පොලිස්පතිගේ පෙත්සම සළකා බැලීම 31 වැනිදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තමන් අනිවාර්ය නිවාඩු යැවීම නීතිවිරෝධී බවත්, එමඟින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව සඳහන් කරමින් එම නියෝගය බලරහිත කරන ලෙසත්, තමන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන මස 31 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (24) තීන්දු කළේය.