(ඩේලිමේල් ඇසුරිණි-55)
වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයේ වගකීම බාරගන්නා බව අයි.එස්.අයි.එස් සංවිධානය අද (23) නිවේදනය කළේය. ප්‍රහාරය එල්ල කර ඇත්තේ බ්‍රිතාන්‍යයේ උපත ලැබූ කලීඞ් මසූඞ් නැමැති 52 හැවිරිදි පුද්ගයකු යැයි ද බ්‍රිතාන්‍ය පොලිසිය උපුටා දක්වමින් විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ බදාදා සිදුවු වෙඩි තැබීම් සහ පොලිස් නිලධාරියකුට පිහි පහර එල්ල කළේ අයි.එස් සොල්දාදුවකු බව අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයේ පුවත් සේවය වන ‘අමාක්’ පුවත් සේවය අද (23) වාර්තා කළේය.
එම බ්‍රිතාන්‍ය ජාතිකයා ගැන එරට බුද්ධි අංශ (එම්.අයි 5) මීට වසර පහකට පෙර තොරතුරු දැනගෙන සිටි බවත් ඔහු පිළිබඳ විමර්ශන කටයුතු කර ඇති බවත් අගමැතිනි තෙරේසා මේ අනාවරණය කළාය.
ඒ ගැන බී.බී.සි පුවත් සේවය වාර්තා කර තිබූ අතර මෑත කාලීන බුද්ධි අංශ විමර්ශන කටයුතුවලදී ඔහු සම්බන්ධයෙන් සැකයක් ඇති වී නැතැයි බ්‍රිතාන්‍ය අගමැතිනිය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇත.
පෙරේදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් අට දෙනකු අත්අඩංගුවට ගත් බව ද බ්‍රිතාන්‍ය පුවත් සේවා අද (23) වාර්තා කළේය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ලොව පැරැණිතම සහ වැඩිම ආරක්ෂාවක් සපයා ඇති පාර්ලිමේන්තුවක් යැයි ද සැලකේ.
මෙම ප්‍රහාරයෙන් පස් දෙනකු මියගිය අතර පනහකට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. ඔවුන්ගෙන් හත් දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
එම ප්‍රහාරය එල්ල වූයේ බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ප්‍රහාරය එල්ල වී වසරක් පිරෙන දිනයේදීය. එම ප්‍රහාරය වගකීම බාරගත්තේ ද අයි.එස් සංවිධානයයි. ඉන් 32 දෙදෙනක් ජීවිතක්ෂයට පත්වූහ.
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අයිඑස් සංවිධානය වෙස්ට්මින්ස්ටර් ප්‍රහාරයේ වගකීම බාරගනී
nuwan Friday, 24 March 2017 08:36 AM
මේ මල කුණ බාර ගන්නේ නැද්ද එතකොට ?