දිවයින පුරා වෛද්‍යවරු 209කට කාරෝනා දිවයින පුරා වෛද්‍යවරු 209 දෙනකුට කාරෝනා ආසාදිත වී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. 19 August 2021
අස්ගිරි - මල්වතු මහා නාහිමිවරු රට වහන්නැයි ඉල්ලති කෝවිඩ් - 19 වයිරසයට සීඝ්රයෙන් පැතිර යැම වැළැක්වීම සඳහා සතියකට රට වහන්නැයි අස්ගිරි - මල්වතු මහා නාහිමිවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිති. 19 August 2021
කණ්ඩායම් 9කට පළාත් අතර ගමන් කිරීමට අවසර පළාත් අතර අතර ගමන් කිරීමට අවසර ලැබෙන කණ්ඩායම් 9 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද (19) ප්‍රකාශයට පත් කරනු ලැබීය. 19 August 2021
‘තලේබාන් ත්‍රස්ත කල්ලි ගැන ලංකාවත් අවදියෙන් සිටිය යුතුයි‘ ඇෆ්ගනිස්තානය ත්රස්තවාදීන්ට මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා නම් එයින් ලංකාවට සිදුවන බලපෑම වැළැක්වීමට ගතයුතු පියවර ගැන ආණ්ඩුවේ අවධානය යොමු විය යුතු අතරම ශ්‍රී ලාංකිකයන්ට ඇෆ්ගනිස්තානයට ගමන් කිරීම නතර කිරීමට ක්‍රියා කළ යුතුව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (19) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය. 19 August 2021
කොරෝනා දරුවන්ට රිජ්වේ ළමා රෝහලේ තවත් ඇදන් 225 ක් කෝවිඩ් ආසාදිතවන දරුවන් සඳහා කොළඹ ළමා රෝහලේ ඇදවල් 225ක් සූදානම් කර ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්. විජේසූරිය මහතා පැවසීය. 19 August 2021
කඩ වැසීම ගැන යුදහමුදාපති කතා කරයි සමහර නගරවල වෙළෙඳසල් ස්වෙච්ඡාවෙන් වැසුවත් ජනතාව වෙනත් ගම්වල වෙළෙඳසල්වලට ගොස් බඩුමුට්ටු ගන්නේ නම් එම වැඩපිළිවෙළ ප්‍රායෝගික නොවනු ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය. 19 August 2021
සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා සිට ඉහළට සියලුම බේකරි නිෂ්පාදනවල මිල ලබන සඳුදා (23 වැනිදා) සිට ඉහළ දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය. 19 August 2021
නිවසේ නිරෝධායන වන අයට හදිසි ඇමැතුම් අංක කෝවිඩ් රෝගින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිවෙස්වල කළමණාකරණය සඳහා යොමුකිරීමේ නව ක්රවේදයක් අද (19) සිට ආරම්භ කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 19 August 2021
හම්බන්තොටට නවීන මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් රුපියල් කෝටි 1150 ක මූලික ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට වරාය තුළ නවීණ මුහුදු යාත්‍රා නිපදවීමේ අංගනයක් පිහිටුවීම සඳහා සී හෝර්ස් යොට්ස් පුද්ගලික සමාගම සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පසුගියදා ගිවිසුමට එළඹිණි. 19 August 2021
“වෙන්ටිලේටර් දෙදහසක්වත් සූදානම් කරන්න’’ කොරෝනා වෛරස් විකෘති ප්‍රභේද වලට ඉදිරියේදී ගොදුරු වෙතියි අපේක්ෂා කරන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අඩුම තරමින් ශ්වසන ආධාරක උපකරණ(ventilators) දෙදහසක්වත් ඉදිරියේදී සූදානම් කර ගැනීමට රජය ක්‍රියා කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(19) පැවසීය. 19 August 2021
රටපුරා සාප්පු සංකීර්ණ විවෘත කිරීමට අවසර රටපුරා සාප්පු සංකීරණ සෞඛ්‍ය නිර්දේශ වලට අනුකූලව විවෘතව තැබීමට රජය යළි අවසර දී ඇත. 19 August 2021
රට වහන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයෝ ඉල්ලති සීඝ්රයෙන් පැතිර යන කොරෝනා වයිසරය පාලනය සඳහා රටට අගුලු දමන්නැයි ආණ්ඩුවේ පක්ෂ නායකයන් දස දෙනකු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත. 19 August 2021
හොංකොං රාජ්‍යය, ශ්‍රී ලංකාව අවදානම් රටක් ලෙස නම් කොරෝනා වයිරසය හේතුවෙන් ශ්‍රී ලංකාව අවදානම් සහිත රටක් ලෙස නම් කිරීමට හොංකොං රාජ්‍යය පියවර ගෙන ඇත. 19 August 2021
ගම්පහින් ආසාදිතයන් 2050ක් වාර්තා වෙයි ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (19) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 267 දෙනෙකු වන කොරෝනා ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති අතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 2050 දෙනෙකුත් හමුව ඇත. 19 August 2021
ජී.එල්.පීරිස් සතුටින් වසර හයකට පසු නැවත විදේශ අමාත්‍යාංශයට පැමිණීමට ලැබීම පිළිබඳව තමා සතුටු වන බව නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි. 19 August 2021
