කන්දකාඩුවේ උපදේශකවරයා ගිය වෙළඳසැලක සේවිකාවන් 12ක් නිරෝධායනයට
කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ උපදේශකවරයා ගිය බව කියන, හික්කඩුව නලාගස්දෙණියේ රෙදිපිළි වෙළඳසැලක සේවිකාවන් 12 දෙනෙකු අද (12) ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගත් බව හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.