කතුන්ගේ රන් කොල්ල කෑ පොලිසියේ හතරක් රිමාන්ඩ්
ඉන්දියාවෙන් මෙරටට තහනම් භාණ්ඩ රැගෙන එනු ලැබූ බව කියන පිරිසක් අත්අඩංගුවට ගෙන ඔවුන් සතුව තිබූ ඇමරිකන් ඩොලර් සහ රන් භාන්ඩ සොරා ගත්තැයි කියන සිද්ධියකට අදාළව අධිකරණයට භාරවූ කැළණීය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරික්ෂකවරයකු ඇතුලු නිලධාරීන් සිව් දෙනකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සඳහා ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (14) නියෝග කළේය.