’’ඩෙල්ටා වයිරසය පිට පළාත්වලට තවමත් ලොකුවට රිංගා නෑ’’ ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය දිවයිනේ පිට පළාත්වල වසංගත ආකාරයෙන් තවමත් පැතිර ගොස් නැතැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි. 19 August 2021
ජනපති රෝහල්වල ධාරිතාව ගැන වාර්තා කැඳවයි රෝහල්වල උපරිම වශයෙන් තබාගත හැකි කොවිඩ් රෝගීන් සංඛ්‍යාව පිළිබඳව විස්තරාත්මක වාර්තාවක් වහාම දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී ඇත. 19 August 2021
මත් පෙති සමග තරුණයෙක් මාට්ටු විදේශ රටකින් නීති විරෝධීව ගෙනෙන ලද මත් පෙති 3000ක ප්‍රමාණයක් යතුරු පැදියකින් ප්‍රවාහනය කළ සැකකරුවකු කල්මුණේ දී විශේෂ කාර්ය බළකා භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 19 August 2021
පළාත් කීපයකට වැසි වාර කීපයක් බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (19) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 19 August 2021
නිරෝධායන නීති කැඩූ 229ක් අල්ලයි නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළ පුද්ගලයන් 229 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 August 2021
මැතිවරණ කොමසාරිස් ජනරාල්ටත් කොවිඩ් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාටද ඔහුගේ පවුලේ කිහිප දෙනෙකුට සහ එහි සේවකයන් දෙදෙනෙකුටද කොවිඩ් ආසාදනයවී ඇතැයි එම කොමිෂන් සභා ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත. 18 August 2021
පාර්ලිමේන්තුවේ කුස්සිය, ආපනශාලා සියල්ලත් වසයි කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුලුතැන්ගෙය සහ එහි ආපන ශාලා සියල්ල අද සිට හදිසියේම වසා දමනු ලැබීය. 18 August 2021
‘‘කොරෝනා පාලනයට වෙළෙඳ ප්‍රජාවගේ සහාය අගය කරනවා‘‘ කොරෝනා පැතිරෙන ප්‍රදේශවල වෙළෙඳ ප්‍රජාව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී තමන්ට සිදුවන පාඩුව පවා නොතකමින් ව්‍යාපාරික ස්ථාන වසා දමා කොරෝනා මර්ධනය සඳහා දුන් සහයෝගය තමන් මහත්සේ අගය කරන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පවසන්නීය. 18 August 2021
ගුරු වැටුප් ගැටළුවට විසඳුම් යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට ශ්‍රී ලංකා නිදහස් ගුරු සංගමය ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුව විසඳුමක් ලෙස කරුණු 10 කින් යුත් යෝජනාවලියක් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවට අද (18) පස්වරුවේ ඉදිරිපත් කළේය. 18 August 2021
මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ ‘කොවිඩ්’ ආසාදිතයකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තිලක් රාජපක්ෂ මහතා ‘කොවිඩ්’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. 18 August 2021
විද්‍යාත්මකව රට වහන්නැයි සෞඛ්‍ය සේවකයෝ ඉල්ලති මහජනතාව සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල කොවිඩ් රෝගයෙන් ආරක්ෂා කරගැනීම සඳහා දින 10ක කාලයක් විද්‍යාත්මකව රට වසා දමන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ නිහඬ විරෝධතාවයක් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට දී අද (18) පැවැත්විණි. 18 August 2021
කොවිඩ් මරණ 170ක් කොවිඩ් ආසාදිතවූ තවත් 170 දෙනකු ඊයේ (17) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (18) තහවුරු කළේය. 18 August 2021
කොවිඩ් මරණ සහ ආසාදිතයින් පාලනය කරන අයුරු දයාසිරි කියයි යම් කිසි කාලයකට රට වැසීම හෝ ඇඳිරිනීතිය පැනවීමක් සිදුකළහොත් කොවිඩ් මරණ සහ ආසාදිතයින් ඉහළයාමේ චක්‍රය පාලනය කරගැනීමට හැකිවන නිසා ඒ ගැන සාධනීයව කල්පනා කර බලන්නැයි තමන් රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. 18 August 2021
“කොරෝනා ප්රශ්නය වෛද්‍යවරුන්ට බාරදෙන්න’’ කොරෝනා ප්රශ්නය භාරකළ යුත්තේ අදෘෂ්‍යමාන දෙවිවරුන්ට නොව මිහිපිට දුෂ්‍යමාන දෙවිවරු වැනි වෛද්‍යවරුන්ට යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ. 18 August 2021
කොවිඩ් ආසාදිතයන් තව 2,428ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,428 දෙනකු අද (18) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 18 August 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026