“මුදල් ගියපු ගිණුම දන්නෑ කියන්න අණ්ඩුවට බෑ” මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා යනු දේශපාලන පත්වීමක් බවත් මේ පත්වී සිටින එක් අයෙකුවත් රාජ්‍ය සේවයේ අවුරුදු ගණනක පළපුරුද්දක් තිබෙන අය නොවන බවත් මෙම පත්වීම් ජනාධිපතිවරයා දීපු පත්වීම් නිසා ඩොලර් මිලියන දෙකයි දශම පහක මුදලක් වැරදි ගිණුමකට ගියා යැයි කියන සිද්ධියට රජය වග කිව යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පා.ම. නාමල් රජපක්ෂ මහතා පවසයි. 30 April 2026
‘‘ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය වෙනුවෙන් අවංකව වැඩ කරනවා‘‘ ක්‍රිකට් පරිවර්තන කමිටුවෙි එකම සහ අව්‍යංක අභිප්‍රාය වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ අභිමානය සහ දක්ෂතාව්‍යය යළි ස්ථාපිත කිරීම බව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි. 30 April 2026
ගාල්ලේ බන්ධනාගාර රැදවියන්ගේ ප්රශ්නය ඔඩුදුවයි ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් සංඛ්‍යාව මේ වනවිට 2050 දක්වා වැඩි වි ඇති අතර මෙම තත්ත්වය නිසා රැදවියන් මෙන්ම බන්ධනාගාර කාර්යමණ්ඩලය ගැටළු රැසකට ලක්ව ඇති බැව් ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. 30 April 2026
වෛද්‍යවරියක ඇතුළු පිරිසක් වීඩියෝ කළැයි ක්‍රීඩකයින් දෙන්නෙක් අත්අඩංගුවට නාරහේන්පිට ප්‍රසිද්ධ හෝටලයක නාන කාමරයක සිටි වෛද්‍යවරියක ඇතුළු කාන්තාවන් පිරිසක් ජංගම දුරකථනයෙන් වීඩියෝ කළ බව කියන 19 න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය සඳහන් කරයි. 30 April 2026
රුසියා සෞඛ්‍ය ඇමැති මෙරට සංචාරයක රුසියාවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mr.Mikhail Murashko) මහතා ඇතුළු නියෝජිත පිරිසක් තෙදින නිල සංචාරයක් සඳහා මැයි මස 03 දින දිවයිනට පැමිණීමට නියමිතය. 30 April 2026
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 30 April 2026
වනජීවි නියාමකට වල් ඌරු ප්‍රහාරයක් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ රාත්‍රි මුර සංචාරයක නිරත වෙමින් සිටි වනජීවි කණ්ඩායක නිළධාරීයකුට වල් ඌරේකු කඩා පැන දල වලින් පහර දි සපා කෑමේන් බරපතල ලෙස පාදවලට තුවාල සිදුව පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර ඇත. 30 April 2026
කාර්යාල බසයට බෝතල් ප්‍රහාරයක් කුරුණෑගල සිට කල්පිටිය දක්වා ගමන් කරන කාර්යාල බස් රථයට කල්අඩිය පාලවිය මාර්ගයේදි එල්ල වු බෝතල් ප්‍රහාරයකින් රියදුරුගේ මුහුණට හා ඇසකට තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි. 30 April 2026
මාතර සමූපාකාර රෝහලේ සභාපති ඇතුළු පහක් රිමාන්ඩ් මාතර සමුපකාර රෝහල් පරිශ්‍රයේ පැවැත්වු විරෝධතාවයක් අතරතුරදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබු එම රෝහලට පත් කළ සභාපති ඒ.ඒ.ඩී.අමින්ද නැමැත්තා ඇතුළු පස් දෙනකු ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද නියෝග කළේය. 29 April 2026
පදක්කම් දිනා වෙරළ කබඩි කණ්ඩායම දිවයිනට චීනයේ පැවති 06 වන ආසියානූ වෙරළ ක්‍රීඩා තරගාවලිය යටතේ පැවති වෙරළ කබඩි තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහි රිදී පදක්කමත් , ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එහි ලෝකඩ පදක්කමත් දිනා අද රාත්‍රී දිවයිනට පැමිණියහ . 29 April 2026
