්අඩංගුවට ගෙන සැක කටයුතු පුද්ගලයන් තිදෙනෙකු ද පොලිස් බාරයට ගත් පුවතක් ද අප පුවත්පත වාර්තා කළේය. මීරිගම දුම්රිය පොළේ වැසිකිළියේ ටි. 56 උණ්ඩ 8 ක් තිබී සොයා ගත් බව අනාවරණය කළ අප පුවත්පත ගාල්ල නගරයේදී සැකකටයුතු ලෙස හැසිරුණු බව කියන තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවද වාර්තා කළේය. 

ෂැංග්‍රිලා හෝටලයට මාරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ත්‍රස්තයාගේ වැඩිමහල් සොහොයුරා කඩු දෙකක් හා වායු රයිෆලයක් සමග අත්අඩංගුවට ගත් බවත් අප පුවත්පත වාර්තා කළේ, බුදු පිළිම කැඩූ තවුහිත් නායකයාගේ ගෝලයන් දෙදෙනෙකු ගම්පොළ දී අත්අඩංගුවට ගත් බවද වාර්තා කරමිනි. 

රට පුරාම විවිධ මෙහෙයුම්ය. එය සිදු විය යුත්තකි. ජනයා පෙළෙන මරණ බියෙන් ඒ ජනයා මුදාලීම ආරක්ෂක අංශ සතු වගකීමකි. එහෙත් මේ උනන්දුව අවධානය සදාකල්හිම පැවතිය යුත්තකි. මන්දයත් ජාතික ආරක්ෂාව ඈලියාවට ගියහොත් කිසිවෙකුගේ පැවැත්මක් තහවුරු වන්නේ නැත. අද රටට සිදු වී ඇති නස්පැත්තිය එයම විනා අන් යමක් නොවේ. මේ අගාධයට රට දැමූ වගකිව යුත්තන් එයට හේතු මොනවා දැයි නිවැරදි විනිශ්චයක් කර ඇද්දැයි අපි නොදනිමු. එහෙත් බුද්ධි අංශ නිදා ගැනීම හෝ නිදි ගැන්වීම විනාශය අප කරා රැගෙන ආ බව පමණක් අපි දනිමු.



අදහස් (5)

ආරක්‍ෂක අංශ දැන් සොයාගන්නා දේවල් එදා නොදැක්කේ ඇයි

Rohitha Tuesday, 30 April 2019 01:35 PM

දෙගොල්ලොම මුස්ලිම් කට්ටියගේ ඡන්දෙට, කෑදරකමට දැක්කේ නැතුව වගේ හිටියා...

:       0       29

chandima Tuesday, 30 April 2019 02:19 PM

බුද්ධි අංශ කවදාවත් නිදාගෙන ඉඳලත් නැහැ. ආරක්ෂක අංශ මේ දේවල් එදා නොදැක්කෙත් නැහැ. දූරදර්ශි න්‍යාය පත්‍රවලට අනුව හිරේට යන්න වෙන නිසා ඇස් අැරගෙන උන්නත් නිදාගෙන වගේ ඉන්නත්, දැක්කත් නොදැක්කා වගේ ඉන්නත් පුරුදු වුණා, එ්කයි වුනේ...

:       63       107

d.upul Tuesday, 30 April 2019 05:37 PM

ප්‍රහාරයේ සැලසුම දේශපාලකයින් කලින්ම දැනගෙන හිටියත් හැමෝටම ඕනෑ වුනේ මිනිස් ලේ ගංගාවක් උඩින් ගිහින් එකාටඑකා කැපිල්ල දාගන්න.

:       0       110

ravi Tuesday, 30 April 2019 07:44 PM

හරි වැදගත්..ප්‍රශ්නයක්.. ! ඇමෙරිකාවෙත් රාජ්‍ය ආරක්ෂාව තරවුනේ ත්‍රස්තවාදී අරගලයෙන් පසුවයි..!

:       0       0

yasantha Wednesday, 01 May 2019 12:16 PM

මංගලට කියන්න එපා... නම් ටික දමාවි..

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31328 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13539 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11002 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 116 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 942 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 281 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site