දැදුරුඔයෙනුත් විදුලිය දැදුරුඔය ජලාශයට අනුබද්ධ මෙගා වොට් 1.3 ක ධාරිතාවයකින් යුතු ජල විදුලි බලාගාරය අද (01) වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ සහ විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම යන මහත්වරුගේ ප්‍රධානත්වයෙන් විවෘත කළහ. 01 April 2021
නුවරඑළිය වසන්ත උදානය ඇරැඹෙයි නුවරඑළිය වසන්ත උදානය සමාරම්භක උත්සවය ග්‍රෙගරි වැව් ඉස්ම්තේ දී උත්කර්ශවත් අයුරින් අද ආරම්භ කෙරිණි. 01 April 2021
කොරෝනා අලුත් ප්‍රභේද සොයන්න පරීක්ෂණ කොරෝනා නව වයිරස ප්‍රභේද හඳුනාගැනීමේ පරික්ෂණ දෙවැනි වටය අද (1) ආරම්භ කෙරුණු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 01 April 2021
තවත් කඳුකර කොටියෙක් මද්දකට බිලි තලවකැලේ, ආගරපතන, බෝපත්තලාව, මැණික්පාලම ප්‍රදේශයේදී කම්බ් මදුවකට හසුව දැඩි ලෙස තුවාල ලබා රන්දෙණිගල පශු වෛද්‍ය ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කඳුකර කොටියා මිය ගිය බව වනජීවී නිලධාරීහු පවසති. 01 April 2021
මහ බැංකු තවත් නඩුවකින් රවී ඇතුළු පිරිසට ඇප මහ බැංකු බැඳුම්කර නිකුතුවකදී රජයට රුපියල් කෝටි 3698 වංචා කළැයි කියන සිද්ධියට අදාලව රිමාන්ඩ් බාරයේ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගමේ අධ්යක්ෂවරුන් ඇතුළු 11 දෙනා ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල බහුතර තීන්දුවකින් තීරණය කළේය. 01 April 2021
තිරිංග කැඩුණු ලොරිය ත්‍රිරොද රථය මතට පෙරළෙයි නුවරඑළිය - වැලිමඩ මාර්ගයේ හග්ගල ලොකු වංගුව ප්‍රදේශයේදී ලොරි රථයක් ත්‍රිරෝද රථයක් මතට පෙරළීමෙන් ත්‍රිරෝද රියේ ගමන් ගත් කාන්තාවන් තිදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. 01 April 2021
කොරෝනා තුන්වැනි රැල්ලක් ගැන සෞඛ්‍ය අංශ කලින් කියයි සිංහල හින්දු අලුත් අවරුදු සමයේ ජනතාව සෞඛ්‍ය නීති නිසියාකාරව නොපිළිපැද්දොත් කොරෝනා තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි. 01 April 2021
පරාක්‍රම සමුද්‍රයෙන් යල කන්නට දියවර මෙවර යල කන්නයේ වී වගාව සඳහා පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ ජලය නිකුත් කිරීම සුබ මොහොතින් අද (01) ආරම්භ කල බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි. 01 April 2021
පලස්තීනුවාගේ හැංගිමුත්තන් ඉවරයි වසර පහකට ආසන්න කාලයක් මෙරට හොර රහසේ රැඳී සිටි බව කියන පලස්තීන ජාතිකයකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පවසයි. 01 April 2021
කොරෝනා රෝහලෙන් සුබ ආරංචියක් අයි.ඩී.එච්.රෝහලේ කොරෝනා රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩු වී ඇතැයි එහි අධ්යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පවසයි. 01 April 2021
අල්ලස් නඩුවෙන් පා. මන්ත්‍රී සහ ප්‍රා.සභා මන්ත්‍රී නිදහස් කළුගල් බලපත්‍රයකට අනුමැතිය දීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ හතක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගම්පහ දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රි මිලාන් සජිත් ජයතිලක සහ දොම්පේ ප්‍රාදේශිය සභා මන්ත්‍රි අජිත් සිසිර කුමර යන දෙදෙනා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳ මහතා නියම කළේය. 01 April 2021
රායප්පු ජෝශප් විශ්‍රාමික රදගුරු තුමෝ ස්වර්ගස්ථ වෙති මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමෝ අද (01) අලුයම යාපනය රෝහලේදී ස්වර්ගස්ථ වූහ. 01 April 2021
මරදානේ පාළු නිවෙසකින් කෝටියක මත් කුඩු මරදාන ලොකට් පාරේ අතහැර දමා තිබූ නිවෙසක තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 78 ක ප්‍රමාණයක් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය විසින් අද (01) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ. 01 April 2021
රවී ඇතුළු හත්දෙනාට ඇප මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 07 දෙනාම රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය. 01 April 2021
අන්තවාදි මත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළ දෙකක් සැකපිට සහරාන් හසිම් නැමැත්තාගේ අන්තවාදී මත අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෝ දෙදෙනෙක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. 01 April 2021
වෙඩි වැදි විදුලි සේවකයකු මිය යෑමේ සිද්ධියට පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට අම්බලන්ගොඩ නිවසක් තුළදී විදුලබල මණ්ඩලයේ සේවකයකු වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රිවෝල්වරය සැපයූ බව කියන මීටියාගොඩ පොලීසියේ කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පවසයි. 01 April 2021
අද වැසි රහිත කාලගුණයක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (1) වැසි රහිත කාලගුණයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 01 April 2021
