IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඩයලොග් ටෙලිවිෂන් දැයේ දූ දරුවන් අධ්‍යාපනයෙන් අඛණ්ඩව සවිබලගැන්වීමට Guru TV චැනලය සහ DP Education අධ්‍

 

 ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Pay TV ජාලය වන ඩයලොග් ටෙලිවිෂන් සමාගම  මේ තීරණාත්මක මොහොතේදී දැයේ දූ දරුවන්ට රූපවාහිනී මාධ්‍ය හරහා තම අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකරගත හැකි පරිදි ඩයලොග් ටෙලිවිෂන් Guru TV අධ්‍යාපන නාලිකාව හඳුන්වා දෙනු ලැබු අතර, දරුවන්ගේ ගණිත විෂය පිළිබඳ කුසලතාවයන් තවත් වැඩි දියුණු කිරීම සඳහා ඩයලොග් ටෙලිවිෂන් Channel ONE නාලිකාව ඔස්සේ  ‘DP Education’ වැඩසටහන හඳුන්වා දෙන ලදී.
 
කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තියත් සමඟ පාසල් වසා දැමීමට සිදුවීමෙන්,  අධ්‍යාපන කටයුතු අඛණ්ඩව සිදුකිරීමට මහත් පිටිවහලක් වන දුරස්ථ ඉගෙනුම් ක්‍රමවේදයන් සඳහා දැඩි ඉල්ලුමක් පවතින මොහොතක, ඩයලොග් ටෙලිවිෂන් විසින් තම සියලුම පාරිභෝගියන්ට කිසිඳු අමතර ගාස්තුවකින් තොරව Guru TV නාලිකාව හඳුන්වා දෙනු ලැබීය. විවිධ වයස් කාණ්ඩයන්ට අයත් පාසල් සිසුන්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් නිර්මාණය වූ Guru TV නාලිකාව 6 ශ්‍රේණියේ සිට අ.පො. සාමාන්‍යය පෙළ දක්වා පාසල් විෂය නිර්දේශයට අයත් විද්‍යාව, ගණිතය වැනි ප්‍රධාන විෂයන් සහ උසස් පෙළ සිසුන් සඳහා විද්‍යාව සහ වාණිජ විෂයන් අන්තර්ගත පාඩම් වැඩසටහන්වලින් සමන්විත වේ. එමෙන්ම මෙම පාඩම් වැඩසටහන් සිසුන්ට තම නිවෙස්වල සිට නවීන ඉගෙනුම් ක්‍රම ඔස්සේ ආකර්ෂණීය  අයුරින්  හැදෑරිය හැකි පරිදි Guru TV නාලිකාව පහසුකම් සලසා දී ඇත. තවද රටේ අනාගත අභිවෘද්ධිය ඉහළ නැංවීමේ අරමුණින් පාසල් විෂය නිර්දේශයෙන් ඔබ්බට ගොස්  විවිධ ප්‍රායෝගික පැතිකඩ පිළිබඳවද අවධානය යොමු කරන අධ්‍යාපනික වැඩසටහන් ඇතුළත් කර තිබීම, Guru TV නාලිකාවේ විශේෂත්වයකි. ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 22 ඔස්සේ Guru TV නැරඹිය හැකි අතර ඩයලොග් ටෙලිවිෂන් පාරිභෝගිකයන්ට තම ජංගම දුරකථනය ඔස්සේ  ViU App එක භාවිතයෙන් ඩයලොග් ජාලය තුළ කිසිඳු ඩේටා ගාස්තුවක් නොමැතිව, ඕනෑම තැනක සිට  Guru TV නැරඹිය හැක. තවද Rewind සහ  Catch- Up පහසුකම් ඔස්සේ මගහැරුණු වැඩසටහනක් නැවත නැරඹීමේ හැකියාව මෙන්ම Guru TV වැඩසටහන් නැවත - නැවත කැමති වාර ගණනක් නැරඹීමේ හැකියාවද පවතී.
 
ගණිතාංශයෙන් උසස් පෙළ හදාරන සෑම පාසල් සිසුවෙකුගේම ගණිත කුසලතාවය වර්ධනය කිරීම, ඔවුන්ගේ අධ්‍යාපනයේ සාර්ථකත්වය වෙනුවෙන් විශිෂ්ට ලෙස ඉගෙනීම සහ ගුණාත්මක දුරස්ථ අධ්‍යාපන ක්‍රමයේ සැබෑ පරිවර්තනයක් ඇති කිරීමේ අරමුණින් ආරම්භ කරන ලද, උසස් පෙළ පාසල් විෂය නිර්දේශයට අනුකූළ සංයුක්ත ගණිතය (Combined Mathematics)  පාඩම් මාලා සහිත  ‘DP Education’ වැඩසටහන, සතියේ සෑම දිනකම සවස  4:30 සිට  6:30 දක්වා ඩයලොග් ටෙලිවිෂන් - Channel ONE (චැනල් අංක 1) නාලිකාව ඔස්සේ කිසිඳු අමතර ගාස්තුවකින් තොරව හැදෑරීමේ හැකියාව පවතී. තවද සිසුන්ට  මෙම වැඩසටහන ස්මාර්ට් දුරකථනයකින් හෝ ටැබ් එකක් ඔස්සේ ViU App එක භාවිතයෙන් ඕනෑම තැනක සිට, ඩයලොග් ජාලය තුළ කිසිඳු ඩේටා ගාස්තුවක් නොමැතිව  හැදැරීමේ හැකියාවද පවතී.  


