ජනපති, ආපදා සහන පැකේජය මැති සබේ දී දිග හරියි රට යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළ ඉතා සැලසුම් සහගතව පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය. ජනතාවට ආධාර ලැබී නොමැති නම් තව මාස දෙකකින් ගෙයින් ගෙට ගොස් කරුණු සොයා බලන්නැයි විපක්ෂයට කී ජනාධිපතිවරයා දැනට ආපදා කළමනාකරණ කමිටුවට ගොස් සහාය දෙන්නැයි කීය. 19 December 2025
කෝටි 50000 පරිපූරක ඇස්තමේන්තුව සම්මතයි හදිසි ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි පනස් දහසක පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව අද සම්මත විය. 19 December 2025
”ලෙල්ලමට“ භාරකරුවෙකු පත්කරන්නැයි නියෝග මීගමුව ධීවර වෙළඳ මධ්‍යස්ථානයේ දේපල (”ලෙල්ලම”) පරිපාලනය සහ කළමණාකරණයට භාරකරුවෙකු පත්කරන ලෙස මීගමුව දිසා අධිකරණය ලබා දුන් අතුරු නියෝගය ස්ථීර කිරීමට මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය අද (19)තීන්දු කළේය. 19 December 2025
“විධායක බලතල රහිත ජනාධිපතිවරයකු පත් කරනවා“ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීමේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කර විධායක බලතල රහිත ජනාධිපතිවරයකු පත් කිරීමට කටයුතු කරනු ඇති බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය. 19 December 2025
පුස්සැල්ලාවේ වෙළදසැල් 07ක් නායයෑමේ අවදානමක ගම්පොළ නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ලාව නගරයේ වෙදළසැල් 7ක් නායයෑමේ අවදානමක් නිසා අද (19) දින වසා දමා එහි සිටි පුද්ගලයන් ඉවත් කිරිමට පියවර ගත් බව බව පුස්සැල්ලාව පොලිසියේ නිළධාරියෙකු පැවසීය. 19 December 2025
ග්‍රීන් කාඩ් අත්හිටුවයි ‘ග්‍රීන් කාඩ්’ වීසා වැඩසටහන අත්හිටුවීමට ඇමෙරිකන් ජනාධිපති ඩොලන්ඩ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. ‘ග්‍රීන් කාඩ්’ යනු ඇමෙරිකන් පුරවැසියකු නොවන අයකුට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය සඳහා ලබාදෙන නිල අවසර පත්රයයි. 19 December 2025
3I/ATLAS අබිරහස් වස්තුව පෘථිවිය අසලින් යයි අප සෞරග්‍රහ මණ්ඩලයට ඔබ්බෙන් ඈත අභ්‍යවකාශයේ සිට පැමිණ, සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක පසු කරමින් ආ අබිරහස් අභ්‍යවකාශ වස්තුව අද (19) පෘථිවිය අසලින් යමින්, පෘථිවිය පසු කරනු ඇත. 19 December 2025
17648කට ලක්ෂ පනහ ගානේ දෙනවා සම්පූර්ණයෙන් නාය ගිය සහ දැඩි නාය අවදානමක ඇති බව හඳුනාගත් නිවාස 17648ක් සඳහා රුපියල් ලක්ෂ පනහ බැගින් වන දීමනාව ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 December 2025
සාගරට එරෙහි නඩුවකට දින දෙයි මහජන රැළියකදී කරන ලද ප්‍රකාශයෙන් සිදුවූ අපහාසයට රුපියල් බිලියන දහයක වන්දියක් ගෙවන ලෙස ඉල්ලා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පොදුජන එක්සත් පෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් මහතාට එරෙහිව පැවරූ නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජනවාරි 30 දින ආරම්භ කිරීමට කොළඹ අතිරේක දිසා විනිසුරු සුමුදු වැරණියගොඩ මහතා අද (19) දින නියම කළේය . 19 December 2025
සිංහල අවුරුද්දට පෙර නුවරට කෝච්චි යවනවා පේරාදෙණිය පරණ කෝච්චි පාලම මාර්තු 31ට පෙර සාදා නිම කර සිංහල අලුත් අවුරුද්දට පෙර නුවරට කෝච්චි ගෙනියන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය 19 December 2025
’’සර් අයිවෝ හදපු එක ගොඩනැගිල්ලකටවත් හානිවෙලා නැහැ’’ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සර් අයිවෝ ජෙනිංග්ස් මහතා හදපු එක ගොඩනැගිල්ලකටවත් කාලගුණ ආපදාවෙන් හානි නොවූ බවත් එමගින් රටට ලොකු පාඩමක් කියා දෙන බවත් අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී අද (19) පැවසුවාය 19 December 2025
මහනුවර හන්තාන මාර්ගය නාය යයි මහනුවර දිස්ත්‍රික්කයට ඇතිවූ වැසි සහ නායයෑම් හේතුවෙන් මහනුවර හන්තාන උඩුවෙල මාර්ගයේ ස්ථාන කීපයක් ගිලා බැස නායයාමට ලක්ව තිබෙන බැවින් මෙම මාර්ගයේ රාත්‍රී කාලයේ වාහන පදවන රියදුරන් දැඩි විමසිල්ලෙන් රථ වාහන ධාවනය කල යුතු බව මහනුවර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඉන්දික රණවීර මහතා රියදුරු මහත්වරුන් දැණුවත් කරමින් පවසයි. 19 December 2025
ජනපති පාර්ලිමේන්තුවට රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ. 19 December 2025