බඹරකන්දේ අතරමං වූ සිසුන් බේරා ගැනෙති හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල ආශ්රිත ප්‍රදේශයේ අද 29 සවස සංචාරකයට ගොස් අතරමං වූ සරසවි සිසුන් තිදෙනා මුදවා ගැනීමට හැකි වූ බව හල්දුම්මුල්ල පොලිසිය පවසයි. 29 April 2026
සරසවි සිසුහු තිදෙනෙක් බඹරකන්දේ තනි වෙති බබරකන්ද දියඇල්ල නැරඹීමට ගිය සබරගමුව විශ්ව විද්‍යාලයේ හයදෙනකුගෙන් සමන්විත සිසුන් කණ්ඩායකම සිසුන් තිදෙනකු අද(29)පස්වරුවේ කැලෑවේ අතරමන්ව ඇති බවත් සිසුන් තිදෙනකු නිරුපද්‍රිතව පැමිණ ඇති බවත් හල්දුම්මුල්ල පොලිසිය පවසයි . 29 April 2026
AI වලින් ගුරුවරියන්ගෙ ඡායාරූප නිරුවත් කළ සිසුන් 5ක් අල්ලයි කන්කසන්තුරය උඩුත්තරය ප්‍රදේශයේ මහා විද්‍යාලයක ගුරුවරියන් 16 දෙනෙකු ගෙන් සමන්විත සමූහ ඡායාරූපයක් A I තාක්ෂණය ඔස්සේ සංස්කරණය කර නිරුවත් කර වට්සැප් මාධ්‍ය ඔස්සේ බෙදා හැරී බව කියන එම විද්‍යාලයේම සිසුන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව මරදන්කේනි පොලිසිය සඳහන්කරයි. 29 April 2026
සිදුවන්නට ගිය අනතුරක් නුලෙන් වැළකේ මොරටුව ගාලු පාර කොරලැවැල්ල ප්‍රදේශයේදී ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක රියදුරෙකුට හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් බස් රථය මැද දූපතේ ආරක්ෂිත යකඩ වැටද කඩාගෙන ගාලු පාර හරහා ප්‍රතිවිරුද්ධ දිශාවට ගොස් වඩු මඩුවක ගැටී නතර වී සිදුවීමට ගිය විශාල අනතුරක් නූලෙන් වැළකී ගිය බව මොරටුව මූලස්ථාන පොලිසිය කියයි. 29 April 2026
ඉරාන් සජබෙන් ඉවතට ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කළ සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරීමට සජබ තීරණය කර ඇතැයි වාර්තාවේ. 29 April 2026
බසයක් අඩි 30ක් පල්ලමේ:30ක් රෝහලේ:අයෙක් මරුට ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුලු 30 දෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවත්, ඉන් එක් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලිසිය පැවසීය. 29 April 2026
ක්‍රිකට් පරිවර්තන කමිටු සභාපති ඉරාන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න මහතා පත්කර ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය නිවේදනය කර තිබේ. 29 April 2026
’’පොහොර හිඟයක් නෑ’’ ශ්‍රී ලංකාව තුල යල කන්නය සඳහා කිසිදු පොහොර හිඟයක් නොමැති බව අතිරේක කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ජී.ජී.වී. ශ්‍යාමලී මහත්මිය සඳහන් කරයි. 29 April 2026
අපරාධකරුවන්ට උණ්ඩ දුන් හිටපු සෙබළෙක් මාට්ටු කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධානතම සැකකරුවකු වූ ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලින්ත පෙරේරා නොහොත් කොමන්ඩෝ සලින්ත නමැත්තාට උණ්ඩ 350ක තොගයක් ලබා දුන් හිටපු හමුදා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි 29 April 2026
දැරියන්ට අමුතු පාඩම් කියාදුන් උපකාර පන්ති ගුරා අත්අඩංගුවට පාසල් දැරියක් අපයෝජනයට ලක් කළ බවට සැකපිට ලග්ගල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු සුඛෝපභෝගී මෝටර් රථයක් සමඟ අද ( 29) සැකපිට අත් අඩංගුවට ගත් බව ලග්ගල පොලිසිය කියයි. 29 April 2026
