ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත දෙවැනියාත් මරුට කොරෝනා වයිරසය ආසාදනය වී මිගමුව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයකු මිය ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 30 March 2020
ඔලිම්පික් උළෙල 2021 ජූලි - අගෝස්තු ටෝකියෝ ඔලිම්පික් උළෙල ලබන වසරේ (2021) ජූලි මාසය දක්වා කල්දැමීමට අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව සහ ටෝකියෝ ඔලිම්පික් සංවිධාන කමිටුව එකඟ වී තිබේ. මීළඟ ඔලිම්පික් ක්‍රීඩා උළෙල 2021 වසරේ ජූලි මස 23 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වේ. 30 March 2020
ශ්‍රී ලංකාවේ මාස හතරක බිළිඳෙකුටත් කොරෝනා හලාවතින් සොයා ගන්නා ලද කොරෝනා ආසාදිතයාගේ පවුලේ පස්දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. 30 March 2020
දිස්ත්‍රික්ක 6 කට ඇඳිරි නීතිය දිගටම කොළඹ,කළුතර,ගම්පහ, පුත්තලම,යාපනය සහ මහනුවර දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු දිගටම බලාත්මක බව රජය පවසයි. 30 March 2020
ඕස්ට්‍රේලියාවේ රැස්විය හැකි උපරිම ගණන 2යි කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශීවීම් පුද්ගලයන් දෙදෙනකුට සීමා කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර ඇත. 30 March 2020
ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කරන්නැයි ජලාපවාහන මණ්ඩලෙන් උපදෙස් කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින වත්මන් තත්වය සැලකිල්ලට ගනිමින් ජලය අරපිරිමැස්මෙන් පරිභෝජනය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහාන මණ්ඩලය උපදෙස් ඇතුළත් නිවේදනයක් නිකුත් කර තිබේ. 30 March 2020
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන 700,000 ඉක්මවයි නිල සංඛ්‍යා දත්තවලට අනුව ලොවපුරා සිටින කොරෝ ආසාදිතයන්ගේ ගණන 700,000 ඉක්වවා ගොස් ඇත. 30 March 2020
නිරෝධායනය වෙමින් සිටි අයෙකු හොර රහසේ බැංකුවකට රිංගලා විදේශ රටක සිට මෙරටට පැමිණි දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේ පද්ගලයෙකු නිවස තුළ නිරෝධායනය වෙමින් සිටියදී හොර රහසේ අද (30) ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ දඹුල්ල නගරයේ ස්ථාන කිහිපයක සහ රජයේ බැංකු කාර්යාලයකට ගොස් ඇති බව අනාවරණය වීමත් සමඟ බැංකු කාර්යාලය විසබීජහරණයකට ලක් කිරීමට දඹුල්ල පොලිසිය සහ මහනගර සභාව කටයුතු කළේය. 30 March 2020
මුහුණු පොතේ අසත්‍ය ප්‍රචාර පැතිරවූ දෙදෙනක් අත්අඩංගුවට බේරුවල පොලිස් බල ප්‍රදේශයේ අඛණ්ඩව ඇඳිරිනීතිය ක්‍රියාත්මකව පවතින කාලය තුල බේරුවල ඉස්ලාම් දේවස්ථානයක ආගමික උත්සවයක් පැවති බව හැඟවෙන ව්‍යාජ තොරතුරු මුහුණුපොතට මුදාහල බේරුවල සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 30 March 2020
රජයේ ආයතනවල අනියම් - ආදේශක සේවක වැටුපට සහනයක් කොරෝනා නිසා හටගෙන ඇති අසීරු තත්වය සැලකිල්ලට ගෙන , රජයේ ආයතනවල සේවය කරන අනියම් සහ ආදේශක සේවකයන්ට විශේෂ වැටුප් සහනයක් සැලසීමට රජය තීරණය කර තිබේ. 30 March 2020
