(නිමල කොඩිතුවක්කු)
සියලුම අපේක්ෂකයන් නාම යෝජනා බාරදීමෙන් පසු ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය සම්බන්ධයෙන් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාගෙන් ‘ඉරිදා ලංකාදීප’ය කළ විමසීමකදී ඔහු මේ බව පැවැසීය.
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන්නේද යන්න මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් ඔහු සඳහන් කළේය.
ප්‍රධාන දේශපාලන පක්ෂවලින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම ජනාධිපතිවරණ අපේක්ෂකයන් සමග ඉදිරියේදී සාකච්ඡා කර දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන සියලුම පාර්ශ්‍වල එකඟතාවයෙන් මේ පිළිබඳ අවසන් තීන්දුවක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd