
අපි හැමෝම ලස්සන වීමට කොතෙක් නම් උත්සාහ දරනවාද? නිරෝගීව මෙන්ම ලස්සනට සිටීමට අකමැති කවුද? අපේ බාහිර පෙනුම අලංකාර කර ගැනීමෙහිලා වැදගත්ම සාධකය සමයි. සමෙහි පිරිසුදුතාව මෙන්ම නිරෝගීකම රැක ගැනීම අපි හොයන පතන ලස්සන වීමේ ප්‍රධාන රහසයි. එබැවින් ලස්සන වීමට කැමැති අයට, ලස්සන වැඩි දියුණු කර ගැනීමට කැමැති ඔබට පහත පුරුදු අනුගමනය කළ හැකියි.
1) අධික හිරු එළියට නිරාවරණය වීම සුදුසු නැත.
එනම් උදෑසන 10න් පසු සවස තුන, හතර වන තුරු පවතින දැඩි හිරු රශ්මිය සමට පීඩා ගෙන දේ.
2) දේශගුණ තත්ත්වයට ඔබින ඇඳුම් පැළඳුම් භාවිතයට හුරු වන්න.
අපේ රට සමකයට ආසන්නව පිහිටීම නිසා උණුසුම් ගතිය වැඩිය. නිතර දහදිය දැමීම පවා සිදුවේ. එබැවින් කපු ඇඳුම් භාවිත කිරීම ඉතා යෝග්‍යයි. පහසුවෙන් ඇඳිය හැකි ඇඳුමක් සුදුසු අතර ලා පැහැති, සිරුරට තද නොවුණු ඇඳුමක් නොවිය යුතු වේ. අව් රශ්මියට යාමේදී කුඩයක්, අව් කණ්ණාඩි, හොඳ වර්ගයේ සන් ක්‍රීම් එකක් භාවිත කරන්න.
3) සමේ තෙතමනය රැක ගත යුතුයි.
සම වියළි වුවහොත් බාහිරින් අවලස්සනක් එකතු වේ. තෙතමනය රැක ගැනීමටත් වියළි ගතිය දුරු කිරීමටත් දිනකට වතුර ලීටර් දෙකහමාරත් තුනක් පානය කරන්න.
4) පී.එච්. අගයට ගැලපෙන සබන් වර්ගයක් තෝරා ගන්න.
සමේ ඇති කුණු, දුහුවිලි ඉවත් කිරීමට ඔබ සබන් භවිත කරනවා නම් රළු, ගොරෝසු ගතිය නැති සෞම්‍ය සබන් වර්ගයක් තෝරා ගන්න.
5) සම අධිකව ඇතිල්ලීම, ඇදීම නොකරන්න.
ඇතැම් දෙනා කොහු ලණු, ගල් වර්ග භාවිත කරමින් සම තදින් අතුල්ලන ආකාරය දක්නට ලැබේ. මෙමගින් කුණු, දුහුවිලි යාම කෙසේ වෙතත් හිතාමතාම ඔබ සමට හානි කර ගනී.
6) සමේ රෝම කූප ඉවත් කිරීමේදී ප්‍රවේශම් වන්න.
රෝම කූප යනු සමේ ආරක්ෂිත වැස්මකි. රේසර්, වැක්ස් වර්ග භාවිතයෙන් රෝම කූප ඉවත් කිරීම සිදු වේ. යම් හෙයකින් සම තුවාල වුව හොත් ඒ සීරුම දිගේ විසබීජ ශරීර ගත විය හැකියි. සියවැඩියා රෝගියකු නම් එම සුළු තුවාලය සුව වීමට කල් ගත වීමත්, තුවාලය වර්ධනය වීමටත් ඉතා ප්රමාණවත්ය.
7) දෙපා පිරිසුදුව තබා ගැනීමෙන් ලස්සන වීම ඔප් නැංවේ.
මුහුණ පමණක් නොව දෙපාවල නිය, ඇඟිලි කරු අතර තෙතමනය නොතබා වියළිව තබා ගත යුතුයි. තෙතමනය නිරතුරුව රැඳී තිබීමෙන් විවිධ දිලීර ආසාදන මතු විය හැකියි.
8) පෝෂ්‍යදායී ආහාර රටාවකට අනුගත වන්න.
මෙමගින් සම පැහැපත් වීමටත්, නිරෝගී භාවයටත් මෙන්ම හිසකෙස් වර්ධනයටත් මහෝපකාරී වේ. ගුණවත් එළවළු, පලතුරු මෙන්ම පළා වර්ගද තම ආහාර වේල්වලට එකතු කර ගැනීමෙන් කදිම පෝෂණයක් ලබා ගත හැකිය.
9) දුම්පානය, මත්පැන් පානය නතර කරන්න.
සිරුරේ බාහිර පෙනුම සේම අභ්‍යන්තරයේ නිරෝගීතාව කෙරෙහිද සැලකිලිමත් වීම වටී.
10) ආතතිය පාලනය කර ගන්න.
අනවශ්‍ය ආකාරයට ප්‍රශ්න ගැන හිතමින් ලතැවීම, දුක් වීම හැකි උපරිමයෙන් අඩු කිරීමට ඔබට පුළුවනි.
11) දිනකට ඔබට අවැසි පැය 6ක අඛණ්ඩ නින්ද ලබා ගන්න.
ඔබ කලින් දිනයේදී හොඳ නින්දක් ලබා නැති බව පෙන්වන්නේ මුලින්ම ඔබේ දෙනෙතයි. දීප්තිය නැති දෙනෙත ඔබේ ලස්සන යටපත් කරන ප්‍රධාන සාධකයයි.
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 18
596
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
292
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලස්සන වෙන්න කැමැති ඔබට සරල පුරුදු කිහිපයක්
නෙතු පෙරේරා Sunday, 08 October 2023 03:48 PM
ඇඟ පාටවෙන්න ක්‍රමයක් කියන්න. මගේ ඇඟ සාමාන්‍යයෙන් උෂ්ණයි. අනේ විසඳුමක් කියන්න. මට 18යි. බ්ලීචින් ක්‍රීම් වර්ග එහෙම මන් ගාලාම නෑ.. නෝමල් ඉන්නේ. ක්‍රීම් ගාන්නේ නෑ.
Subhagya Wednesday, 11 September 2024 06:45 PM
මගේ මූණේ කුරුලෑ එනව නිතරම. මම බ්චිං ක්‍රීම් මුකුත් පාවිච්චි කරන්නේ නැහැ. මට අවු 18 යි .මගෙ මූණේ කුරුලෑ ලප කැලැල් එහෙමත් තියෙනව. white heads, black heads, තියෙනව මේකට විසදුමක් කියන්න ?
වත්සලා වෙනුරි Tuesday, 15 October 2024 08:39 PM
මගේ මුහුණේ කුරුලෑ ගොඩක් තියෙනවා