ලිංගාශ්‍රිත රෝග - ඒඩ්ස් මර්දන සායන ප්‍රතිකාර අඛණ්ඩව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන වලින් ප්‍රතිකාර ලබාගන්නා පුද්ගලයින්ට අවශ්‍ය සේවා සැපයීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 30 March 2020
ඉන්දියාවේ රැකියා අහිමිවූ කම්කරුවන්ට කඳුලු ගෑස් ප්‍රහාර ඉන්දියාවේ බටහිර ප්‍රදේශයේ වීථි වලට එක්රැස්වූ දහස් ගනනක සංක්‍රමණික කම්කරුවන් විසිරුවා හැරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වේ. 30 March 2020
ගවමස් බෙදා හැරි අයෙක්ට ලක්ෂයක ශරීර ඇප ගවයෙකු මරා නිවෙස් වලට මස් බෙදා හැරි පුද්ගලයෙකු ගලගෙදර පරිපාලන මහජන සෞක්‍ය පරික්ෂක හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත් අඩංගුවට ගෙන අද අධිකරණට ඉදිරිපත් කළේය. 30 March 2020
පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 812 ක් කොරෝනා වයිරසය හේතුවෙන් අද (30) පස්වරු 4 න් අවසන් වූ පැය 24 කාලයේදී ස්පාඤ්ඤයේ 812 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 30 March 2020
කොරෝනා රෝගීන් හඳුනාගන්න වීඩියෝ තාක්ෂණය ශ්වසන ආබාධ සහිත කොරෝනා යැයි සැක පුද්ගලයින්ට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල්ගත වීමට ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල මගින් ජංගම දුරකථන මෘදුකාංග යෙදුමක් හදුන්වා දෙනු ලැබීය. 30 March 2020
ඌව සරසවි උපාධි පාඨමාලා අභියෝගතා පරීක්ෂණයට අයෙදුම්පත් බාර ගැනීම කල්යයි ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපාධි පාඨමාලා හතරකට අදාලව පැවැත්වෙන අභියෝගතා පරීක්ෂනය සදහා අයෙදුම්පත් බාර ගන්නා දිනය ලබන මැයි 04 වනදා තෙක් දීර්ඝ කිරීමට එම විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. 30 March 2020
මාළු ඇසුරුම් කර නිවෙස්වලට ගොස් අලෙවිකරන්න යයි මසුන් ඇසුරුම් කර ග්‍රෑම් 250, 500, හා කිලෝග්‍රෑම් එක යන බර ප්‍රමාණයන්ගෙන් යුත් ඇසුරම් නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ වැඩ පිළිවෙලක් ධීවර සංස්ථාව අද (30) ආරම්භ කළේය. 30 March 2020
කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කෙරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 122 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 30 March 2020
මොස්කව් නුවරටත් අගුළු දමයි සියලු කටයුතු අකර්මන්‍ය කෙරෙන ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය අගනුවර කිරීමට රුසියාවේ මොස්කව් අගනගරය අද (30) පියවර ගත්තේය. 30 March 2020
නාත්තන්ඩිය කොරෝනා ආසාදිත ව්‍යාපාරිකයාගේ නිවසේ සිව් දෙනෙකු අයි .ඩි.එච් යවයි මේ වන විට කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගෙන ඇති නාත්තන්ඩිය ව්‍යාපාරිකයාගේ නිවසේ සිව් දෙනෙකු කොරෝනා ආසාධිත රෝග ලක්ෂණ මතු කිරිමත් සමඟ අංගොඩ බෝවන රෝග විද්‍යාතනය වෙත අද ( 30 ) දින යැවිමට කටයුතු කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය දින්‍රෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. 30 March 2020
