ගෝඨාභයට අපහාස වන ලෙස පත්රිකා බෙදූ දෙදෙනා යළි රිමාන්ඩ්
ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස වන අයුරින් තොරුතුරු ඇතුළත් අත් පත්රිකා බෙදා හැරියේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතකර සිටි රාජ්ය ඇමැති හර්ෂ ද සිල්වා මහතාගේ ලේකම්වරයෙක් හා අනෙක් පුද්ගලයා අද (15) දින දක්වා යළි රිමාන්ඩ් භාරයේ තබන ලෙද නුගේගොඩ වැඩ බලන මහේස්ත්රාත් සුනිතා නානායක්කාර මහත්මිය නියෝග කළාය.