ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති රවීගෙන් පැය 7 ක් ප්‍රශ්න කරයි
රත්ගම, රත්නඋදාගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් පුළුස්සා ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව දකුණු පළාත බාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19) පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මූලස්ථානය කියයි.