ප්‍රීමා පිටි රුපියල් පහකින් ඉහළට ප්‍රීමා තිරිගු පිටි සාමාගමේ නිෂ්පාදිත බේකරි කර්මාන්තය සදහා උපයෝගි කර ගන්නා ප්‍රීමා මිල්ක් බ්‍රෑන්ඩ් පිටි කිලෝ එකක මිල අද දින සිට රු.5කින් වැඩි කළ බව එම සමාගම විසින් දිවයිනේ සියලුම ඔවුන්ගේ අලෙවි නියෝජිතයන් වෙත දැනුම් දී ඇත. 29 April 2026
සංවිධානාත්මක අපරාධකරුවෙක්ගිනි අවි සමඟ මාට්ටු විදෙස් ගතව සැගව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ’’හෝමගම ගගන’’ නමැත්තාගේ වෙඩික්කරු ලෙස ක්‍රියාකල බවට සැක කරන අයෙකු ඔස්ට්‍රියාවේ නිශ්පාදිත ගිනි අවියක් මැගසිනයක් සහ උණ්ඩ පහක් සමගින් හෝමාගම පිටිපන දී ඊයේ (28) දින අත් අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාශය පවසයි. 29 April 2026
පඤ්ඤාකර හිමි ඇතුළු පිරිස දිවයිනෙන් පිටව යති ’’ ඒහිපස්සිකෝ ’’ ලෝක සාමය සදහා ඇවිදින්න නැමති සාම පා ගමන සදහා මෙරටට වැඩම කර සිටි , වියට්නාම් ජාතික පඤ්ඤාකර සහ රතනගුණ ඇතුළු භික්ෂුන් වහන්සේලා ද ’’ආලෝකා ’’ නැමති සුනඛයා ද , තවත් ගිහි පිරිසක් ද අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගියහ . 29 April 2026
ලෝක නිවුන් තරගයයට පිටත්ව යති චීනයේ පැවැත්වෙන ලොව විශාලතම ’’ නිවුන්’’ උළෙල - 2026 ( World Largest Twins Festival ) සදහා සහභාගී වීමට ශ්‍රී ලංකා නිවුන්නු කණ්ඩායම චීනය බලා පිටත්ව ගියහ. 28 April 2026
රැඳවියාගේ මරණයට තවත් නියාමක දෙකක් අත්අඩංගුවට බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඇතිවු ගැටුමින් රැඳවියකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරුන් තවත් දෙදෙනෙකු අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි. 28 April 2026
විදෙස් කතට අතවර කළ සරසවි සිසුවෙක් මාට්ටු ප්‍රංශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත කුලී රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 28 April 2026
ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් ගැටී 14 ක් මරුට ඉන්දුනීසියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් 14 ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 84 කි. තුවාල ලැබූවන්ගෙන් කිහිප දෙනකුගේ තත්වය බරපතල බවත්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යෑමට ඉඩ තිබුණු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 28 April 2026
මැගසින් රැඳවියාගේ මරණයට බන්ධනාගාරයේ තුනක් සැකපිට බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ ඇතූවු ගැටුමකින් රැඳවියකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජේලර්වරයෙකු සහ නියාමකවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව වැඩ බලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී මිනුර සෙනරත් මහතා පැවසීය. 28 April 2026
හිටපු ජනපති මෛත්‍රීපාල අල්ලස් කොමිසමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද අල්ලස් කොමිසම වෙත පැමිණි බව එම කොමිසම සඳහන් කරයි. 28 April 2026
පාසල් බසය අනතුරට ලක්වී ළමුන් 34ක් රෝහලට බගවන්තලාව රාණිකාඩු ප්‍රදේශයේ සිට බගවන්තලාව නගරයේ පිහිටි පාසල් වෙත පාලස් ළමුන් ප්‍රවාහනය කරන බස් රථයක් අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් 34දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අද (28) ඇතුලත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ ජයසූරය මහතා පැවසීය. 28 April 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026