 
ඩයලොග් ටෙලිවිෂන් පිළිබඳව
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම, Pay TV ජාලය වන ඩයලොග් ටෙලිවිෂන් ලාංකීය රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට ලොව ප‍්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකා නැරඹීමේ අවස්ථාව උදා කරමින්, පාරිභෝගිකයින් වෙත උසස් වින්දනයක් ලබාදීමට කටයුතු කරයි. 1,500,000 අධික පාරිභෝගික සංඛ්‍යාවක් වෙත තම සේවා අත්දැකීම ලබාදෙන ඩයලොග් ටෙලිවිෂන් වෙතින් HD නාලිකා 10 ක් ඇතුළුව ක‍්‍රීඩා, සිනමා, අධ්‍යාපනික සහ විනෝදාත්මක නාලිකා 130 කට වැඩි ප‍්‍රමාණයක් රසවිඳීමේ හැකියාව පාරිභෝගික ඔබට හිමිවේ. මසකට රු.749/- ක් තරම් අවම ගාස්තුවකට පසුගෙවුම් සම්බන්ධතාවය ලබාගත හැකි අතර, පෙරගෙවුම් පාරිභෝගිකයින්ට දිනකට රු.8/- ක් වැනි මුදලක සිට පැකේජ ලබාගත හැකිවේ. 
 
සියලුම ඩයලොග් ටෙලිවිෂන් පාරිභෝගියින්ට ඕනෑම ස්මාර්ට් ජංගම දුරකථනයකින් හෝ ටැබ් එකක් මගින් ඉතා පහසුවෙන්  ViU App ඔස්සේ සජීවී නාලිකා (Live TV)  108 ක් දක්වා නොමිලේ නැරඹීමේ හැකියාව පවතින අතර, ViU App එක Google Play Store හෝ Apple App Store වෙතින් ඩවුන්ලෝඩ් කරගත හැක. Android තාක්ෂණයෙන් බලගැන්වෙන ඩයලොග් ටෙලිවිෂන් ViU Mini Stick උපාංගය ඔස්සේ නවීනතම Android TV සේවාවන් සිය පාරිභෝගිකයන්ට ලබාදෙන අතර මේ පිළිබඳ වැඩි විස්තර www.dialog.lk  වෙත පිවිසීමෙන් ලබාගත හැක.



අදහස් (4)

ඩයලොග් ටෙලිවිෂන් දැයේ දූ දරුවන් අධ්‍යාපනයෙන් අඛණ්ඩව සවිබලගැන්වීමට Guru TV චැනලය සහ DP Education අධ්‍

D MAMA Inoka Disa Nayka. Rikillagaskad Tuesday, 13 July 2021 08:22 PM

අපට ගොඩක් සතුටුයි ඔබ ආයතනය මෙම වැඩසටහන් ඉදිරිපත් කිරීම ගැන

:       0       1

D.M.Abhinath Prabhash Sunday, 25 July 2021 08:53 PM

මම 7 ශ්‍රේණියේ, මට මෙයින් ඉගෙන ගැනීමට අවශ්‍යයි. කරුණාකර එය කිරීමට මට උදව් කරන්න.

:       0       1

ANUJA Sunday, 01 August 2021 06:00 PM

ඔන්ලයින් පේපර්

:       0       1

කවිජ Thursday, 05 August 2021 11:46 AM

ලෙඩ

:       0       0

ඔබේ අදහස් එවන්න

You may also like

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ
2024 අප්‍රේල් මස 09 309 0

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness


ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers
2024 මාර්තු මස 14 1687 0

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම


හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ
2024 පෙබරවාරි මස 19 1536 3

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්


නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි
2024 පෙබරවාරි මස 13 918 0

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල


හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි
2024 පෙබරවාරි මස 12 509 1

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්


“වසන්තයේ හඬ·ස්වර්ණමය සිහිනය” නමින් යුන්නන් අන්තර්ජාතික වසන්ත උත්සව ප්‍රසංගය බංග්ලාදේශයේ
2024 ජනවාරි මස 21 584 0

2024 වසරේ “වසන්තයේ හඬ•ස්වර්ණමය සිහිනය” නමැති අන්තර් ජාතික වසන්ත උත්සව කලා ප්‍රසංගයට එක් වන ප්‍රාසාංගික කණ්ඩායම පසුගිය 17වනදා ඩකා නගරයේ බංග්ලාදේශ කලා ඇකඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site