මාස 10ට වාහන 250000 ගෙන්නලා
මෙම වසරේ පළමු මාස 10දී මෙරටට වාහන 250,000 ක් පමණ ආනයනය කර ඇති බවත් ඉන් රේගුව ඉපැයූ බදු ආදායම රුපියල් කෝටි 63,000 ක් බවත් ශ්රී ලංකා රේගුව ප්රකාශ කළේය. පසුගිය වසරේ පළමු මාස 10 ට සාපේක්ෂව එය සියයට 1000 කටත් වඩා වැඩි ප්රතිශතයකි.