පෞද්ගලික රසායනාගාරයකින් දුන් වැරැදි රුධිර වාර්තාව උස්සලා වැරැදි රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාදී එය රෝගියාගේ ඇඳඉහපත් ගොනුවෙන් අස්ථානගත කළ සිදුවීමක් ගැන කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත. 01 April 2021
ශ්‍රී ලංකාව කඩුලු 8 ට 250 යි ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර ඇන්ටිගුවාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ බදාදා ක්‍රීඩාව නිමා වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8 ක් දැවී ලකුණු 250 ක් ලබා සිටියේය. 01 April 2021
අමාත්‍ය අනුකමිටු වාර්තාව ලබන සඳුදා ජනපතිට පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ සලකා බැලීමට පත් කෙරුණු අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව ජනාධිපතිවරයා බාරදීම ලබන 5 වැනි දා දක්වා කල් දමා ඇතැයි එම කමිටුවේ ලේකම්, ජනාධිපති නීති අධ්යක්ෂ ජනරාල් නීතිඥ හරිගුප්ත රෝහණධීර මහතා පවසයි. 01 April 2021
ඇමැති බන්දුලගේ සහන මල්ල අද සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 12ක් සහිතව රුපියල් 1000කට දෙන සතෝස සහන මල්ල අද (1) සිට සතොස වෙළෙඳසල්වලින් මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. 01 April 2021
තාත්තයි-පුතයි, දුවලා දෙන්නයි බෑණයි රිමාන්ඩ් යුරෝපා රටවල උසස් අධ්‍යාපනය සඳහා පිටත්කර යවන බවට පවසා පුවත්පත් දැන්වීම් පළකර රුපියල් කෝටි 30කට අධික වංචාවක් කළැයි කොළඹ වංචා විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් පියා දියණියන් දෙදෙනා ඇතුළු එකම පවුලේ පස් දෙනකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නොළුම්දෙණිය මහතා නියෝග කළේය. 01 April 2021
ගංගොඩවිල සෝම හිමියන්ගේ මව කළුරිය කරයි අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමියන්ගේ මෑණියන් වූ චාලට් වීරතුංගආරච්චි මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. 31 March 2021
ගිනිගත්හේනේ ඉඩමක කොස් ගස් 30ක් කපලා ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක කොස් ගස් 30 ක් කපා දැමිම සම්බන්ධයෙන් තම කාර්යාලය විධිමත් පරික්ෂණයක් ආරම්භ කර ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් රුවනි සිතාරා ගමගේ මහත්මිය කියා සිටී. 31 March 2021
බැසිල්ට එරෙහි ජී.අයි.බට නඩුව විභාගයට දින නියම කරයි 2015 ජනාධිපතිවරණ සමයේදී ප්‍රාදේශීය සභා අතර ජී.අයි. යකඩ බට බේදා හැර රජයට රුපියල් කෝටි 3 1/2කට අධික පාඩුවක් සිදු කිරීම සම්බණ්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමෙන්තුවේ හිටපු අධක්ෂක ජනරාල්වරයාට එරෙහි නඩුව සැප්තැම්බර් මස 27 වැනිදා සිට විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා අද (31) තීරණය කළේය. 31 March 2021
සමස්ත ලංකා සුවසේවා සේවකයෝ පාරට බති විශේෂ කොවිඩ් අනතුරු දීමනාව , වහා ලබාදෙන ලෙසත් උපස්ථායක ස්ථාන මාරු , ඇතුළුව පොරොන්දු වූ නිල ඇදුම් දීමනාව රුපියල් 12000 වහා ලබා දෙන ලෙස රජයට බලකරමින් සමස්ත ලංකා සුවසේවා සංගමය සංවිධනය කරන ද උද්ඝෝෂණයක් අද (31) කොළඹ ජාතික රෝහල ඉදිරිපිට පැවැත්විය 31 March 2021
දංකොටුවේ පොල්තෙල් බවුසර් දෙක රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට දංකොටුවෙන් අත්අඩංගුවටගත් පොල්තෙල් බවුසර් දෙකේ පොල්තෙල්වල ‘ඇෆ්ලටොක්සීන්’ නමැති පිළිකා කාරකය අඩංගු දැයි පරීක්ෂා කිරීමට පොල්තෙල් සාම්පල ශ්‍රී ලංකා ප්‍රමිති ආයතයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට යොමු කරන බව රේගු නිවාරණ අංශයේ ප්‍රධානී රේගු අධිකාරී, සේනක ඇරැව්පොල මහතා පවසයි. 31 March 2021
‘‘ස්පුටිනික්‘‘ එන්නත් ලක්ෂ හැත්තෑවක් ගන්න ගිවිසුම් ගතවේ රුසියාවේ නිෂ්පාදිත ‘‘ස්පුටිනික්‘‘ කොරෝනා මර්දන එන්නත් මාත්‍රා හැත්තෑ ලක්ෂයක් මිලදී ගැනීමට පියවරගෙන ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරි දිනුෂ දසනායක මහතා පවසයි. 31 March 2021
මාස 15ට පොලිසියේ 46ක් අනතුරුවලින් මරුට පොලිස් නිලධාරීන් 365 දෙනකු පසුගිය මාස 15දි රියඅනතුරුවලට ලක්ව ඉන් 46 දෙනකු මියගොස් ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි. 31 March 2021
1000 ගැසට්ටුව අත්හිටුවනවා ද නැද්ද තීන්දුව අප්‍රේල් 5 වතු කම්කරුවන්ගේ දෛනික අවම වැටුප රුපියල් 1000 ක් බව පත්කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවනවාද නැත්ද යන්න පිළිබද අතුරු නියෝගය සහ එම ගැසට් නිවේදනයට එරෙහි ගොනු කළ රිට් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද යන තීන්දුව ලබන අප්‍රේල් 05 වැනිදා ප්‍රකාශ කිරීමට අභියාචනාධිකරණය අද (31) තීන්දු කළේය 31 March 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026