සුළු වැරදි සම්බන්ධ රැඳවියන් 1645 කට ඇප බන්ධනාගාරවල පවතින අධික තදබදය සමඟ කොරෝනා වයිරසය පැතිරයමේ අවදානම සැළකිල්ලට ගෙන සුළු වැරදි මත ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකිව සිටින සැකකරුවන් 1645 දෙනකු පමණ අධිකරණය මගින් ඇප ලබාදී මුදා හැරීමට කටයුතු කර තිබේ. 30 March 2020
‘‘ඇමෙරිකාවේ මිලියන ගණනකට කොරෝනා වයිරසය ආසාදනය විය හැකියි‘‘ ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 100,000ත් 200,000 අතර පිරිසකට ජීවිත අහිමි වනු ඇතැයි එරට ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයකු අනතුරු අඟවයි. 30 March 2020
හපුතලේ නගරයේ වෙළඳ සැලක් මුද්‍රා තබයි කොරෝනා රෝගය වළක්වා ගැනීමට සහ නිරෝධායන කටයුතුවලට සහය නොදක්වමින් වෙළඳාම් කටයුතු කරගෙන ගිය හපුතලේ නගරයේ වෙළඳ සැලක් මුද්‍රා තැබීමට අද (30) හපුතලේ පොලිසිය පියවර ගනු ලැබීය. 30 March 2020
රත්ගම ද්විත්ව ඝාතනයේ සැකකරුවන්ට ඇප : විදෙස් ගමන් තහනම් රත්ගම ද්විත්ව ඝාතන නඩුවේ සැකකාර පොලිස් නිලධාරින් පහළොස් දෙනා සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනා ඇතුලු සැකකරුවන් දාහත් දෙනා ඉදිරිපත් කර තිබු ඇප අයදුම් පත් සළකා බැලු දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව් .පි.එස්. නිස්සංක මහතා අද (30)එක් අයෙකුට රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ දහය බැගින් වු ශරීර ඇප දෙකක් ඇතුලු දැඩි ඇප කොන්දේසි නියම කළේය. 30 March 2020
ශ්‍රී ලාංකික සිසුන් 475 ක් උතුරු ඉන්දියාවේ ආරක්ෂිතව ඉන්දියාව පුරා විසිර සිටින ශ්‍රී ලාංකික සිසුන් 700ක් පමණ පිරිසෙන් 475 දෙනකු උතුරු ඉන්දියාවේ ප්‍රදේශය කිහිපයක ආරක්ෂිතව සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි. 30 March 2020
ආගරපතන වතුකම්කරුවෝ විරෝධතාවයක වැටුප් අත්තිකාරම් මුදල් අඩුවෙන් ලබාදුන් බව පවසමින් තලවකැලේ ආගරපතන ග්ලාස්ගෝ වත්තේ වතුකම්කරුවෝ අද (30) විරෝධතාවයක නිරතවූහ. 30 March 2020
මැකෝගේ අම්බලන්ගොඩ නිවසට හොරු පනිති මැතිවරණ කොම්සමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අම්බලන්ගොඩ පිහිටි නිවස සොරුන් බිද අතැයි අම්බලන්ගොඩ පොලීසිය කියයි . 30 March 2020
විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට සහන සලසන්න වැඩබලන පොලිස්පති නියම කරයි විශ්‍රාමික පොලිස් නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල් වලට අවශ්‍ය පහසුකම් සලසන ලෙස වැඩ බලන පොලිස් පති සී.ඩී වි්මරරත්න මහතා සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස්දී ඇත. 30 March 2020
ඒ 9 මාර්ගයේ කොටසක් වසයි මධ්‍යම පළාතේ පළමු වන නව කොරෝනා ආසාදිත රෝගියා අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වීමත් සමඟ අකුරණ නගරය ඇතුළු අවට ප්‍රදේශ සම්පූර්ණයෙන් වසා ඇති අතර මහනුවර මාතලේ ඒ 09 මාර්ගය අඹතැන්න කුඩුගල සිට බලකඩුව දක්වා වූ කොටසද වසා තිබේ. 30 March 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026