සිංගනාගවිල්ලුව ගම්වැසියෝ ඉන්න තැනක් ඉල්ලයි දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවු ජල ගැලිමට මැදිවු වනාතවිල්ලුව කරතිව් සිංගනාගවිල්ලුව ගම්මානය අඩි 10 කට වැඩි ජල කදකින් මේ වන විටත් පිරි යාමේන් එම නිවාස වල පදිංචිව සිටි 50 කට ආසන්න පිරිස මේ වන විට එම ගම්මානයෙ සිට කිලෝ මිටර් දෙකකට ආසන්න දුරකින් පිහිටි මදර්සා පාසලක රැදි සිටියද එහි රැදි සිටිමට ඉඩ දී ඇත්තේ තවත් දින 15 ක් පමණක් බව එම පදිංචිකරුවෝ පවසති. 19 December 2025
බදුල්ල - අඹේවෙල අතර දුම්රිය ගමන් අරඹයි දිට්වා සුලි කුණාටුවත් සමග බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවු ආපදාවන් වලින් අනතුරුව ඇණහිට තිබු උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල අඹේවෙල අතර දුම්රිය ධාවනය දින 22කට පසුව අද (20) ආරම්භ වනබව දුම්රිය පාලක මැදිරිය පවසයි . 19 December 2025
රජයේ ඩිජිටල් ගෙවීම් බිලියන 2 පසු කරයි රජයේ ඩිජිටල් ගෙවීම් වේදිකාව වන GovPay 2025 වසරේදී සිදු කළ ඩිජිටල් ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මවා තිබේ. 19 December 2025
ජපන් ඉදිකිරීම් සමාගමකින් ලංකාවට යෙන් මිලියනයක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජපානයේ අසුනාරෝ අඕකි ඉදිකිරීම් සමාගම ජපන් යෙන් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ. 19 December 2025
වැස්ස වැඩි ප්‍රදේශවලට නාය අවදානම් මධ්‍යම කඳුකරය පුරා තව දුරටත් පවතින අධික වැසි තත්වය නිසා මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ තෙවන මට්ටමේ රතු නිවේදනය නිකුත් කළේය. 19 December 2025
හානි වූ ආගමික තැන් ඉක්මනින් හදයි ආපදාවෙන් හානි වූ ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන කඩිනම් ප්‍රතිසංස්කරණයට ලක් කරන බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හින්දුම සුනිල් සෙනෙවි මහතා පැවසීය. 19 December 2025
පහතරට එළවලු මිල වැඩිවෙලා දිට්වා සුලි කුණාටුවත් සමඟ වෙළදපොලේ උඩරට එලවලු වලට වඩා පහත රට එලවලු මිල සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව එළවලු තොග සහ සිල්ලර වෙලෙදුන් කියයි. 19 December 2025
රට ගොඩගන්න තනි මිනිසෙක්ගෙන් ලක්ෂ පනහක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට කෑගල්ලේ පී. එම්. ජයවීර මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් ලක්ෂ 50ක මූල්‍ය පරිත්‍යාගයක් කළේය. 19 December 2025
බෙල්ලනගේ මූලික අයිතිය කඩලා මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 19 December 2025
රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාගේ වැඩ තහනම් තහනම් කර තිබේ. 19 December 2025
’ඔන්ඩැන්සෙට්‍රෝන්’ එන්නත ගැන විධිමත් පරීක්ෂණයක් ඕනෑ ප්‍රමිතියෙන් තොර ඖෂධයක් ලෙස සැක කරමින් අත්හිටුවා ඇති ’ඔන්ඩැන්සෙට්‍රෝන්’ නමැති එන්නත සම්බන්ධයෙන් රෝහල් රසායනාගාරයක කළ පරීක්ෂණය පිළිබඳ විධිමත් විමර්ශනයක් ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට ලිපියක් යොමු කර තිබේ. 19 December 2025
රට ගොඩනගන්න සී.බී.එල් කෝටි දහයක් දෙයි දිට්වා සුළි කුණාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට CBL සමූහ ව්‍යාපාරය (CBL Group) රුපියල් මිලියන 100ක පරිත්‍යාගයක් කළේය. 19 December 2025
මරණ සහතික දෙන්නත් උත්සව තියලා රජය ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහන දෙන බව පැවසුවත් ජනතාවට මේ දක්වා කිසිදු වන්දියක් ලැබී නැති බව ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. 19 December 2025
පිහි ඇනුමකින් තුවාල වූ අයෙක් රෝහලේදී මරුට නාවල සේනානයක මාවත අසලදී මෝටර් රථයක් තුළ ඊයේ (18) දින රාත්‍රී දී සිදු වූ පිහි ඇනුමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි. 19 December 2025
බංගලාදේශය යළි ගිනි ගනී හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කළ තරුණ ව්‍යාපාරයේ ප්රමුඛ නායකයකු වු ෂරීෆ් ඔස්මාන් හාඩි ඊයේ (18 ) දින මිය යාමෙන් පසු බංග්ලාදේශයේ ප්‍රචණ්ඩකාරී තත්වයක් නැවත උද්ගතව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 19 December 2025
පස්සර -මඩොල්සිම මාර්ගයට ගලක් පෙරැළෙයි පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගය ට විශාල ගල්පර්වතයක් අද (19) උදෑසන කඩා වැටීමෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය මුලුමනින්ම ඇනහිට ඇතයි මඩොල්සිම පොලිසිය පවසයි . 19 December 2025
පළාත් කීපයකට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වල සහ පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රක්කවල විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක තරමක තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 19 December 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026