IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසි වාරය බෙයිජිංහිදී

13 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැයිවාරය බෙයිජිංහි දී ආරම්භ‍ වෙයි.

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීනයේ පක්ෂ සහ රජයේ නායකයෝ එම සැසිවාරයට සහභාගී වූහ.
 
ඊට එක්වූ සමස්ත නියෝජිතයින් සංඛ්‍යාව 2897 කි.
 
කොරොනා වසංගතය හේතුවෙන් චීන ජාතික මහජන කොංග්‍රසයේ වාර්ෂික සැසිවාරය වසර 22 කට පසු මැයි මාසයට කල් දැමූ පළමු අවස්ථාව මෙයයි.

ආරම්භක උත්සවයේදී සියලුම නියෝජිත‍යෝ ප්‍රථමයෙන්ම කොරොනා වසංගතය පරාජයට පත් කිරීමේදී දිවි පිදූ වීරවරයින් සහ වසංගතය හේතුවෙන් මියගිය අය වෙනුවෙන් නිශ්ෂබ්දතාවක් සුරැකූහ.
 
චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා සැසිවාරයට ගිය වසරේ චීන රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කළ අතර මෙම වසරේ කාර්ය වැඩසටහන් පිළිබඳ යෝජනා පරීක්ෂා කර සාකච්ඡා කිරීම සඳහා සැසිවාරයට ඉදිරිපත් කෙ‍රිණ.
 
නීති සම්පාදනයට සම්බන්ධ න්‍යාය පත්‍රය ද මෙවර සැසිවාරයේදී පරීක්ෂා කර සාකච්ඡාවට ලක් කෙරේ. සිවිල් නීති සංග්‍රහය පිළිබඳ කෙටුම්පත සහ හොංකොං විශේෂ පරිපාලන කලාපය ජාතිකාරක්ෂාව සහතික කිරීමේ නීති ක්‍රමය හා මෙහෙයුම් පද්ධතිය බිහි කිරීම පිළිබඳ තීන්දු කෙටුම්පත ද ඊට ඇතුළත් ය.
 
රජය සතු ව්‍යාපාර ප්‍රතිසංස්කරණ පිළිබඳ තුන්අවුරුදු ක්‍රමෙව්දය ක්‍රියාත්මක කිරීමට චීනය සූදානම් වන බව අද සාකච්ඡාවට ඉදිරිපත් කෙරුණු වසර 2020 චීන රාජ්‍ය කාර්ය වාර්තාව පවසයි.
 
මේ වසරේ චීනය නිෂ්පාදන කර්මාන්තයේ අධි‍ශ්‍රේණිකරණය සහ නව කර්මාන්ත සංවර්ධනය ඉදිරියට ගෙන යනු ඇතැයි චීන අග්‍රාමාත්‍ය ලි ක ච්‍යං මහතා රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් පැවසීය.
 
ඒ අතරම චීනය සියලුම දිළිදු ජනතාව දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට කටයුතු කරන අතර සෙසු දිළිදු කෝරළවල හා ගම්මානවල දුෂ්කරතා විසඳීමේ උත්සාහයන් තීව්‍ර කළ යුතු බව රාජ්‍ය කාර්ය වාර්තාව පවසයි.නව කොරොනා වසංගතයට මුහුණ දීම සඳහා විශේෂ රාජ්‍ය ණය බැඳුම්කර යුආන් ට්‍රිලියනයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවද  චීන අග්‍රාමාත්‍යවරයා කියා සිටී

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යාං මහතා  රාජ්‍ය කාර්ය වාර්තාව ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ චීනය එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කරගත් අන්තර්ජාතික නීතිය පදනම් වන ජාත්‍යන්තර පද්ධතිය හා ජාත්‍යන්තර පටිපාටිය ආරක්ෂා කරන අතර පොදු ඉරණමක් සහිත මානව  ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කරන බවයි.



අදහස් (0)

13 වන චීන ජාතික මහජන කොංග්‍රසයේ 3 වැනි සැසි වාරය බෙයිජිංහිදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1081 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site