කුරුණෑගල රිමාන්ඩ් සිරිමැදිරියට ආ සැකකරු ළඟින් මත්කුඩු සොයාගනී
කෑගල්ල බන්ධනාගාරයට අයත් කුරුණෑගල අධිකරණ පරිශ්රයේ පිහිටි රිමාන්ඩ් සිරමැදිරියට ගෙන ආ සැකකරුවකු ළඟ සඟවා තිබියදී මත්කුඩු පැකට් දෙකක් , මත්පෙති 8 ක්, එම බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.