කාබුල්හිදීය (ඒ.එෆ්.පී)
ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි ‘ඉන්කොන්ටිනෙන්ටල්’ හෝටලයට එල්ල වූ ප්‍රහාරයෙන් පස් දෙනකු මියගොස් අට දෙනෙක් තුවාල ලැබූහ.
කාබුල් නුවර පිහිටි ‘ඉන්කොන්ටිනෙන්ටල්’ හෝටලයට කඩා වැදුණු තුවක්කරුවෝ හෝටලයේ නැවති සිටි පිරිස ප්‍රාණ ඇපයට ගත්හ. ඇෆ්ගන් ආරක්ෂක අංශ සහ තුවක්කරුකරුවන් සහ පැය 12කට ආසන්න කාලයක් වෙඩි හුවමාරු විය.
ප්‍රාණ ඇපයට ගෙන සියයට 100කට ආසන්න පිරිසක් මුදා හැරි බවත් පස් දෙනකු මිය ගොස් ඇති බවත් ඇෆ්ගන් බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
තුවක්කුකරුවන් හෝටලයට කඩා වැදුණේ සෙනසුරාදා (20) රාත්‍රියේදීය. අද (21) උදෑසනත් එක් තුවක්කරුවකු එහි සිටින බව ද වාර්තා විය. ඇෆ්ගන් ආරක්ෂා අංශ ඔහු අල්ලා ගෙන හෝටලය සම්පූර්ණයෙන්ම නිදහස් කරගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් දියත් කර තිබේ.
සෙනසුරාදා රාත්‍රියේ හෝටලයට කඩා වැදුණු තුවක්කුකරුවන් සිව්දෙනෙක් එහි සිටි විදේශිකයන්, අමුත්තන් ඇතුළු පිරිස ඉලක්ක කරගනිමින් හෝටලයේ නැවති සිටි පිරිස් ප්‍රාණ ඇපයට ගත්හ.
අද (21) ඉරිදා උදෑසන වනතෙක් කිසිවකුත් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන නොතිබිණි.
ආරක්ෂක අංශ හා තුවක්කු-රුවන් අතර ඇති වූ ගැටුම්වලින් තුවක්කුරුවන් තිදෙනකු මියගිය බවත් 150කට වැඩි පිරිසක් මුදාගත් බවත් තවත් වාර්තාවක දැක්විණි. මුදාගත් පිරිස් අතර විදේශිකයෝ 41 දෙනෙක් ද වූහ.
055
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්
ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද
යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කාබුල් නුවර ප්‍රහාරයකින් 5ක් මරුට